top of page

Side Strain.

Vimukthi Chandula



Side strain යනු කුමක්ද?


Side strain යනු උදරීය මාංශපේශී බිඳීයාමකි. ප්‍රධාන වශයෙන් මෙය සිදුවන්නේ අභ්‍යන්තර උදර මාංශපේශී වලය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් (වේග පන්දු යවන්නන්), ගොල්ෆ් ක්‍රීඩකයින්, හෙල්ල විසි කරන්නන් සාමාන්‍යයෙන් Side strain ආබාධයෙන් පීඩා විඳී.

 

Side strain ආබාධය සඳහා හේතු මොනවාද?


️උදරීය අභ්‍යන්තර හෝ පිටුපස මාංශපේශීවල වේගවත් චලනය Side strain ආබාධය සඳහා ප්‍රධාන හේතුවයි. ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී, පන්දු යැවීම සහ විසි කිරීම ආශ්‍රිත චලනයන් මාංශපේශී ඇදීමට හේතුවන අතර එය මාංශපේශී බිඳීයාමට මඟ පාදයි.


අනෙකුත් පොදු හේතු පහත පරිදි වේ.


  • නිදන්ගත කැස්ස හෝ කිවිසුම් යාම

  • Sit-up ව්‍යායාමය

  • බර එසවීමේදී ඇතිවන ගැටළු

  • උදරීය මාංශපේශී ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවීම

  • ක්‍රීඩා ක්‍රියාකාරකම්(ක්‍රිකට්, ගොල්ෆ්, ටෙනිස්...)

 

Side strain ආබාධයේ රෝග ලක්ෂණ මොනවාද?


Side strain ආබාධයේ රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ආබාධයේ බරපතලකම මත රඳා පවතී. ආබාධයේ බරපතලකම සැලකිල්ලට ගනිමින් අපට ආබාධය ප්‍රධාන මට්ටම් තුනකට වර්ග කළ හැකිය.


  • පළමු මට්ටම - මාංශපේශී තන්තු කිහිපයකට පමණක් හානි සහිත සුළු මාංශපේශී බිඳී යාමකි.

  • දෙවන මට්ටම - මාංශපේශී අර්ධ වශයෙන් බිඳී යාමයි. මෙහිදී වැඩි මාංශපේශී තන්තු ප්‍රමාණයක් බිඳී යාම සිදුවේ.

  • තෙවන මට්ටම - මාංශපේශී සම්පූර්ණයෙන්ම බිඳී යාම හෝ පේශී කණ්ඩරාවෙන් මාංශපේශිය බිඳී යාමයි.


මට්ටම් තුනක් තිබුණත් බොහෝ පුද්ගලයන් පෙළෙන්නේ පළමු මට්ටමේ Side strain ආබාධයෙන් පමණි.

 

ඔබ පළමු මට්ටමේ Side strain ආබාධයෙන් පෙළෙන්නේ නම්, ඔබට පහළ පර්ශු අසල වේදනාව අත්විඳිය හැකිය. ඔබ මෙම වේදනාවෙන් පීඩා විඳී නම්, ඔබ Side strain ආබාධය උත්සන්න විය හැකි ක්‍රියාකාරකම්වල තවදුරටත් නොයෙදිය යුතුය.

 

 

ඔබ දෙවන හා තෙවන මට්ටමේ Side strain ආබාධයෙන් පෙළෙන්නේ නම්, ඔබට පහත රෝග ලක්ෂණ ඇති වේ.


  • චලනයේදී ඇතිවන තියුණු, හදිසි වේදනාව

  • මාංශපේශී හි සිදුවන ක්ෂණික, පාලනය කළ නොහැකි සංකෝචනය

  • ඉහළ සිරුරේ කොටස් චලනයේදී ඇතිවන වේදනාව

  • උදරයේ පාර්ශ්වික මාංශපේශී ස්පර්ෂයේදී ඇතිවන වේදනාව

  • ගැඹුරු හුස්මක් ගැනීම, කැස්ස හෝ කිවිසුම් යාමේදී ඇතිවන මාංශපේශි වේදනාව

  • ආබාධය සිදු වූ ස්ථානයේ ඇති තැලීම්

 

Side strain සඳහා ප්‍රතිකාර මොනවාද?


  • ️ඖෂධ - ඉදිමුම් තත්ත්ව සහ වේදනාව අඩු කිරීම සඳහා වෛද්‍යවරුන් ඖෂධ නියම කරයි.

  • ️ ප්‍රතිකාරයක් ලෙස විවේකය අත්‍යවශ්‍ය වේ. ඔබේ ශරීරයේ පාර්ශ්වික මාංශපේශී චලනය කිරීම හෝ ඇදීම සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු නොකළ යුතුය. මාංශපේශී සුව වීමට කාලය අවශ්‍ය වේ.

  • ️අයිස් තැබීම සහ උණුසුම් කිරීම - ප්‍රදාහක ප්‍රතිචාර සහ ගැඹුරු හා දිගුකාලීන වේදනාවන් සමනය කිරීමට ඔබට ice pack භාවිතා කළ හැකිය. දිගු වේලාවක් අයිස් භාවිතා කිරීම ඔබේ සමට හානි කළ හැකිය. එසේම, ආබාධය සිදු වූ ස්ථානයට ලැබෙන රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා එම ස්ථානයට තාපය ලැබෙන පරිදි hot pack භාවිතා කිරීම සිදු කළ හැකිය. මෙය මාංශපේශී නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අදාල ස්ථානයට කඩිනමින් ලබා දීමට කටයුතු කරයි. මෙම ice pack සහ hot pack භාවිතය භෞතචිකිත්සකවරයෙකුගේ අනුදැනුම යටතේ සිදු කළ යුතුය.

  • Back brace යෙදීම - Side strain back brace යෙදීම මඟින් ආබාධය සිදු වූ ස්ථානය සම්පීඩනය කරයි. මෙම සම්පීඩනය ඉදිමීම අඩු කර සුව වීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරයි.

  • ️ව්‍යායාම - සුව වීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ව්‍යායාම ඔබට උපකාර වනු ඇත. නමුත් එය භෞතචිකිත්සකවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.

  • ️මෙම ආබාධය සඳහා ප්‍රතිකාර කිරීමේදී භෞතචිකිත්සකවරුන්ගේ කාර්යභාර්යය අතිමහත් වේ.

 

 

Side strain ආබාධය ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?


  •  උදරීය මාංශපේශී ශක්තිමත් කිරීමෙන් ඔබට Side strain ආබාධය ඇතිවීම අවම කරගත හැකිය. උදරීය මාංශපේශී ශක්තිමත් කිරීම සඳහා ඔබට මාංශපේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම වල නිරත විය හැකිය.

  • ඔබ ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට පෙර, Side strain ආබාධය ඇතිවීම වළක්වා ගැනීම සඳහා නිසි ආකාරයෙන් ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම සහ මාංශපේශී ඇදීමේ ව්‍යායාම වල නිරත වීම සිදු කළ හැකිය. මේ සඳහා ඔබට භෞතචිකිත්සකවේදියෙකුගේ සහය හා උපදේශයන් ලබාගත හැක.

 

 

References:


https://www.vivehealth.com/blogs/resources/side-strain

https://p360.physio/condition/side-strain/

https://physioworks.com.au/pain-injury/thoracic-pain/side-strain-abdominal/

 

ෆස්මියා නූර්ධීන්

 

2 views0 comments

Comentarios


bottom of page