top of page

Spinal cord injury.

Vimukthi Chandula



Spinal cord injury යනු සුෂුම්නාව හෝ සුෂුම්නාවේ කෙලවර ඇති ස්නායු වලට සිදුවන කම්පන සහගත හානියකි. සුෂුම්නාවට හානි සිදුවූ පුද්ගලයෙකුට එහි උග්‍රතාව මත ඔහුගේ චාලක සහ සංවේදක ක්‍රියාකාරිත්වය අඩපණ විය හැක. සුෂුම්නාවට සිදුවන හානි අස්ථි බිඳීම, සම්පීඩන හෝ වෙනත් රෝගාබාධ නිසාවෙන් සිදුවිය හැක.


සුෂුම්නාවට සිදුවිය හාකි හානි ආකාර දෙකකි.


  • Incomplete lesions

සියලුම ස්නායු වලට හානි සිදු නොවන අතර ඇතැම් ස්නායු වලට පමණක් තරමක හානි සිදුවේ. සුෂුම්නාවට සිදුවන හානි අතරින් සුලභ වන්නේ මෙම ආකාරයයි. යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇත.

  • Complete lesions

ස්නායු වලට සම්පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර චාලක ආ සංවේදක ක්‍රියාකාරිත්වය නොමැත.


හේතු.


  • රථ වාහන අනතුරු

  • වැටීම්

  • ක්‍රීඩා අනතුරු

  • ප්‍රචණ්ඩත්වය

  • ස්වයං හානි

  • රැකියා ආශ්‍රිත අනතුරු

 

සුෂුම්නා හානි මූලික ඇගයීමේදී,


  • ️ස්වසන ක්‍රියාකාරිත්වය අඩපණ වීම,

  • රුධිර වහනය වීමේ ලක්ෂණ,

  • ️Paraplegia සහ Quadriplegia යන තත්වයන් හඳුනාගත හැක.


සුෂුම්නාවට හානි සිදුවීම නිසා ඇතිවන සංකූලතා වන්නේ,


  • ආනිත්‍රික හා මුත්‍රාශ ක්‍රියකාරිත්වයේ ගැටලු

  • ස්වසන අපහසුතා

  • Spasticity

  • ස්නායු රෝග වේදනාව

  • මාංශ පේශී ක්ෂයවීම සහ දුර්වල වීම.

 

සුෂුම්නා හානි හඳුනා ගැනීමේදී ස්නායු පටක නිරූපණය සඳහා MRI scan ද, කශේරුවේ අස්ථි බිඳීයාම් හඳුනා ගැනීමට Computed Tomography ද, CT scan මඟින් රුධිර වාහිනී වලට සිදුවන හානිද හඳුනාගත හැකිය.

 

භෞතචිකිත්සක කළමනාකරණය.


සුසුෂුම්නාවට සිදුවන හානි කළමනාකරණය අවධි 3 කට බෙදිය හැක. එනම්

  • Acute,

  • Sub acute හෙවත් පුනුරුත්ථාපන,

  • Chronic හෙවත් දිගු කාලීන වේ.


Acute අවධියේදී


ප්‍රධාන වශයෙන් ස්වසන සහ රුධිර සංසරණ සංකූලතා කළමනාකරණය සහ වළක්වා ගැනීම, චලනය සීමාකාරී වීම හේතුවෙන් ඇතිවන pressure ulcers, සංකෝචන  වැනි සංකූලතා අවම කිරීම සිදු කරයි.


මෙම අවධියේදී ප්‍රතිකාර වශයෙන්,


  • ස්නායුක මාංශ පේශී පවත්වා ගැනීමට,

  • ️සවිමත් කිරීමට සහ

  • ️මාංශ පේශී දුර්වල වීම වළක්වා ගැනීමට Strengthening ව්‍යායාම ඉවහල් වේ.

  • ️Resistance training මඟින් මංශ පේශී වල ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

  • ️අස්ථි බිඳීමේ ස්ථයිතාව මඟින් තීරණය කරනු ලබන සීමාවන් තුල සියලුම සන්ධි වල චලනයේ සම්පූර්ණ පරාසය පවත්වා ගැනීම සඳහා චලන පරාස ව්‍යායාම.

  • මාංශ පේශී ඇදීමේ ව්‍යායාම මඟින් මාංශ පේශී දිගු වීමටත්, තද බව අඩු කිරීමටත්, සංකෝචන සෑදීම්ස් වළක්වා ගැනීමටත් ඉවහල් වේ.

  • ️ස්වසන ව්‍යායාම පුහුණුව මඟින් වාතනය පහසු කරයි.

  • ️ඉරියව් සහ පිහිටීම් නිවැරදිකරණය මඟින් pressure ulcers ඇතිවීම වළක්වා ගත හැකිය.

  • ️සමබරතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යායාම

  • ️රෝගියා, පවුලේ සමාජිකයන් සහ කාර්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සහ උපකාරී වීම

  • පුනුරුත්ථාපන අවධියේදී ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ යහපැවැත්ම අරමුණු කරයි.


Paraplegic රෝගීන් සඳහා වඩාත් සුලභ භෞතචිකිත්සක මැදිහත් වීම වන්නේ, චලන පරාස, මාංශ පේශී ඇදීම සහ සවිමත් කිරීමේ ව්‍යායාම මඟින් රෝගියා පිහිටීම් මාරු කිරීම සිදු කරයි.


මෙම අවධියේදී සිදුකරන භෞතචිකිත්සක ප්‍රතිකාර වන්නේ,


  • Strengthening exercise

  • සමබරතාවය පුහුණුව

  • ඇවිදීමේ පුහුණුව

  • හෘද වාහිනී යෝග්‍යතාව වැඩිදියුණු කිරීම

  • වේදනාව කළමනාකරණය


දිගු කාලීන අවධියේදී  ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ ප්‍රජා සහභාගීත්වය සඳහා අවශ්‍ය ඉහළ මට්ටමේ සංචලතා ඉලක්ක සපුරා ගැනීම සහ ප්‍රතිසාධන ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම කෙරෙහිය.

 

References

https://www.physio.co.uk/what-we-treat/neurological/conditions/spinal-cord-injury.php


යශෝධා මදුරංගි.

4 views0 comments

Comments


bottom of page