top of page

නිදි උළුක්කුව.

Vimukthi Chandula


 

නිදි උළුක්කුව සාමාන්‍යයෙන් හදුනාගත හැක්කේ,


  • හිස පැත්තට හැරවීමට උත්සාහ කරන විට බෙල්ලේ ඇති වන වේදනාව, බෙල්ල චලනය කිරීමට අපහසු වීම යන ලක්ෂණ  මතයි. එය හිසරදය,බෙල්ලේ වේදනාව, උරහිස් වේදනාව සහ අත්වල වේදනාව සමගද ඇති විය හැක.

  • නිදි උළුක්කුව සහිතව අවදි වීම ඉතා අපහසු සහ අනපේක්ෂිත තත්ත්වකි.

  • මෙය තියුණු වේදනාවක් ඇති කිරීමට සහ ගෙලෙහි චලන පරාසය අඩු කිරීමට හේතු වේ.

 

නිදි උළුක්කුව සදහා හේතු.

 

නිදි උළුක්කුව සදහා වඩාත් සුලබ හේතුව වන්නේ බෙල්ලේ මාංශපේශී සහ සිනිඳු පේශි උළුක්කු වීමයි.

මීට අමතරව levator scapulae නම් මාංශපේශීය ද ආබාධයට ලක්වීමේ නැඹුරුතාවයක් ද ඇත. එය ගෙලෙහි පසුපස සහ  පැති වල පිහිටා ඇති අතර ග්‍රෛවී කශේරුකා සහ උරහිස සම්බන්ධ කිරීමටද දායක වේ.

මෙම levator scapulae මාංශපේශීය දිනපතා සිදුකරන පහත සදහන් ක්‍රියාකාරකම් වලදී උළුක්කුවට ලක්විය හැකිය.

 

  • ️ නුසුදුසු ඉරියව්වකින් නිදා ගැනීම.

  • ️ උචිත කොට්ටයක් භාවිත නොකිරීම.

  • ️ ගෙලෙහි හදිසි චලන.

  • ️ පරිඝණක භාවිතයේදී වැරදි ඉරියව් වල යෙදීම.

  • ️ ජංගම දුරකතන දෙස දිගු වේලාවක් බලා සිටීම.

  • ️ මානසික ආතතිය.

  • ️ දිගු වේලාවක් ඉහල බලා සිටීම.

  • ️ Whiplash ආබාධ.

  • ️ ක්‍රීඩා සම්බන්ධ අනතුරු.

 

මීට අමතරව පහත සදහන් ග්‍රෛවීය කශේරුකා වල ආබාධ නිසාද ගෙලෙහි මාංශපේශී තද බවට පත්විය හැකිය.

 

  • අන්තර් කශේරුක මඩල ලිස්සීම.

  • අන්තර් කශේරුක මඩල පරිහානි වීම.

  • ඔස්ටියෝආතරයිටිස්.

 

නිදි උළුක්කුවෙහි රෝග ලක්ෂණ.

 

  • ගෙලෙහි මාංශපේශී වල දැඩි බව.

  • ගෙලෙහි තියුණු වේදනාව.

  • ගෙලෙහි චලන පරාසය අඩු වීම.

  • ගෙල නිශ්චිත දිශාවකට චලනය කරන විට වේදනාව වැඩිවීම .

 

නිදි උළුක්කුව වලක්වා ගන්නේ කෙසේද?

 

සියලුම නිදි උළුක්කු තත්ත්වන් වලක්වා ගැනීමට ඉතා අපහසුය. නමුත් එය වර්ධනය වීම වලක්වා ගත හැකිය.

 

  • නිදාගැනීමට සුදුසු නිවැරදි ඉරියව්වක් භාවිතය.

  • නිවැරදි කොට්ටයක් භාවිත කිරීම.

  • පරිඝණකයේ වැඩ කිරීමේදී නිවැරදි ඉරියව් භාවිතය.

  • නිදාගැනීමට සුදුසු ස්ථානයක් භාවිතා කිරීම.

  • දිනපතා ව්‍යායාම වල නිරත වීම.

 

මෙම ආබාධය සදහා ප්‍රතිකාර කිරීමේදී භෞතචිකිත්සකවේදීන්ගේ කාර්යභාරය අතිමහත් වේ.


References.

https://www.spine-health.com/conditions/neck-pain/how-treat-stiff-neck-after-sleeping

https://www.healthline.com/health/neck-pain/waking-up-with-neck-pain#bottom-line

https://www.google.com/amp/s/www.spineuniverse.com/amp/50835


ශෙහාන් අකලංක.

1 view0 comments

Commentaires


bottom of page