top of page

තායි චි

Vimukthi Chandula

තායි චි යනු ඇදීම, ශක්තිමත් කිරීම සහ සමබරතාව පුහුණු කිරීම ආශ්‍රිත සාම්ප්‍රදායික චීන ව්‍යායාම ක්‍රමවේදයකි. මෙය සටන් කලාව මත පදනම් වන අතර මන්දගාමී චලනයන් සහ ගැඹුරු හුස්ම ගැනීමේ ක්‍රම ඇතුළත් වේ. තායි චි මගින් බොහෝ ශාරීරික හා මානසික ප්‍රතිලාභ ලබා දෙයි.

 




ඇදීමේ, ශක්තිමත් කිරීමේ සහ සමබරතාව පුහුණු කිරීමේ ව්‍යායාම කලාවක් ලෙස තායි චී චීනයේ වැඩි දියුණු විය. හුස්ම ගැනීම පුහුණු කිරීම, ශරීරය ලිහිල් කිරීම සහ මනස විශේෂිත ඉරියව්වලට නාභිගත කිරීම කෙරෙහි මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරේ. බර සම්ප්‍රේෂණය කිරීම සහ අත් පා චලනය කිරීම තායි චී හි කොටසක් වන අතර එමඟින් අවසානයේදී ප්‍රතිලාභ රැසක් ලබා දේ.

 

  • ආතතිය අඩු කරයි - තායි චි වල ඇති ප්‍රධාන වාසිය නම් ආතතිය හා සාංකාව අවම කිරීමේ හැකියාවයි

  • මනෝභාවය වැඩි දියුණු කරයි - ඔබ මානසික අවපීඩනයෙන් හෝ කනස්සල්ලෙන් සිටී නම් තායි චි ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

  • සුවදායි නින්දක් - නිතිපතා තායි චි පුරුදු වීම ඔබට වඩාත් සුවදායක නින්දක් ලබා ගැනීමට උපකාරී වේ.

  • වැඩිහිටියන්ගේ සංජානනය වැඩි දියුණු කරයි - සංජානන දුර්වලතා ඇති වැඩිහිටියන්ගේ සංජානනය තායි චි මගින් වැඩි දියුණු කළ හැකිය. විශේෂයෙන්ම, අවධානය යොමු කිරීම සහ සංකීර්ණ කාර්යයන් ඉටු කිරීම වැනි කුසලතා වැඩි දියුණු කිරීමට තායි චි උපකාරී වේ.

  • වැඩිහිටි පුද්ගලයින් තුළ වැටීමේ අවදානම අඩු කරයි - තායි චි සිරුරේ සමබරතාව සහ චාලක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වැඩිහිටියන් තුළ වැටීමට ඇති බිය අඩු කිරීමට උපකාරී වේ. සති 8 ක පුහුණුවෙන් පසු වැටීමේ සම්භාවිතාව තරමක් දුරට අඩු කළ හැකි අතර, සති 16 ක පුහුණුවෙන් පසු වැටීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. වැටීමට ඇති බිය නිසා ස්වාධීනත්වය සහ එදිනෙදා ජීවිතයේ ගුණාත්මක භාවය අඩු විය හැකි අතර වැටීම් බරපතල සංකූලතා වලට තුඩු දිය හැකි බැවින්, වැඩිහිටියන් තුළ ජීවයේ ගුණාත්මකභාවය සහ සාමාන්‍ය යහපැවැත්ම වැඩි කිරීම වැනි අතිරේක ප්‍රතිලාභ තායි චි මඟින් ලබා දේ.

  • ෆයිබ්‍රොමියල්ජියා (fibromyalgia) රෝග ලක්‍ෂණ අඩු කරයි - සමහර නිදන්ගත රෝග කළමනාකරණය සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේද තායි චි තුළ පවතී. තායි චි පුහුණුව මඟින් ෆයිබ්‍රොමියල්ජියා රෝග ලක්‍ෂණ අඩු කළ හැකිය.

  • COPD රෝග ලක්‍ෂණ අඩු කරයි - chronic obstructive pulmonary disease (නිදන්ගත පෙනහළු අවහිරතා රෝගය-COPD) හි සමහර රෝග ලක්‍ෂණ තායි චි අඩු කරයි.

  • කිරීටක හෘද රෝග සඳහා ආරක්ෂිත ව්‍යායාම ක්‍රමයකි - තායි චි යනු  හෘද රෝග පාලනය සඳහා යොදා ගත හැකි මධ්‍යස්ථ ව්‍යායාම ක්‍රමයකි. හෘද වාහිනී අබාධ තත්වයකින් පසුව නිතිපතා තායි චි ව්‍යායාම පුහුණු වීම මගින් පහත වාසි අත් වනු ඇත:

◻️ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම

◻️ශරීර බර අඩු කිරීම

◻️ඔබේ ජීවන තත්ත්වය උසස් කිරීම.


වැඩි පිරිසක් අවධානය යොමු නොකලද තායි චි යනු භෞතචිකිත්සක  ව්‍යායාම ක්‍රමයක් ලෙස නිර්දේශ කල හැකි පොදු තාක්‍ෂණික ක්‍රමවේදයකි. මෙය ස්වායු ව්‍යායාම ක්‍රමවේදයක් වන අතර මාංශ පේශි ශක්තිය, ශරීර සමබරතාවය සහ නම්‍යශීලී බව වැඩි කරයි.

 

භෞතචිකිත්සක නිලධාරීන් ජනතාව රෝග හා අබාධ  වලින් සුවපත් කිරීම සඳහා නව ක්‍රමවේදයන් පිළිබඳව ගවේෂණය කරයි. එය කෙතරම් දුෂ්කර ක්‍රියාවක් වුවද ජනතාවගේ යහපත් සෞඛ්‍යය උදෙසා භෞතචිකිත්සක නිලධාරීන් එය සිදු කරයි. තායි චි ව්‍යායාම භෞතචිකිත්සක නිලධාරීන්ට විවිධ අයුරින් සැකසීමෙන් පසු ප්‍රයෝජනයට ගත හැකිය. නිදන්ගත වේදනාවෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී එය විශේෂයෙන් වැදගත් වන ආරක්ෂිත සහ ඵලදායී ව්‍යායාමයකි.


පාකින්සන් රෝගීන්ට තායි චි යොදාගෙන ප්‍රතිකාර කිරීම භෞතචිකිත්සක නිලධාරීන් විසින් සිදු කරයි. තායි චි ප්‍රතිකාර ක්‍රම මගින් පාකින්සන් රෝගීන්ගේ සමබරතාවයේ දුර්වලතා අඩු කර, ක්‍රියාකාරී ධාරිතාවය වැඩිදියුණු කර,  වැටීම් අනතුරු ද  අඩු කරයි.

 

දිර්ඝකලීන වේදනාවන් සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කළ හැකි තායි චි ප්‍රතිකාර ක්‍රම දිර්ඝකලීන ඔස්ටියෝ ආතරයිටිස් වේදනාවට, කොන්දේ වේදනාවට සහ ඔස්ටියෝපොරෝසිස් සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදා ගත හැක. නිදන්ගත ඔස්ටියෝ ආතරයිටිස් වේදනාව සඳහා තායි චි ප්‍රතිකාර ක්‍රම මගින් සති 6 ක් ඇතුලත ප්‍රතිලාභ ලබා දෙන අතර, දීර්ඝ කාලයක් තායි චි ප්‍රතිකාර කිරීමෙන් වැඩි ප්‍රතිලාභ ලබා ගත හැකිය. ආඝාතයෙන් පීඩා විදින පුද්ගලයින්ගේ සමබරතාවය, අත් පා වල ක්‍රියාකාරිත්වය සහ ඇවිදීමේ හැකියාව වැඩි දියුණු කිරීම කෙරෙහි ද තායි චි ප්‍රතිකාර යොදා ගත හැකිය.

 

References

https://www.healthline.com/health/tai-chi-benefits


https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4960454/


https://pdhtherapy.com/2017/12/5-ways-physical-therapists-use-tai-chi-for-rehabilitation/

 

 අමල් ආදිත්‍ය.

9 views0 comments

Comments


bottom of page