top of page

හැඩ ලෙඩ දෙකම වැඩි අඩි උස පාවහන්

Writer's picture: Wephysio MFCWephysio MFC

අඩි උස සපත්තු ජනප්‍රිය විලාසිතා තේරීමක් වන අතර එය නිර්මාණය කර ඇත්තේ පාදය පහළට යොමු කර ඔබේ කකුලට ආකර්ෂණීය වූ පෙනුමක් ලබාදීම සඳහාය. අඩි උස සපත්තු පැළඳීම මානව සෞඛ්‍යයට අහිතකර බලපෑම් රැසක් ඇති කරයි. එය ඔබේ පාද, කොන්ද, දණහිස් හා කකුල් වල වේදනා, විරූපණයන් හා විවිධ බරපතල ගැටළු රැසක් ඇති කරයි. දීර්ඝ කාලීනව අඩි උස සපත්තු පැළඳීම මඟින් ශරීරයේ විවිධ කොටස් මත පීඩනයක් හා ආතතියක් ඇතිවෙයි.


අඩි උස සපත්තු පැළඳීමේදී සිදුවන්නේ කුමක්ද?


  • පාදයේ ඇඟිලි එකට ගොනුවීම.

  • ශරීරයේ බර, පාදයේ ඇඟිලි වලට පෙර පිහිටන පතුලේ කොටස (Ball of the foot) මතට යොමු වීම. මේ නිසා ඇවිදීමේදී වේදනාවක් ඇතිවේ.

  • අඩි උස සපත්තු මඟින් ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය තල්ලු කිරීම හා ශරීරයේ පෙළගැස්ම බිඳ හෙලීම සිදු කරයි.


ශරීර ඉරියව්ව


ශරීර ඉරියව්ව සහ අඩි උස පාවහන් මඟින් ශරීරයේ සමස්ත ස්කන්ධයේ කේන්ද්‍රය ඉදිරියට තල්ලු කරමින්, ඉන හා කොඳුඇට පෙළ සාමාන්‍ය පෙලගැස්මෙන් ඉවතට යවයි.

පුද්ගලයෙකු රෑම්පය (Ramp) මත ඇවිදින ආකාරයට යමින්, පාදයේ ඇඟිලිවලට පෙර කොටසට (Ball of the foot) පහල දෙසට පීඩනයක් ඇතිකරයි.


ශරීර බර හා අඩි උස පාවහන් ආශ්‍රිත පීඩනය


සපත්තුවේ අඩියේ උස අනුව එම පාවහන් මඟින් දැරිය හැකි බර තීරණය කරයි. අඩියේ උස වැඩිවීමත් සමඟ පාදය මත ඇතිවන පීඩනය වැඩිවේ.


  • අඩියෙහි උස අඟල් 3 - 76%

  • අඩියෙහි උස අඟල් 2 - 57%

  • අඩියෙහි උස අඟල් 1 - 22%



ශරීරයේ කොටස් මත අඩි උස සපත්තු බලපාන්නේ කෙසේද?


පාද


Hallux valgus


මෙම තත්ත්වයේදී පාදයේ මහපටැඟල්ල අනෙක් ඇඟිලිවල දිශාවට අපගමනය වීමක් සිදුවේ.


පාදයේ සමෙහි ඇතිවන රළු හා ඝන ප්‍රදේශ (Corns and Calluses)


විශේෂයෙන්ම පාදයේ ඇඟිලි වලට පෙර පිහිටන පතුල කොටසේ (Ball of the foot) සහ ඇඟිලි වල ඉහළ ප්‍රදේශයේ දැකගත හැකිය. මෙම ප්‍රදේශ මත නැවත නැවත ඇති වන පීඩනය මඟින් මේවා ඇතිවෙයි. පාදයේ විරූපණ තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන් corns තත්ත්වයෙන් පෙළෙයි. එයට හේතුව වන්නේ නැමුණු ඇඟිලිවල ඉහළ ප්‍රදේශය සපත්තුවෙහි ඉහළ හෝ දෙපස ප්‍රදේශ සමඟ ඇතිල්ලීම වේ.


Metatarsalgia


අඩි උස සපත්තු ඔබේ ශරීරයේ බර පාදයේ ඇඟිලි වලට පෙර පිහිටන පතුල කොටස (Ball of the foot) මතට තල්ලු කරයි. දීර්ඝ කාලීනව පැළඳීම මඟින් වළලුකර ආශ්‍රිත ඊට පහළින් පිහිටි සන්ධිවල (Metatarsal joint) වේදනාවක් ඇතිවේ.


Plantar fasciitis


විලුඹ මත ඇතිවන වේදනාව Plantar fasciitis ලෙස හැඳින්වේ.


Hammertoes


ඇඟිලි එකට ගොනු වීම Hammertoes ඇති වීම සඳහා දායක වෙයි. දෙවන, තෙවන, සිව්වන හෝ පස්වන ඇඟිලි නැමීමට ලක්වේ. මෙම තත්ත්වය බරපතල වුවහොත් වේදනාව සමනය කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වේ.


Haglund’s deformity or Pump Bump


Pump Bump යනු විලුඹෙහි පිටුපස ප්‍රදේශය මත ඇතිවන අස්ථිමය නෙරුමකි. දීර්ඝ කාලීනව අඩි උස සපත්තු පළඳින කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ. එය බිබිලි, Bursa හි ඇති වන ප්‍රදාහක තත්ත්ව (Bursitis) හා Achilles tendonitis යන තත්ත්ව ඇතිවීමට හේතුවේ.


Neuromas


ඇඟිලි කෙලින්ම එල්ල වන සපත්තු හා අඩි උස සපත්තු පැළඳීම නිසා වර්ධනය වන වේදනාත්මක තත්ත්වයකි.පාදයේ ස්නායු තෙරපීමකට හා ඉදිමීමක් ලක්වේ. විශේෂයෙන් මෙය සිදු වන්නේ පාදයේ තෙවන හා සිව්වන ඇඟිලි අතරය. බහුල රෝග ලක්ෂණ වන්නේ හිරිවැටීම, දැවිල්ල හා වේදනවයි.


වළලුකර


වළලුකරෙහි සිදු වන උලුක්කු වීම්


අඩි උස සපත්තු වළලුකරෙහි අස්ථාවරත්වය හා උලුක්කු වීම් සිදු වීමට ඇති හැකියාව වැඩිදියුණු කරයි. උලුක්කු වීම් සිදු වන්නේ බන්ධනි ඇදීමකට හෝ ඉරීමකට ලක් වූ විටය.


දණහිස්


උස සපත්තු පැළඳීම දණහිසේ ඇතුලත දාරය මත අධික පීඩනයක් හා ආතතියක් ඇති කිරීමට හේතු වේ. දණහිසෙහි ඇති වන ආතරයිටීස් වඩාත් සුලභව ඇති වන්නේ දණහිසෙහි මධ්‍ය ප්‍රදේශයේය. ඔස්ටියොආතරයිටිස් පුරුෂයන්ට වඩා කාන්තාවන් අතර වඩාත් සුලභ තත්ත්වයකි.


කකුල්


අඩි උස සපත්තු පැළඳ ඇවිදීමේදී පාදයේ මාංශපේශී වඩාත් ක්‍රියාකාරීවේ. පාදයේ පිටුපස මාංශපේශි කෙටි වීමකට හා තද වීමකට ලක්වේ. ඔබේ පාදයේ මාංශපේශි ඒ සඳහා අනුවර්තනය වන අතර මේ නිසා පැතලි අඩි සහිත සපත්තු පැළඳීමේදී අපහසුතාවයන් ඇතිවේ. පාදයේ මාංශපේශි මඟින් රුධිරය පොම්ප කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව අඩු කරන අතර එමඟින් පාදවල හා වළලුකරෙහි ඉදිමීම ඇති කරයි.


කොන්ද


කටී වක්‍රයේ වක්‍රතාව වැඩිවීමක් සිදුකරයි. තවද, කොන්ද ප්‍රදේශයේ මාංශපේශි වල ක්‍රියකාරීත්වය වැඩිදියුණු කිරීමේ ප්‍රවණතාවයක් ඇත. කොන්ද ප්‍රදේශය ඉදිරියට තල්ලු කිරීමක් සිදුවන අතර වළලුකර, දණහිස්, උකුල් හා කොන්ද ප්‍රදේශවල පෙළගැස්ම කෙරෙහි බලපෑම් ඇති කරයි. දුර්වල පෙළගැස්ම මාංශපේශී අධිභාවිතය හා කටීය ප්‍රදේශයේ වේදනා ඇති වීමට බලපායි.


අඩි උස සපත්තු පැළඳීම හා සම්බන්ධ තුවාල වීම්.


උස සපත්තු පාදය පහළට යොමු කරන අතර වළලුකර උලුක්කු වීම් හා හැරවීම පහසු කරයි. උස සපත්තු පැළඳීම ඔබේ ස්කන්ධ කේන්ද්‍රයටද බලපායි. මෙය සිදු වන්නේ ශරීරයේ සමතුලිත ලක්ෂ්‍යය ඉහළ තලයකට ගෙන ඒම මඟිනි. එවිට සපත්තු පළඳින්නා පසුපසට නැඹුරු වන අතර සමබරතාවය පවත්වා ගැනීමට පාදයේ මාංශපේශී බොහොමයක් බලය සපයයි. උස සපත්තු පැළඳීමෙන් සමබරතාවය බිඳ වැටීයාමට වැඩි අවදානමක් ඇත. පාදයේ හෝ වළලුකර ප්‍රදේශයේ උලුක්කු වීම් බහුලය. සමහර තත්ත්ව බරපතල වන අතර ශල්‍යකර්ම සිදු කිරීම අවශ්‍යවේ.


නිර්දේශ


උස සපත්තු පැලඳීමේදී ඇතිවන සමහර වේදනා හා තුවාල පහත පියවර මඟින් වළක්වා ගත හැකිය.


  • දිගු වෙලාවක් අඩි උස සපත්තු පැළඳ සිටීමෙන් වැළකී සිටීම.

  • ඇඟිලි කෙලින් එල්ල වන සපත්තු පැළඳීමෙන් වැළකීම.

  • අගල් දෙකකට වඩා උසින් අඩු පාවහන් පැළඳීම.

  • පුළුල් අඩියක් සහිත අඩි උස සපත්තු පැළඳීම.

  • පැළඳීමට පෙර හා පසු කකුලේ මාංශපේශී ඇදීමකට ලක් කිරීම.

  • පාදයේ ඇති වන වේදනාව අනතුරු ඇඟවීම් සංඥාවක් ලෙස හඳුනා ගැනීම.


අඩි උස සපත්තු පැළඳීම හා සම්බන්ධ පාදයේ ඇති වන ගැටලු සඳහා ප්‍රතිකාර


මෙහිදී ඇති වන පොදු ගැටළුව වන්නේ පාදයේ ඇති වන වේදනාවයි. මෙය භෞත චිකිත්සකවරයා විසින් ප්‍රතිකාර කරනු ලබන වඩාත් සුලභ මාංශපේශී තත්ත්වයකි.


  • පළදින සපත්තුවෙහි වෙනස්කම් සිදු කිරීම.

  • පෑඩින් කිරීම.

  • විකලාංග.

  • වේදනාව සමනය කරන ඖෂධ භාවිතය.


නෙත්මි රශ්මිකා


https://www.foothealthfacts.org/privacy


https://www.thespinehealthinstitute.com/news-room/health-blog/how-high-heels-affect-your-body


https://www.huffingtonpost.com.au/news/high-heels/


8 views0 comments

Comments


bottom of page