top of page

නිතර ඇසෙන දකින ක්‍රිකට් අනතුරු


මෙහිදී සුලබව සිදුවනුයේ ගැටීම් හා සම්බන්ධ නොවන අනතුරු වේ. මෙම අනතුරු සාමාන්‍යයෙන් සිදුවනුයේ දීර්ඝකාලීනව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හෝ කෙටි කාලීනව සිදුකරනු ලබන අධික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙසිනි. සරලව කිවහොත් මේවා අධික භාවිතය නිසා ඇතිවන අනතුරු වේ.


වෘත්තීය ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයින් හට මෙය විශේෂයෙන් ගැටලු සහගත වන අතර එහිදී ක්‍රීඩකයන් වෙහෙසකර තරග කාලසටහන් වලට සහභාගී වීමට සිදු වීම මෙයට හේතුවයි. විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ ආගමනයත් සමඟ ක්‍රීඩකයින් විසින් සිදුකළ යුතු වැඩ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අනතුරු සිදුවන අනුපාතය ද ඉහළ යමින් පවතී.


ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ භූමිකාව මත පදනම්ව, වේග පන්දු යවන්නන්ගෙන් 20.6% ක්, පිතිකරුවන්ගෙන් 7.4% ක්, දඟ පන්දු යවන්නන්ගෙන් 6.7% ක් සහ කඩුලු රකින්නන්ගෙන් 4.7% ක් අනතුරුවලට ලක්වී ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.


එබැවින්, ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර සිදුවන වඩාත් සුලබ අනතුරු කිහිපයක් දෙස බලමු.



Hamstring මාංශපේශි ඇදීම (Strains)


මෙම අනතුරු බොහෝ විට සිදුවන්නේ වේගයෙන් කෙටි දුරක් දිවීමේදීය.ක්‍රිකට් ක්‍රීඩාවේදී , වේගවත් පන්දු යැවීමේදී, පිතිකරුවෙකු ලෙස කඩුලු අතර දිවීමේදී හෝ පන්දු රැකීමේදී මෙය සිදු විය හැකිය. මේ සඳහා ඇති ප්‍රධාන අවදානම් සාධක අතර වේගවත් පන්දු යවන්නෙකු වීම සහ T- 20 වැනි කෙටි කාලීන අධි ක්‍රියාකාරී ක්‍රීඩාවල නියැලීම ඇතුළත් වේ.


වේගවත් පන්දු යැවීම.


වේගවත් පන්දු යවන්නෙකු වීම අවදානම් සාධකයක් වන්නේ වේගය සහ පන්දු යැවීමේ වාර ගණන නිසාය.


ක්‍රිඩා පිටියේ බිම් ප්‍රමාණය.


අපේ බොහෝ ක්‍රීඩාංගණ සාමාන්‍යය ප්‍රමාණයට වඩා විශාල බැවින් එල්ලවන 4 සහ 6 පහර ප්‍රමාණය අඩු වේ. ඒහේතුවෙන් ක්‍රීඩකයන් විසින් වේගයෙන් දිවිය යුතු කෙටි දුර ප්‍රමාණය වැඩිවේ.


කෙටි ආකෘති ක්‍රිකට්.


කෙටි කාලීන අධි ක්‍රියාකාරී ක්‍රීඩා ස්වරූපය නිසා Hamstring මාංශපේශි ඇදීම (Strains) වල වැඩි වීමක් දක්නට ලැබේ. සමහර විට වේගවත් පිතිකරණයේ ,තීව්‍රතාවයේ වැඩි වීම මෙයට හේතු විය හැකිය.


වළක්වා ගැනීම.


ව්‍යායාම මඟින් මාංශපේශි ක්‍රම ක්‍රමයෙන් ශකිතිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෘදු පටක සම්බාහනය සහ කටු චිකිත්සාව (Dry Needling) වැනි චිකිත්සාවන් වේදනාව පාලනය කිරීමට සහ පටක බිඳවැටීම වැළැක්වීම සඳහා ඵලදායී වේ. Taping බොහෝ විට Hamstring මාංශපේශි ඇදීම (Strains) අඩු කිරීම සඳහා භාවිතා කරයි.


Ankle Sprains (වළලුකර උළුක්කු)


වළලුකර ආශ්‍රිත බන්ධනී අධික ලෙස ඇදීමට ලක්වීම මෙහිදී සිදු වේ. වැරදීමකින් පන්දුව පෑගීමට ලක් වීමෙන් හෝ වැරදි පිහිටුමක පාදය තැබීමෙන් හෝ වළලුකර පෙරළී යාමෙන් මෙය සිදුවිය හැකිය.


වළක්වා ගැනීම.


මෙය අනතුරේ බරපතලකම මත රඳා පවතින නමුත් මුලදී RICER (විවේකය, අයිස්, සම්පීඩනය, උන්නතාංශය සහ යොමු කිරීම) මූලධර්මය භාවිතා කළ යුතුය. මෙය භෞතචිකිත්සකවරුන් විසින් සිදු කරනු ලබයි. මෘදු පටක චිකිත්සාව, සන්ධි සචලනය සහ කටු චිකිත්සාව (Dry Needling), ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා හා වේදනාව පාලනය කිරීමේ මාර්ග ලෙස භාවිතා කළ හැකිය.


Shoulder Injuries (උරහිස් තුවාල)

ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙය ඇතිවන්නේ පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීය. විසි කිරීම වැනි අත ඔලුවට ඉහළින් ඔසවා සිදුකරන ක්‍රියාකාරකම් වලදී, උරහිසේ කාර්යභාරය වන්නේ බලය උත්පාදනය කිරීම සඳහා පහළ පාද සහ කඳ ඔස්සේ අත් වලට බර සම්ප්‍රේෂණය කිරීමයි. මෙම කාර්යය අතරතුර Rotator Cuff මාංශ පේශි උරහිසේ ගතික ස්ථායිතාව සපයන අතර, ක්‍රිකට් ක්‍රීඩාවේදී, Rotator Cuff කණ්ඩරාවලට සිදුවන අනතුරු විශේෂයෙන් දක්නට ලැබේ.


ක්‍රිකට් ක්‍රීඩාවේ උරහිස් ආබාධයට සම්බන්ධ අවදානම් සාධක අතරට අධික පුහුණුවීම් ප්‍රමාණය, උර තල (Scapula) වල යාන්ත්‍රණය වෙනස් වීම් සහ චලන පරාසයේ අඩුබව ඇතුළත් වේ.


Lumbar Stress Fractures ( කටී ප්‍රදේශයේ ආතති අස්ථි බිදුම් )


වේගයෙන් පන්දු යවන්නන් තුල දක්නට ලැබේ. වේගවත් පන්දු යවන්නන් අධික ලෙස කඳ එක් පසෙකට නැමීම, අධික උරහිස් භ්‍රමණය හා පන්දු මුදා හැරීමේදී අධික ලෙස ශ්‍රෝණි භ්‍රමණය මේ සඳහා අවදානම් සාධක වේ.


වළක්වා ගැනීම


පන්දු යැවීමේ සැසි අතර සුදුසු විවේකයක් ලබා ගැනීමට ක්‍රීඩකයන්ට ඉඩ දිය යුතු අතර MRI හි දැකිය හැකි අස්ථි ආතති ප්‍රතික්‍රියාවක් ඇත්නම් වහාම පන්දු යැවීම නතර කළ යුතු අතර විශේෂඥ (Expert) උපදෙස් ලබා ගත යුතුය.


භෞතචිකිත්සකවරයකුට, ඔවුන්ගේ රෝග විනිශ්චය කිරීමේදී කිසියම් අසමතුලිතතාවයක් හෝ ක්‍රීඩා තාක්ෂණයේ ක්‍රමයේ ගැටළු ඇත්නම් ඒවා හඳුනා ගැනීමට හැකි වේ. හඳුනාගත් ගැටළු සඳහා පුද්ගලයාට ගැලපෙන ව්‍යායාම වැඩසටහනක් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කෙරේ. මෙය ආබාධයෙන් සුවය ලැබීමට පමණක් නොව, පන්දු යැවීමේ හැකියාව වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.


Contusion (තැලීම්)


Contusions ලෙස පොදුවේ තැලීම් හඳුන්වනු ලැබේ. කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔබට තැලීමක් අවතක්සේරු කළ නොහැක.


සාමාන්‍යයෙන් මේවා සිදුවන්නේ පන්දුවකින් පහර වැදුණු විටයි (අධික වේගයෙන්).


තැලීම් වර්ග 3 ක් ඇත - සම, මාංශ පේශි සහ අස්ථි ලෙසට වේ.

සම හා මාංශ පේශි ආශ්‍රිත තැලීම් වේදනාත්මක වුවද අයිස් හා විවේකයෙන් ප්‍රතිකාර කළ හැකිය. මෙය අස්ථියක සිදු වූ විට නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආධාරක (Brace) අවශ්‍ය වේ.


වළක්වා ගැනීම.


ශරීර ආවරණ (Body Padding ), අත්වැසුම්, පා ආවරණ, යටිබාහු ආවරණ, සහ මුහුණු ආවරණයක් සහිත හිස් ආවරණ සියල්ලම පන්දුවෙන් වැදිය හැකි පහරක් අවම කර ගැනීමට උපකාරී වේ.


ඉසුරු ධනංජය


References


https://www.peak-physio.com.au/sports-physiotherapy-classic-cricket-injuries-physio-treatment/


https://complete-physio.co.uk/cricket-injuries/

bottom of page