top of page

Torticollis.

Vimukthi Chandula



මෙම තත්ත්වය twisted neck හෝ wryneck ලෙසද හැඳින්වේ. මෙය බෙල්ලේ මාංශ පේශි සම්බන්ධ ගැටලුවකි. බෙල්ලේ දෙපැත්තෙහි පිහිටි Sternocleidomastoid මාංශපේශි වලින් එක මාංශ පේශියක් පමණක් කෙටි වීම සහ එහි පේශි තානය වැඩි වීම නිසා පේශිය ප්‍රතිවිරුද්ධ පැත්තට භ්‍රමණය වීමත් සමඟ හිස ප්‍රතිවිරුද්ධ පැත්තට නැමීම මෙහිදී සිදුවේ.


ළදරුවෙකුට උපතේදීම මෙම තත්වය ඇති වුවහොත්, එය congenital muscular torticollis ලෙස හැඳින්වේ. එය වඩාත් සුලබ torticollis වර්ගයයි.

උපතින් පසු ළදරුවන්ට ද මෙම තත්ත්වය වර්ධනය විය හැකිය. එවිට එය සංජානනීය නොව Acquired torticollis ලෙස හැඳින්වේ. මෙම තත්වය වෙනත් වඩාත් බරපතල ගැටළු වලට සම්බන්ධ විය හැක.


අලුත උපන් බිළිඳුන් අතර හමුවන තුන්වන වඩාත් සුලභ සංජානනීය මාංශ පේශි පද්ධතිය සම්බන්ධ ගැටලුව මෙයයි. මෙය අලුත උපන් බිළිඳුන්ගෙන් 0.3 සිට 16% දක්වා පිරිසක් තුල දක්නට ලැබේ.

 

Torticollis ඇති වීමට බලපාන හේතු සාධක.


  • මේ සඳහා නිශ්චිත හේතුවක් වාර්තා වී නොමැත.

  • සංජානනීය torticollis සඳහා බෙල්ලේ මාංශ පේශිවලට තුවාල වීම සහ ගර්භාෂය තුල කළලයේ පිහිටීමේ වැරදි හේතු විය හැකිය.

  • Acquired torticollis සඳහා වෛරස් ආසාදනයකින්, තුවාලයකින් හෝ දැඩි චලනයකින් ගෙලෙහි බන්ධනී වලට සිදුවිය හැකි හානි හේතු විය හැක.

මීට අමතරව පහත කරුණු ද හේතු වේ.


  • ️වැරදි ඉරියව්වක නිදා ගැනීම.

  • ️උපතේදී බෙල්ලේ මාංශ පේශි තුවාල වීම.

  • ️පිළිස්සුම් තුවාල.

  • ️දැඩි කැළලක් හෝ මාංශ පේශි හැකිලීමට හේතු වන ඕනෑම තුවාලයක්.

 

Torticollis රෝග ලක්ෂණ මොනවාද?

 

️ළදරුවන් තුළ පළමු සති 6 හෝ 8 තුළ අසාමාන්‍ය ලක්ෂණ  කිසිවක් දැක ගත නොහැක. ළදරුවෙකු හිස සහ බෙල්ල එසවීමට පටන් ගත් පසු රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වේ.

️මෙහි රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වේ. වඩාත් පොදු රෝග ලක්ෂණ පහත දැක්වේ.

 

  • දරුවාගේ හිස එක පැත්තකට ඇලවීමත් සමඟ ඔවුන්ගේ නිකට විරුද්ධ උරහිසට යොමු කරයි. Torticollis සහිත ළදරුවන්ගෙන් 75% ක් පමණ දකුණු පැත්තෙහි මෙම තත්ත්වය ඇති වේ.

  • ඔවුන්ගේ හිස පහසුවෙන් දෙපැත්තට හෝ ඉහළට සහ පහළට හැරෙන්නේ නැත.

  • දරුවාගේ බෙල්ලේ මාංශ පේශිවල මෘදු ගැටිත්තක් දැනිය හැක. මෙය භයානක නොවන අතර, සාමාන්‍යයෙන් මාස 6 ක් ඇතුළත පහව යයි.

  • දරුවා ඔබ දෙස උරහිසට උඩින් බැලීමට කැමැත්තක් දක්වයි. ඔවුන්   හිස හරවා ඔබ දෙස නොබලයි.

  • ඔවුන් එක් පැත්තකින් මව්කිරි බීමේ අපහසුතාවක් දක්වන අතර එක් පැත්තකින් පමණක්  කිරි බීමට කැමැත්තක් දක්වයි.

  • දරුවා හිස ඔබ දෙසට හැරවීමට මහන්සි වේ. ඔවුන්ගේ හිස සෑම පැත්තකින්ම හරවා ගැනීමට වෙහෙසෙයි. නමුත් චලනය දුෂ්කර වේ.

  • ඔවුන් නිතරම එක ඉරියව්වක වැතිර සිටීමෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තකින් පැතලි හිසක් ඇති වීමට පටන් ගනී. මෙය "positional plagiocephaly" ලෙස හැඳින්වේ.

 

Torticollis සම්බන්ධ භෞතචිකිත්සාවේ කාර්යභාරය.

 

භෞතචිකිත්සාව මූලික පෙළේ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සලකනු ලැබේ. එය ඉක්මනින් ආරම්භ කරන තරමට, ගෙලෙගි සාමාන්‍ය හැකියාවන් වේගවත් වන අතර, වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකිවේ


Education

අධ්‍යාපනය, මගපෙන්වීම සහ සහයෝගය තුලින්  දරුවන්ට ඉන් මිදීමට දෙමාපියන් දැනුවත් කිරීම සහ ඔවුන්ව ධෛර්යමත් කිරීම භෞතචිකිත්සකවේදින් විසින් සිදු කරයි.

බලපෑමට ලක් වූ පැත්තට බෙල්ල භ්‍රමණය කිරීම ප්‍රවර්ධනයට කිරීමට සහ බලපෑමට ලක් වූ පැත්තට හිස ඇල කරන  ඉරියව් සහ හැසිරවීමේ කුසලතා පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කරයි.

 


References

https://www.webmd.com/parenting/baby/what-is-torticollis

https://www.google.com/amp/s/www.hopkinsmedicine.org/health/conditions-and-diseases/torticollis-wryneck%3famp=true

 

අමල් ආදිත්‍ය.

2 views0 comments

Comments


bottom of page