top of page

Trendelenburg's gait.

Vimukthi Chandula


Trendelenburg's gait යනු කුමක්ද?


  • Trendelenburg's gait ,බොහෝ දුරට උකුලේ මාංශපේශී වල ඒකපාර්ශ්වික දුර්වලතාවයක් නිසා ඇතිවේ . මෙම දුර්වලතාවය superior gluteal ස්නායුවට හානි වීම හෝ 5 වන කටී ප්‍රදේශයේ කොඳු ඇට පෙළේ තුවාලයක් (5th lumbar spinal lesion )සිදුවීම හේතුවෙන් ඇති විය හැක. මෙම තත්ත්වයේදී පුද්ගලයාගේ සිරුරේ බලපෑමට ලක් වූ පැත්තේ බර දරා ගැනීමට අපහසු වේ.

  • සාමාන්‍ය ඇවිදීමේ, stance අදියරේදී (ඇවිදීමේදී පාද දෙකම පොළොව මත ඇති අවස්ථාව) පාද දෙක වෙන වෙනම ශරීරයේ බරෙන් අඩක් බැගින් දරා සිටී. swing අදියරේදී එක් පාදයක් (පාදයක් පමණක් පොළොව මත ඇති අවස්ථාව ) ඔසවන විට, අනෙක් පාදය ශරීරයේ මුළු බරම දරා ගනී. ඇවිදීමේ stance අදියරේදී, පුද්ගලයාගේ උකුල, බර උසුලන පාදය පැත්තෙන් පහළට නැඹුරු වන අතර බර උසුලන්නේ නැති පාදය පැත්තෙන් ඉහළට ගමන් කරයි.

  • නමුත් උකුලේ මාංශ පේශිවල දුර්වලතාවයක් ඇති විට, උකුල බර උසුලන්නේ නැති පාදය පැත්තෙන් පහළට ගමන් කිරීමට නැඹුරු වේ. මෙම බලපෑම අඩු කිරීමට උත්සාහ කිරීමේදී, පුද්ගලයාගේ බලපෑමට ලක් වූ පැත්තේ කඳේ පාර්ශ්වීය ඇලවීමක් සිදු වේ.

Tredelenburg's gait හි ලක්ශණ මොනවාද?

  • Trendelenburg's gait හි ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඇවිදීමේදී එක් පාදයක් ඉහලට ඔසවා ඉදිරියට ගෙන යන විට,එම පැත්තේම ශ්‍රෝණිය පහතට වැටී පිටතට ගමන් කිරීමයි. මෙයට හේතුව වන්නේ අනෙක් පාදයේ hip abductors මාංශ පේශි සිරුරේ බර දරා ගැනීමට නොහැකි තරම් බොහෝ දුර්වල වීමයි.

  • ඇවිදීමේදී පුද්ගලයෙකුගේ බර දරා ගැනීමට නොහැකි තරම් උකුලේ මාංශ පේශි දුර්වල නම්, ඔවුන් පැත්තෙන් පැත්තට ගමන් කිරීමක් පෙන්නුම් කරයි. මෙය කොර ගැසීමක් හෝ පියවරක් අතපසු වීමක් සිදු වනවා සේ පෙනෙන්නට හැකිය.

  • පුද්ගලයාගේ උකුල අසමාන ලෙස එහා මෙහා ගමන් කරන විට සමතුලිතතාවය නැතිවීම හේතුවෙන් , එය මඟ හරවා ගැනීම සඳහා , ඇවිදින විට පුද්ගලයා පසුපසට හෝ පැත්තට නැඹුරු වීමක් හෝ පාද එකිනෙක පැටලීම වළක්වා ගැනීම සඳහා සෑම පියවරකදීම තම පාදය පොළොවෙන් ඉහළට තරමක් ඔසවා තැබීම පෙන්නුම් කරයි.

මෙම Trendelenburg's gait සඳහා හේතුව කුමක්ද ? අවදානමට ලක්ව ඇත්තේ කවුද?

️ බොහෝ විට, මෙම තත්ත්වය ශාරීරික ක්‍රියාකාරකම් අතරතුරදී උකුලේ මාංශ පේශි වෙහෙසට පත්වී දුර්වල වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වේ. Gluteus මාංශපේශීන් ශක්තිමත් කිරීම සඳහා සිදු කරන ව්‍යායාම ද මෙයට හේතුවක් විය හැක.

️ මෙම ඇවිදීම සම්පූර්ණ උකුල් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයකින් පසුවද ඇති විය හැක. මෙහිදී, gluteus medius මාංශ පේශිය කැපීමක් සිදු කරන නිසා එම මාංශපේශිය දුර්වල විය හැකි අතර පුද්ගලයා මෙම ඇවිදීමට නැඹුරු වීම සිදු වේ.


️ විශේෂයෙන්;

  • Gluteus minimus හා medius යන මාංශ පේශි හරහා ගමන් කරන ස්නායු හානියක් හෝ අක්‍රිය වීමක් සිදු වීම.

  • ඔස්ටියෝ ආතරයිටිස්( සන්ධිවල කාටිලේජ ක්ෂය වීමට පටන් ගන්නා විට ඇතිවන ආතරයිටිස් වර්ගයකි)

  • Poliomyelitis( මාංශ පේශී දුර්වල කරන පෝලියෝ වයිරසය හා සම්බන්ධ තත්වයකි)

  • *Cleidocranial dysostosis (අස්ථි නිසි ලෙස වර්ධනය නොවීමට හේතු විය හැකි උපතේ සිට පවතින තත්වයකි.)

  • Muscular dystrophy (කාලයත් සමඟ මාංශ පේශි සහ අස්ථි දුර්වල වීමට හේතු වන තත්වයකි)

  • Hemiplegic මස්තිෂ්ක අංශභාගය( hemiplegic cerebral palsy).

Trendelenburg's gait හඳුනා ගන්නේ කෙසේද?

  • බොහෝ අවස්ථාවන්හිදී, එක් පාදයක් හෝ දෙකම එසවීමේදී උකුලේ සිදුවන අසාමාන්‍ය චලනය Trendelenburg's gait හඳුනා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලබා දේ.

  • මෙම තත්ත්වය හඳුනා ගැනීම සඳහා භෞතචිකිත්සකවේදියා Trendelenburg පරීක්ෂණය භාවිත කරයි. මෙය සිදු කිරීම සඳහා, එක් පාදයක් අවම වශයෙන් තත්පර 30ක් ඔසවාගන සිටින ලෙසට රෝගියාට උපදෙස් දෙයි. එක් පාදයක් ඔසවන අතරතුර රෝගියාගේ උකුල පොළොවට සමාන්තරව තබා ගැනීමට නොහැකි නම්, එය Trendelenburg's gait හි ලක්ෂණයක් විය හැකිය.

  • වෛද්‍යවරයා/භෞතචිකිත්සකවේදියා gluteus minimus හෝ medius මාංශපේශී දුර්වලතාවයට හේතු හඳුනා ගැනීමට ඔවුන්ගේ උකුල් ප්‍රදේශවල x-කිරණ ඡායාරූපද ද භාවිතා කරයි.

  • Trendelenburg's gait හඳුනා ගැනීමට හෝ තහවුරු කිරීමට හොඳම ක්‍රමය X-කිරණ වේ.

භෞතචිකිත්සක ප්‍රතිකාර සහ කළමනාකරණය.


  • මේ සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස ඔස්ටියෝපති හැසිරවුම් ප්‍රතිකාර (Osteopathic manipulative treatment ) යොදා ගනී.

  • මෙම ප්‍රතිකාර වල ප්‍රධාන අරමුණ වන්නේ, උකුලේ මාංශ පේශි (hip abductors) ශක්තිමත් කිරීමයි.

References:-

https://www.healthline.com/health/trendelenburg-gait

https://www.ncbi.nlm.nih.gov/books/NBK541094/


මෙත්නි දහනායක

3 views0 comments

Comments


bottom of page