top of page

පළමු කාණ්ඩයේ දියවැඩියාව

Vimukthi Chandula

පළමු කාණ්ඩයේ දියවැඩියාව ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව ලෙස ද හැඳින්වෙන අතර එහිදී ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්, අග්න්‍යාශයේ ඇති ඉන්සියුලින් හෝර්මෝනය නිපදවන බීටා සෛල විනාශ කිරීම සිදුවේ. ඉන්සියුලින් හෝර්මෝනය යනු ග්ලූකෝස් සෛල තුලට ඇතුලු වීම හා එමගින් ශක්තිය නිපදවීම සිදුකරන එන්සයිමයකි. පළමු කාණ්ඩයේ දියවැඩියාව යනු අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීම නවතාලන නිදන්ගත තත්වයකි. මෙය සාමාන්‍යයෙන් ළමා වියේදී හෝ නව යොවුන් වියේදී දක්නට ලැබුනද එය වැඩිහිටියන් තුළද වර්ධනය විය හැකිය.





ඇතිවීමට හේතු.


මෙම පළමු වර්ගයේ දියවැඩියාවට නිශ්චිත හේතුවක් නොදන්නා අතර සාමාන්‍යයෙන්, ශරීරයට ඇතුලුවන හානිකර බැක්ටීරියා හා වෛරස් විනාශ කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වැරදීමක් ලෙස මෙම අගන්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කිරීම සිදුවේ.


මීට බලපාන වෙනත් හේතු ලෙස,


  • ️ ජානමය තත්ත්ව හා

  • ️ වෛරස් හා වෙනත් පාරිසරික සාධක වලට නිරාවරණය වීම දැක්විය හැකිය.

පලමු කාණ්ඩයේ දියවැඩියාවෙන් අග්න්‍යාශයේ බීටා සෛල වලට හානි වූ විට ඉන්සියුලින් නොමැති වීම නිසා ග්ලූකෝස් සෛල වලට යාම නවතී. ඒ වෙනුවට ග්ලුකෝස් රුධිරයේ එකතුවේ. මෙය රුධිර ග්ලූකෝස් මට්ටම ඉහල යාමට හේතු වේ.

මෙමගින්,


  • විජලනය; රුධිර සීනි මට්ටම වැඩිවූ විට වැඩිපුර මූත්‍ර පිටවීම සිදුවේ. එම මූත්‍ර සමග ජලය විශාල ප්‍රමාණයක් පිටතට යන අතර විජලනය ඇතිවේ.

  • බර අඩුවීම; අධික ලෙස මූත්‍ර පිටවන විට ඒ සමග යම් කැලරි ප්‍රමාණයක්ද පිටවේ. අධික සීනි සහිත පුද්ගලයින්ගේ බර අඩු වන්නේ එබැවිනි.

  • කීටොඅම්ල නිපදවීම; සෛල වලට ප්‍රමාණවත් තරම් ග්ලූකෝස් නොලැබෙන විට මේදය බිඳ හෙළමින් සෛල වලට ශක්තිය ලබා ගනී.මෙමගින් කීටෝන නිපදවේ. මෙම අම්ල විෂ සහිත වන අතර නිසි ප්‍රතිකාර නොමැති වුවහොත් ජීවිත අවදානමක් ඇති කරයි.

  • ශරීරයට හානි වීම; කාලයත් සමග රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල යාම මගින් ඇස්, වකුගඩු, හෘදයේ ස්නායු වලට හා කුඩා රුධිර නාල වලට හානි වීම සිදු වේ. එමෙන්ම මෙහිදී හෘදයාබාධ හා ආඝාතයට තුඩු දිය හැකි ධමනි දැඩි වීම හා ධමනි සිහින් වීම වැනි තත්ත්ව ඇති කරයි.

අවදානම් සාධක.


  • පවුල් ඉතිහාසය; මෙම තත්ත්වය ඇති දෙමව්පියන් හෝ සහෝදර සහෝදරියන් සිටින ඕනෑම පුද්ගලයෙකුට රෝගය වැළඳීමේ අවදානමක් ඇත.

  • ජානමය තත්ත්ව; යම් ජානමය තත්ත්ව ද රෝගය වැළඳීමේ අවදානම වැඩිකරයි.

  • භූගෝලීය තත්ත්ව; සමකයෙන් පිටතට යනවිට මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩිකරයි.

  • වයස; ඕනෑම වයස් කාණ්ඩයකට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකි නමුත් වයස අවුරුදු 4-5 හා 10-14 අතරදී මෙය ඇතිවීමේ අවදානම වැඩිය.

රෝග ලක්‍ෂණ


  • අධික පිපාසය

  • කුසගින්න වැඩිවීම

  • තොල් කට වියළීම

  • උදරයේ ආබාධ හා වමනය

  • වැඩි වාර ගණනක් මූත්‍ර පිටවීම

  • අනපේක්ෂිත ලෙස බර අඩුවීම

  • තෙහෙට්ටුව

  • දෘෂ්ටිය බොඳවීම

  • හුස්ම ගැනීමේ අපහසුතා

  • සම, මූත්‍ර මාර්ගය, යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන

  • මනෝභාවය වෙනස් වීම

  • දරුවන්ට නින්දේදී මූත්‍ර පිටවීම.

භෞතචිකිත්සක නිලධාරීන්, මෙම රෝගීන්ට

ආරක්ෂිත හා ඵලදායී ව්‍යායාම වැඩසටහන් වලට සහභාගී වීමට,


◽ අධික ලෙස රුධිරය පීඩනය වැඩිවන දැඩි ව්‍යායාම වලින් වැළකීමට සහාය වේ.

◽ එමගින් ඔවුන් හට රුධිර සීනි මට්ටම අඩු කරගැනීමට, චලන පරාසයන් වර්ධනය කරගැනීමට සහ එදිනෙදා වැඩකටයුතුවලදී ඇතිවන වේදනාවන් අවම කරගැනීමට හැකිවේ.


References: -

https://www.mayoclinic.org/diseases-conditions/type-1-diabetes/symptoms-causes/syc-20353011

https://www.webmd.com/diabetes/type-1-diabetes


Githmi Bandara

7 views0 comments

Comments


bottom of page