top of page

දෙවන කාණ්ඩයේ දියවැඩියාව

Vimukthi Chandula

දෙවන වර්ගයේ දියවැඩියාව පුද්ගලයින් අතර බහුලවම දක්නට ලැබෙන දියවැඩියා ආකාරයයි. දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ මැදි වයසේ පසුවන සහ වයස්ගත පුද්ගලයින්ට ය. එය වැඩිහිටි දියවැඩියාව ලෙස ද හැඳින්වේ. නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ළමුන් හා නව යොවුන් වියේ අයටද බලපාන අතර, ප්‍රධාන වශයෙන් ළමා වියේ තරබාරුකම නිසා ඇති වේ.දෙවන වර්ගයේ දියවැඩියාවේදී ඔබේ ශරීරයේ සෛල වලට ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වේ. රෝගයේ පසු අවධියේදී ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වේ. මෙමගින් පාලනයකින් තොරව රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ යයි.ඒ නිසා බරපතල සංකූලතා ඇති විය හැක.




හේතු


දෙවන වර්ගයේ දියවැඩියාවේදී ඔබේ සෛල තුළට ග්ලූකෝස් ගෙන ඒම සඳහා ඉන්සියුලින් භාවිතා කිරීමට ඔබේ ශරීරයට නොහැකි වේ. මෙය විවිධ රෝග ලක්‍ෂණ ඇති කළ හැකි දාම ප්‍රතික්‍රියාවකි.


  • ජාන- ඔබේ ශරීරයේ ඉන්සියුලින් නිපදවන ආකාරය කෙරෙහි බලපාන විවිධ DNA කොටස් ඇත.

  • අධික බර- අධික බර හෝ තරබාරුව ඉන්සියුලින් ප්‍රතිරෝධයට හේතු විය හැක.

  • පරිවෘත්තීය සින්ඩ්‍රෝමය- ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති පුද්ගලයින්ට බොහෝ විට රුධිර ග්ලුකෝස් මට්ටම අධික වීම, ඉණ වටා මේදය අධික වීම, අධික රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ ඇතිවීමට හැකියාවක් ඇත.

  • අක්මාවෙන් නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීම- රුධිර සීනි මට්ටම අඩු වූ විට ඔබේ අක්මාව මඟින් ග්ලූකෝස් නිපදවයි. ආහාර ගැනීමෙන් පසු ඔබේ රුධිර සීනි මට්ටම ඉහළ යන අතර ඔබේ අක්මාව සාමාන්‍යයෙන් රැධිර ග්ලුකෝස් මට්ටම අඩු කිරීමට එහි ග්ලූකෝස් ගබඩා කර තබයි. නමුත් සමහර අයගේ අක්මාව දිගින් දිගටම ග්ලූකෝස් ගබඩා නොකරයි.

  • බිඳුණු බීටා සෛල- අධික රුධිර සීනි මට්ටම මගින් ඉන්සියුලින් නිපදවන අග්න්‍යාශයේ ඇති බීටා සෛල වලට හානි කළ හැකිය.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම් සාධක


  • වයස 45 හෝ ඊට වැඩි

  • පවුල් පසුබිම- දෙමාපියන්,සොහොයුරන් දියවැඩියාව රෝගයෙන් පෙළෙයි නම්

  • පූර්ව දියවැඩියා තත්ත්ව

  • හෘද හා රුධිර වාහිනී රෝග

  • අධි රුධිර පීඩනය

  • අඩු HDL කොලෙස්ටරෝල්

  • ඉහළ ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණය

  • අධික බර

  • ව්‍යායාම නොකිරීම

  • දුම්පානය කිරීම

  • ආතතිය

  • අඩුවෙන් හෝ ඕනෑවට වඩා නිදා ගැනීම

රෝග ලක්ෂණ


  • ️ නිරන්තර කුසගින්න

  • ️ ශක්තිය නොමැතිකම

  • ️ තෙහෙට්ටුව

  • ️ බර අඩුවීම

  • ️ අධික පිපාසය

  • ️නිතර නිතර මූත්‍රා කිරීම

  • ️ වියළි මුඛය

  • ️ සමේ කැසීම

  • ️ පෙනීම අඩු වීම


රුධිරයේ ග්ලූකෝස් මට්ටම දිගු කාලයක් තිස්සේ ඉහළ මට්ටමක පැවතුනහොත් පහත රෝග ලක්‍ෂණ ඇති විය හැකිය


  • යීස්ට් ආසාදන

  • සෙමින් සුව වන කැපුම් හෝ තුවාල

  • සමේ අඳුරු පැල්ලම්

  • පාදයේ වේදනාව

  • හිරිවැටීම


වැළැක්වීමට නම්,

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් ඔබට දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කර ගත හැකිය.


  • බර අඩුකර ගන්න-ඔබේ බරෙන් 7% සිට 10% දක්වා අඩු කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩකින් අඩු කළ හැකිය.

  • ක්‍රියාකාරී ලෙස ජීවත්වන්න-දිනකට විනාඩි 30 ක් පමණ වේගයෙන් ඇවිදීම ඔබට රෝගය ඇති වීමේ අවදානම තුනෙන් එකකින් පමණ අඩු කරයි.

  • සමබල ආහාර වේලක් ලබාගන්න-අධික ලෙස සකසන ලද කාබෝහයිඩ්‍රේට්, සීනි සහිත බීම සහ ට්‍රාන්ස් සහ සංතෘප්ත මේද ආහාරයට ගැනීමෙන් වළකින්න. රතු පැහැති සහ සැකසූ මස් ආහාරයට ගැනීම සීමා කරන්න.

  • දුම්පානය නතර කරන්න.



භෞතචිකිත්සක කළමනාකරණය


◽භෞතචිකිත්සකවරයකු හට දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් සඳහා ව්‍යායාම වැඩසටහන් ඵලදායී ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි වේ. අඩු රුධිර සීනි මට්ටම පවත්වා ගැනීමට සහ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීමට නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය වේ.


References

https://www.webmd.com/diabetes/type-2-diabetes. https://www.healthline.com/health/type-2-diabetes.


Dasith Gamage

4 views0 comments

Comments


bottom of page