top of page

UPPER CROSSED SYNDROME (UCS)


අප විසින් පවත්වාගනු ලබන දුර්වල ඉරියව් වල ප්‍රතිඵලයක් ලෙස බෙල්ලේ, උරහිස්වල සහ පපු ප්‍රදේශයේ මාංශ පේෂීන් විරූපනයට ලක් වීමෙන් මෙම Upper Crossed Syndrome (UCS) තත්ත්වය ඇතිවේ.


මෙහීදි මාංශපේෂීන් අතිශයින් වෙහෙසට පත්වීම හා අධික ලෙස ක්‍රියා කිරීම සිදු වේ. එවිට පපු ප්‍රදේශයේ ඇති මාංශ පේශි (Pectoralis major සහ Pectoralis minor) තදවී කෙටී වීමකට ලක්වේ.


මෙසේ මෙම මාංශ පේශි වල ක්‍රියාකාරීත්වය අධික වන විට අවට ඇති මාංශ පේශි අඩපණ වී දුර්වල වීමක් සිදුවේ. එවිට ක්‍රියාකාරී මාංශ පේශි සහ ක්‍රියාකාරී නොවන මාංශ පේශි එක මත එක පිහිටන අතර එමඟින් X හැඩයක් ලෙස මාංශපේෂීන් සකස් වේ.


දුර්වල මාංශ පේශි :


  • Trapezius මාංශපේශියෙහි පහළ සහ මැද ප්‍රදේශ.

  • Serratus anterior මාංශ පේශියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා Static සහ Dynamic අවස්ථාවන් වලදී Scapula හි පාලනය අඩු වේ.

  • Infraspinatus මාංශපේශිය.

  • බෙල්ලේ ගැඹුරු නම්‍යතා මාංශපේෂි, බෙල්ලේ ඉරියව්ව පවත්වා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. FHP ඇති පුද්ගලයින් තුළ මෙම මාංශ පේශි දුර්වල හා දීර්ඝ වන අතර නිසි ලෙස බැඳී නොමැත.


තද මාංශ පේශි :


  • ඉහළ Trapezius මාංශපේශියෙහි, ක්‍රියාකාරිත්වයේ වැඩි වීම මඟින් Scapula හි ඉදිරිපස ඇලවීම වැඩි කර එය ඉහළ නංවන අතර එය Subacromial අවකාශය අඩුවීමට හේතු වේ. එමගින් උරහිසෙහි රෝග ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි.

  • Pectorals, Pectoralis major මාංශ පේශියේ තද බව උරහිස් සන්ධිය මත ඉදිරියට බලයක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධියේ ස්ථාවර බව අඩු කරයි.

  • Levator scapulae මාංශ පේශියයේ කෙටි වීම, මාංශ පේශි සමායෝජනය හා ග්‍රෛවී කශ්රුකා මත ඇති වන විරූපන හා සම්පීඩන බල ඉහළ යාම කෙරෙහි බලපායි.



මෙම රෝගී තත්ත්වය සඳහා බලපාන හේතු මොනවාද ?


බොහෝ අවස්ථාවන් සඳහා දිගු කාලීනව පවත්වාගෙන යන දුර්වල ඉරියව් හේතුවේ. දිගුකාලයක් පුරා හිස ඉදිරියට තල්ලු කරමින් සිදුකරන සිටගෙන සිටීම හෝ වාඩි වී සිටීම මේ සඳහා සුලභතම නිදසුනක් වේ.

මිනිසුන් බොහෝ විට මෙම ඉරියව් වලට අනුගත වන්නේ,

▪️ කියවීම සිදුකරන විට

▪️ රූපවාහිනී යන්ත්‍රය නරඹන විට

▪️ පාපැදි පැදිමේදී

▪️ රිය පැදවීමේදී

▪️ ලැප්ටොප් යන්ත්‍රයක්, පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කිරීමේදී වේ.


සමහර අවස්ථා වලදී, සංජානනීය දෝෂ හෝ අනතුරු හේතුවෙන්ද UCS ඇතිවිය හැක.


රෝග ලක්ෂණ


UCS ඇති බොහෝ පුද්ගලයින් පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.


  • බෙල්ලේ වේදනාව

  • හිසරදය

  • ඉදිරිපස බෙල්ලේ ඇතිවන දුර්වලතාවය

  • බෙල්ලේ පිටුපස සිදුවන ඇදීම්

  • කොන්දේ ඉහළ ප්‍රදේශයේ සහ උරහිස්වල වේදනාව

  • පුවේ තද ගතිය සහ වේදනාව

  • හකු වේදනාව

  • තෙහෙට්ටුව

  • පහළ කොන්දේ වේදනාව

  • රූපවාහිනිය නැරඹීමේදී වාඩි වී සිටීමේ අපහසුව


Upper Crossed Syndrome (UCS) සහිත පුද්ගලයින්,

  • හිස ඉදිරියට තල්ලු වීම (FHP)

  • උරස් කොඳු ඇට පෙළේ සිදුරු ඇති වීම

  • උරහිසෙහි ක්‍රියාකාරිත්වය වෙනස් වීම

  • උස් වූ හා දිග්ගැස්සුනු උරහිස් පැවතීම

  • Scapular winging

  • උරස් කොඳු ඇට පෙළේ සංචලතාව අඩු වීම යන ලක්ෂණද දැක ගත හැකිය.


ප්‍රතිකාර ආකාර


UCS සඳහා ප්‍රතිකාර වන්නේ Chiropractic සත්කාර, භෞතචිකිත්සාව සහ ව්‍යායාම වේ. සාමාන්‍යයෙන් ඉහත තුන් ආකාරයම සිදු කිරීම මඟින් රෝගයට ප්‍රතිකාර කරයි.


Chiropractic ප්‍රතිකාර


UCS මඟින් ඔබේ සන්ධි වැරදි ලෙස සකස් විය හැකිය. බලපත්‍රලාභී වෘත්තිකයෙකුගේ Chiropractic ප්‍රතිකාරයන් මෙම සන්ධි යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ. මෙය මඟින් බලපෑමට ලක්වූ ප්‍රදේශවල චලන පරාසය වැඩි කළ හැකිය. මෙම ප්‍රතිකාර මඟින් සාමාන්යයෙන් කෙටි වීමකට ලක්වූ මාංශපේශි ඇදීමකට සහ ලිහිල් කීරිමකට ලක් කරයි.


භෞතචිකිත්සාව


භෞතචිකිත්සකයෙකු මාර්ග කිහිපයක් මඟින් රෝගියාට ප්‍රතිකාර කරයි. ඔවුන් ඔබගේ තත්ත්වය හා සම්බන්ධ අධ්‍යාපනයක් සහ උපදෙස් ලබා දී, එය සිදුවීමට හේතුව සහ අනාගතයේදී එය වළක්වා ගන්නේ කෙසේදැයි පැහැදිලි කර දීමද සිදුකරයි.


ව්‍යායාම


බිම වැතිරී හිඳ සිදුකරන ව්‍යායාම සහ වාඩිවී සිදුකරන ව්‍යායාම UCS රෝගයෙන් පෙළෙන රෝගියා මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුකළ යුතු වේ.


රෝග විනිශ්චය


UCS රෝගය හඳුනාගත හැකි ලක්ෂණ ගණනාවක් පවතින අතර එය ඔබගේ වෛද්‍යවරයා විසින් හඳුනාගනු ලබයි. මේවාට ඇතුළත් වන්නේ,


  • හිස බොහෝ විට ඉදිරි නෙරාඇති පිහිටුමක පැවතීම.

  • බෙල්ලේ කොඳු ඇට පෙළ ඇතුලට නෙරා තිබීම.

  • කොන්දේ ඉහළ කොටසේ හා උරහිස් කොටසේ කොඳු ඇට පෙළ එලියට වක්‍ර වී තිබීම.

  • වටකුරු, දිග්ගැස්සුනු හෝ උස්වූ උරහිස් පැවතීම.

  • උරහිස් තලය පැතලි බව වෙනුවට පිටතට විහිදී පැවතීම.


රෝගය වළක්වා ගැනීම


UCS යනු සාමාන්‍යයෙන් වළක්වා ගත හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට නිසි ඉරියව්වක් රෝගියාට පුහුණු කිරීම ඉතාම වැදගත් වේ.


  • ඔබේ ඉරියව්ව ගැන සැලකිලිමත් වන්න.

  • ඔබ වැරදි ඉරියව් අනුගමනය කරන්නේ නම් එය නිවැරදි කර ගැනීමට උත්සුක වන්න.


UCS හි රෝග ලක්ෂණ බොහෝ විට ප්‍රතිකාර මඟින් සුවකිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සිදුකළ හැකිය. සමහර රෝගීන් තම ජීවිත කාලය පුරාම නැවත නැවතත් මෙම රෝගයෙන් පීඩා විඳිති. නමුත්, මෙයට හේතුව ඔවුන් ඔවුන්ගේ ව්‍යායාම සැලැස්ම නිසි ලෙස අනුගමනය නොකිරීම හෝ දිනපතා ඔවුන්ගේ ඉරියව්ව කෙරෙහි අවධානය යොමු නොකිරීමයි.


පුද්ගලයාට අදාළව සැලසුම් කරන ලද ප්‍රතිකාර පිළිවෙල නිසියාකාරව අදාළ පුද්ගලයා විසින් අනුගමනය කරන්නේ නම්, UCS යනු සම්පූර්ණයෙන්ම කළමනාකරණය කළ හැකි තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.


References


https://www.healthline.com/health/upper-crossed-syndrome



සුපුන් උදාර

bottom of page