top of page

Varicose veins.

Vimukthi Chandula



Varicose veins යනු කුමක්ද?

 

  • Varicoses හෝ Varicosities ලෙසද හැඳින්වෙන Varicose veins,  නහර විශාල වී, ප්‍රසාරණය වීමෙන් ඒ තුළ රුධිරය එකතු වීම නිසා ඇතිවේ. Varicose veins සාමාන්‍යයෙන් ඉදිමී ඇති අතර නිල්-දම් හෝ රතු පැහැයක් ගනී. එය බොහෝ විට වේදනාකාරී වේ.

  • විශේෂයෙන්ම කාන්තාවන් තුළ මෙම තත්ත්වය ඉතා බහුලයි. සියලුම වැඩිහිටියන්ගෙන්  25% කට පමණ මෙම තත්වය ඇත. බොහෝ අවස්ථාවන්හීදී, Varicose veins පාද වල පහළ ප්‍රදේශයේ දිස් වේ.

 

Varicose veins ඇතිවීමට හේතු.

 

  • ශිරා නිසි ලෙස ක්‍රියා නොකරන විට Varicose veins  ඇතිවේ. ශිරා වල ඇති කපාට මඟින් රුධිරය පසුපසට ගලා යාම වළක්වයි. මෙම කපාටවල කාර්යය නිසි පරිදි සිදු කිරීමට අසමත් වූ විට, රුධිරය  හදවත දෙසට ගමන් කරනවාට වඩා ශිරා තුළ එකතු වීමට පටන් ගනී. එවිට නහර විශාල වේ.

  • Varicose veins බොහෝ විට පාද වලට බලපායි. පාදවල ශිරා  හදවතේ සිට දුරින් පිහිටා ඇති අතර ගුරුත්වාකර්ෂණය නිසා රුධිරය ඉහළට ගමන් කිරීම අපහසු වේ.

 

අවදානම් සාධක.

 

මෙම සාධක මගින් ඔබේ Varicose veins වර්ධනය වීමේ අවදානම වැඩි කරයි.

 

  • ️ වයස: Varicose veins ඇතිවීමේ අවදානම වයස සමඟ වැඩි වේ. වයසට යෑම නිසා රුධිර ප්‍රවාහය නියාමනය කිරීමට උපකාර වන ඔබේ නහර වල කපාට දුර්වල වේ. එවිට රුධිරය  හදවතට ගලා ඒම වෙනුවට  නහර තුළ එකතු වේ.

  • ️ ස්ත්‍රී ලිංගික භාවය: කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වීමට බොහෝ ඉඩ ඇත. ඔබේ ඔසප් වීමට පෙර හෝ ගර්භණී සමයේදී හෝ ආර්තවහරණයට පෙර හෝර්මෝන වෙනස්කම් සාධකයක් විය හැකිය. මන්ද කාන්තා හෝමෝන නහර බිත්ති ලිහිල් කිරීමට නැඹුරු වේ. උපත් පාලන පෙති වැනි හෝර්මෝන ප්‍රතිකාර මගින් ද  ඔබට Varicose veins තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි කරයි.

  • ️ ගැබ් ගැනීම: ගර්භණී සමයේදී ඔබේ ශරීරයේ රුධිර පරිමාව වැඩි වේ. මෙම වෙනස වර්ධනය වන කලලයට සහාය වේ. නමුත් මෙනිසා පාද වල නහර විශාල වීම සිදු වේ. ගර්භණී සමයේදී හෝමෝන වෙනස්කම් ද මෙයට හේතු වේ.

  • ️ පවුල් ඉතිහාසය:  පවුලේ සාමාජිකයින්ට Varicose veins තිබුනේ නම්, ඔබටත් මෙම තත්වය ඇති විමට වැඩි අවස්ථාවක් තිබේ.

  • ️ තරබාරුකම: අධික බර  නහර මත අමතර පීඩනයක් ඇති කරයි.

  • ️ දිගු වේලාවක් සිටගෙන සිටීම හෝ වාඩි වී සිටීම : දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටින්නේ නම් සිරුර තුළ රුධිරය නිසි පරිදි  ගලා නොයයි.

 

Varicose veins හි රෝග ලක්ෂණ.


Varicose veins  වල ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ,

  • සාමාන්‍යයෙන්  පාදවල නහර ඉතා පැහැදිලිව පෙනෙන අතර ඒවා කතිර හැඩැති වේ.

  • විශාල වූ නහර මත හෝ ඒ අවට වේදනාව, ඉදිමීම සහ බරගතියක් දැනීම .

  • සමහර අවස්ථාවල දී, නහර ඉදිමීම සහ දුර්වර්ණ වීම වර්ධනය විය හැක.

  • දරුණු අවස්ථාවල දී, නහර වලින්  සැලකිය යුතු ලෙස ලේ ගැලීම, වණ සෑදීම ඇති විය හැක.


සංකූලතා.

 

  • වණ: Varicose veins අසල, විශේෂයෙන් වළලුකර අසල සම මත වණ ඇති විය හැක. සාමාන්‍යයෙන් සම මත දුර්වර්ණ වූ පැල්ලමක් ආරම්භ වන්නේ තුවාලයක් ඇතිවීමට පෙරය. ඔබට තුවාලයක් ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

  • රුධිර කැටි ගැසීම්: සමහර විට, පාදවල ගැඹුරු නහර විශාල වේ. එවැනි අවස්ථාවලදී, බලපෑමට ලක් වූ පාදය ඉදිමෙන අතර වේදනාකාරී වේ. පාදයේ  වේදනාවක් හෝ ඉදිමීමක් ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ, මන්ද එය රුධිර කැටියක් විය හැකි බැවිනි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව thrombophlebitis ලෙස හැඳින්වේ.

  • ලේ ගැලීම: සමහර විට සමට ඉතා ආසන්න නහර පුපුරා යා හැක. මෙය සාමාන්‍යයෙන් සුළු රුධිර වහනයක් පමණක් ඇති කරයි. නමුත් ඕනෑම රුධිර වහනයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

 

වැළැක්වීම.

 

Varicose veins සම්පූර්ණයෙන්ම වැලැක්වීමට ක්‍රමයක් නොමැත. නමුත් ඔබේ රුධිර සංසරණය සහ මාංශ පේශිවල ශක්තිය වැඩි දියුණු කිරීම මගින් Varicose veins වර්ධනය වීමේ හෝ තව දුරටත් ව්‍යාප්ත වීමේ අවදානම අඩු කළ හැකිය.

නිවසේදී Varicose veins වලින් ඇති වන අපහසුතාවයට ප්‍රතිකාර කිරීම සඳහා ඔබට ගත හැකි  ක්‍රියාමාර්ග, එය වැළැක්වීමට ද උපකාරී විය හැක.

  • ව්‍යායාම කරන්න.

  • ඔබේ බර නිසි පරිදි පාලනය කරගන්න.

  • තන්තු බහුල, ලුණු අඩු ආහාර ගන්න.

  • අඩි උස පාවහන් සහ තද ඇඳුම් ඇදීමෙන් වලකින්න.

  • හැකි විටදී ඔබේ කකුල් ඔසවා තබාගන්න.

  • ඔබේ වාඩි වී සිටින හෝ සිටගෙන සිටින ඉරියව්ව නිතර වෙනස් කරන්න.

 

Varicose veins සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර.

 

  • ️ ප්‍රතිකාරයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රෝගියාව ඒ පිලිබද  දැනුවත් කිරීම වැදගත්ම පියවරක් වේ. ජීවන රටාවේ වෙනස්කම් පිළිබඳව රෝගියා පුහුණු කිරීම වැදගත් වේ. බර පාලනය කිරීම, පාද වල මාංශ පේශී සහ වළලුකර සන්ධිය නම්‍යශීලීව තබා ගැනීම සඳහා සුදුසු ව්‍යායාම ඇතුළත් ව්‍යායාම වැඩසටහන් සහ සම්පීඩන මේස් මේ සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස භාවිතා කරයි.

 

 ප්‍රතිකාර:

 

  • ️ සම්පීඩන මේස් (CS):

ඉලාස්ටික් මේස්, වෙළුම් පටි සහ වායු සම්පීඩන උපාංග මගින් සම්පීඩන චිකිත්සාව සිදු කරයි. රෝගියාගේ දැනුවත් භාවය අත්‍යවශ්‍යයි.නිදන්ගත ශිරා ඌනතාව  ( Chronic Venous Insufficiency - CVI) යනු ජීවිත කාලය පුරාම ප්‍රතිකාර අවශ්‍ය නිදන්ගත රෝගයකි. එබැවින් CVI සහිත රෝගීන් සාමාන්‍ය ශරීර බරක් පවත්වා ගැනීමට, දිනපතා ව්‍යායාම කිරීමට සහ දවස පුරා සම්පීඩන ඇඳුම් ඇඳීමට දිරිමත් කළ යුතුය.

බොහෝ රෝගීන් දිගු කාලීන  සම්පීඩන මේස් භාවිතා කිරීමෙන් සහ වේදනා නාශක  ඖෂධ භාවිතය මගින් රෝග ලක්ෂණ සඳහා ප්‍රමාණවත් ලෙස පාලනය කරගනී. සම්පීඩන අනුපාත සඳහා නිර්දේශිත අගය 20-30 mmHg වන අතර වඩාත් දරුණු අවස්ථාවල දී 30-40 mmHg දක්වා ඉහළ නැංවිය හැක. ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන රෝගීන් සඳහා දිනපතා පැළඳ සිටින මේස් කදිම ප්‍රතිකාරයකි.

 

  • ️ ව්‍යුහගත ව්‍යායාම වැඩසටහන්:

CVI තන්තුමය පටක ගබඩා කිරීම හේතුවෙන් වළලුකර චලනය කිරීමට අපහසු වේ. නිශ්චලතාව නිසා, පාද වල මාංශ පේශි අක්‍රීය වන නිසා ශිරාවල ඇති රුධිරය හදවතට නැවත පැමිණෙන්නේ නැත.  CVI රෝගීන් තුළ, මාංශ පේශි ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා සුදුසු ව්‍යායාම වැඩසටහන් භාවිතා කරයි.කකුල් වල මාංශ පේශි සක්‍රීය කිරීම සඳහා සාමාන්‍ය ඇවිදීමේ චලනය අවශ්‍ය වේ.

 

References: -

https://www.mayoclinic.org/diseases-conditions/varicose-veins/symptoms-causes/syc-20350643

https://www.healthline.com/health/varicose-veins


ජයනි රන්දිමා.

3 views0 comments

Comments


bottom of page