top of page

උරහිස් වේදනාවට තුඩු දෙන Bicipital Tendinitis

Writer's picture: Wephysio MFCWephysio MFC

Bicipital tendinitis යනු Biceps කණ්ඩරාවේ දිගු හිසෙහි (long head) ආසාදනය හෝ නොරිස්සුම් ස්වභාවයක් ඇති වීමයි. මෙය බොහෝ විට නිරන්තරයෙන් හිසට ඉහළින් අත ඔසවා, උරහිස් චලනයන් සිදුකරන පුද්ගලයින් තුළ ඇතිවේ.


Biceps මාංශ පේශිය අස්ථියට සම්බන්ධ කණ්ඩරාව කොටස් 2 කින් සමන්විත වන අතර ඒවා දිගු සහ කෙටි කණ්ඩරා හිස් ලෙස හදුන්වයි. Biceps මාංශ පේශියේ දිගු කණ්ඩරා හිස බොහෝ විට මෙම රෝගී තත්ත්වයට බලපායි. ශක්තිමත්, ලණුවක් වැනි මෙම ව්‍යුහය Biceps මාංශ පේශිය උරහිසේ අස්ථිවලට සම්බන්ධ කරයි. ඇතැම් විට, කණ්ඩරාවේ හානිය නිසා කණ්ඩරාව කැඩී යා හැකි අතර, එය බාහුවේ මාංශ පේශි ඒකරාශී වීමක් මගින් ඇතිවන විරූපණයට හේතු වේ.



Bicipital Tendinitis සමඟ ඇතිවිය හැකි වෙනත් ගැටළුකාරී තත්ත්ව


  • උරහිස් සන්ධියේ ආතරයිටිස්.

  • Glenoid Labrum වල තුවාල.

  • නිදන්ගත උරහිස් අස්ථායිතාව (උරහිස පැනීම).

  • උරහිස ආශ්‍රිතව ඇති මෘදු පටක වල අභ්‍යන්තරව ඇතිවන ඝට්ටන.



Bicipital Tendinitis ඇතිවීමට බලපාන හේතු


  • කණ්ඩරාව හරහා අධික අසාමාන්‍ය බලයන් යොදන විට, ඇතිවන ආතතිය (මාංශ පේශි හා කණ්ඩරාව ඇදීම), සම්පීඩනය (තෙරපීම) හෝ විරූපණය.

  • සාමාන්‍ය වයස්ගත වීමේ ක්‍රියාවලියේදී, අපගේ කණ්ඩරාවන් එදිනෙදා ඇදීම් හා ඉරීම් සමඟ සෙමෙන් දුර්වල වේ. අධික ලෙස භාවිතා කිරීමෙන් මෙය වඩාත් උත්සන්න විය හැකිය.

  • පිහිනීම, ටෙනිස් සහ බේස්බෝල් වැනි ක්‍රීඩා වලදී නිරන්තරයෙන් සිදුකරන චලනයන් නිසාද, Bicipital tendinitis ඇති විය හැකිය.

  • උරහිස් සන්ධිය වටා ඇති මාංශ පේශි වල (Rotator cuff) ඉරීම්.

  • උරහිසේ ඉහළ පිටුපස ඇති මාංශ පේශිවල දුර්වලතාවය.

  • උරහිස් සන්ධි වල ලිහිල් බව.

  • උරහිස් සන්ධි සහ / හෝ මාංශ පේශි තද බව.

  • දුර්වල ශරීර ඉරියව්.

  • අධික ව්‍යායාමය.

  • උරහිස් සන්ධිය තුළ ඇති වෙනත් රෝගාබාධ.



රෝග ලක්ෂණ


  • උරහිසේ ඉදිරිපස ස්පර්ශ කිරීමේදී තියුණු වේදනාවක් ඇති වන අතර එය හිසට ඉහළින් සිදුකරන එසවීම් හෝ ක්‍රියාකාරකම් සමඟ උත්සන්න විය හැකිය.

  • අතේ ඉහළ කොටසේ සිට පහළට විහිදෙන වේදනාව හෝ කැක්කුම.

  • උරහිසේ අස්ථායීත්වය පිළිබඳ ඇතිවන සංවේදනය.

  • වස්තූන් එසවීමේදී හෝ රැගෙන යන විට උරහිස් සන්ධිය වටා ඇතිවන දුර්වලතාවය.

  • කමිසය ඇඳීම හෝ ඉහළ රාක්කයකට යමක් ඇහිරීම වැනි දෛනික ක්‍රියාකාරකම් අපහසු වීම.

  • විවේක ගැනීමේදී වේදනාව ඇතිවන අතර එය රාත්‍රියේදී උග්‍ර අතට හැරෙනු ඇත.


Bicepital Tendinitis හඳුනා ගන්නා අයුරු


ඔබේ ප්‍රථම භෞත චිකිත්සක හමුවේ දී, භෞතචිකිත්සක වරයා විසින් ඔබේ වෛද්‍ය ඉතිහාසය සමාලෝචනය කර, ඔබේ උරහිස් තත්ත්වය පිළිබඳව විමසා, ඔබේ උරහිස සහ කදේ ඉහළ කොටසේ සවිස්තරාත්මක ශාරීරික පරීක්ෂණයක් සිදු කරනු ඇත.


Bicepital Tendinitis රෝග විනිශ්චය සඳහා X කිරණ හෝ MRI වැනි රූපකරණ ක්‍රම සාමාන්‍යයෙන් අවශ්‍ය නොවේ. නමුත් මේ සදහා වෙනත් රෝග තත්ත්වයන් හේතුවිය ඇති බවට ඔබේ භෞතචිකිත්සකවරයා විසින් සැක කරන්නේ නම් ඔබව විකලාංග වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇත.


Bicepital Tendinitis සදහා ප්‍රතිකාර ක්‍රම

ප්‍රතිකාර ශල්‍ය නොවන හෝ ශල්‍යකර්ම විය හැකිය.


01. ශල්‍ය නොවන ප්‍රතිකාර


ඔබ Bicepital Tendinitis රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්නම් , ඔබේ භෞතචිකිත්සකවරයා විසින් ඔබට විශේෂිත වූ ප්‍රතිකාර සැලැස්මක් සහ ඉලක්කයක් ඇතිකරයි.


භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භක අවධියේ සිට පටන් ගන්නා බැවින් , එමගින් ඉක්මන් සුවයක් ලබාගත හැකිවේ.


වේදනාව සමනය කිරීමට ඖෂධ උපකාරී වේ.


02. ශල්ය ප්රතිකාර


සාමාන්‍යය ප්‍රතිකාර කිරීමෙන් තත්ත්වය යහපත් නොවන්නේ නම්, ඔබට ශල්‍යකර්මයකට යාමට සිදු වේ.


Bicepital Tendinitis සදහා ප්‍රතිකාර නොකළහොත් එය Adhesive capsulitis / Frozen shoulder තත්ත්වය සදහා හේතු වේ.


මෙම තත්ත්වය වළක්වා ගැනීමට කළ හැකි දේ

.

  • උරහිස් වේදනාවට හේතු වන හිසට ඉහළින් සිදුකරන නිරන්තර ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින්න. ඔබේ රැකියාව හෝ ක්‍රීඩාව සඳහා ඔබ මෙම ක්‍රියාකාරකම් කළ යුතු නම්, ඔබේ උරහිස අධික ලෙස වැඩ කිරීමෙන් වළකී නිසි ලෙස විවේක ගැනීමට කාලය වෙන් කර ගැනීම.

  • ඔබේ ඉරියව්ව පරීක්ෂා කරන්න. උරහිස, බෙල්ල සහ පිටුපසට දිගු වේලාවක් දුර්වල ඉරියව්වක රඳවා සිටින විට හානි වීමේ අවදානමක් පවතී. ඔබේ සේවා පරිසරය ගැන සාකච්ඡා කිරීමට ඔබේ භෞතචිකිත්සකවරයාගෙන් විමසන්න. දවස පුරා ඔබ චලන සිදුකරන ආකාරය විස්තර කරන්න.

  • ඔබේ ශරීරයෙන් ඈත්වී ඇති බර වස්තූන් එසවීම හෝ රැගෙන යාමෙන් වැළකී සිටින්න. අයිතම ශරීරයට සමීපව තබා ගන්න, හැකි සෑම විටම බර වස්තුවක් රැගෙන යාමට අත් දෙකම භාවිතා කරන්න.

  • උරහිසෙහි මාංශපේශි (Rotator cuff) ශක්තිමත් කිරීමේ ව්‍යායාම නිතිපතා කරන්න. ඔබේ භෞතචිකිත්සකවරයා විසින් මෙම මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ඔබට ලබාදෙනු ඇත.

  • ඔබේ රෝග ලක්ෂණ උග්‍ර අතට හැරේ නම් භෞත චිකිත්සකවරයකු හමුවන්න.


Bicipital tendinitis, Biceps කණ්ඩරාවේ ඉරීමට වඩා වෙනස් වන්නේ කෙසේද?


  • ඉරීමක් සිදු වූ විට, වැලමිටට ඉහළින් ඉහළ බාහුවේ මාංශ පේශි ඒකරාශී වීමක් දක්නට ලැබෙනුයේ ඉරා ගිය කණ්ඩරාවකට තවදුරටත් මාංශ පේශි තදින් තබා ගත නොහැකි නිසාය. නමුත් Bicipital tendinitis වලදී ඔබට එය දැකිය නොහැක.

  • ඉරීමක් සිදු වූ විට පොප් හඬක් ඇසෙන නමුත් tendinitis වලදී අපට එවැනි ශබ්දයක් නොඇසේ.


සචිනි ගුණසේකර


References

https://orthoinfo.aaos.org/en/diseases--conditions/biceps-tendinitis/


https://www.choosept.com/symptomsconditionsdetail/physical-therapy-guide-to-biceps-tendinitis

Comments


bottom of page