top of page

ඔස්ටියෝ ආතරයිටිස් පිළිබඳ ඔබ දැනුවත්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

ඔස්ටියෝආතරයිටිස් යනු දීර්ඝකාලීන නිදන්ගත රෝගී තත්වයකි. මෙහිදී සන්ධිවල කාටිලේජ ක්ෂය වීම හේතුවෙන් අස්ථි එකිනෙක ඇතිල්ලීම සිදු වේ.එමගින් සන්ධිවල තද බව ඇතිවීම, වේදනාව හා ඒවායේ චලනයන් අකර්මණ්‍ය කිරීම සිදුකරයි.

සංජානන දෝෂ, රුධිර සැපයුම ප්‍රමාණවත් නොවීම හෝ පෙර රෝග හා තුවාල හේතුවෙන් සන්ධි දුර්වල වීම සිදු විය හැකිය.

ආතරයිටිස් වර්ග අතරින් බහුලව දක්නට ලැබෙන වර්ගය ඔස්ටියෝ ආතරයිටිස් වේ. අස්ථි අතර ඇති සුමට පෘෂ්ඨ සහිත කාටිලේජ වල ගෙවී යාම නිසා, සන්ධිය වේදනාකාරී වීම, ඉදිමීම සහ චලනයන් අපහසු වීම සිදු වේ.


ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ඕනෑම සන්ධියකට බලපෑම් කළ හැකි නමුත් එය බොහෝ විට අත්, දණහිස, ඉණ, කොන්ද පිටුපස සහ බෙල්ලේ ප්‍රදේශ වල බහුලව ඇති වේ.


ඔස්ටියෝ ආතරයිටිස් ඕනෑම වයසකදී ඇති විය හැකි නමුත් එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 50 දී පමණ ආරම්භ වන අතර පිරිමින්ට වඩා කාන්තා පාර්ශවයට බලපායි. මෙම රෝගය ක්රමයෙන් ආරම්භ වන අතර කාලයත් සමඟ උග්‍ර අතට හැරේ.




හේතු


  • සන්ධි අධිකව භාවිත කිරීම - රැකියාවක හෝ ක්‍රීඩාවක එකම සන්ධිය නැවත නැවතත් භාවිතා කිරීම.

  • ජානමය සාධක - ඔස්ටියෝ ආතරයිටිස් ඇති පවුලේ සාමාජිකයන් සිටින පුද්ගලයින්ට මෙම රෝගය බහුලව ඇති වේ.

  • සන්ධි සාමාන්‍ය හැඩයේ වෙනස් වීම් ඇති වී තිබීම.

  • දුර්වල ඉරියව් පැවතීම.


අවදානම් සාධක


  • තරබාරුකම - අමතර බර සන්ධියකට වැඩි ආතතියක් ගෙන දෙයි.

  • වයස - වැඩිහිටි පුද්ගලයන්ට ඔස්ටියෝ ආතරයිටිස් ඇති වීමේ අවදානමක් ඇත.

  • ස්ත්‍රී ලිංගිකත්වය - පිරිමින්ට වඩා කාන්තාවන්ට ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

  • ව්‍යූහමය සාධක.

  • සන්ධි වලට සිදු වන හානි - සන්ධි බිඳීමක් හෝ ඉරීමක් වසර ගණනාවකට පසු ඔස්ටියෝ ආතරයිටිස් ඇති වීමට හේතු විය හැක.

  • මාංශ පේශි දුර්වලතාවය - ප්‍රමාණවත් සහායක් පේශී වලින් සන්ධි වලට නොමැති විට සන්ධි නිවැරදි ස්ථානයෙන් ඉවත් විය හැකිය.

  • දියවැඩියාව, මාෆාන් සින්ඩ්‍රෝමය, විල්සන් රෝගය, සන්ධි ආසාදනය, සන්ධිවල සංජානන ආබාධ, හිමොක්‍රොමෝටෝසිස් වැනි ඇතැම් රෝග තත්ත්වයන් සහිත ඉතිහාසයක් තිබීම.


රෝග ලක්ෂණ


  • වේදනාව - එය තෙහෙට්ටුව සමඟ වැඩි වන අතර විවේකය සමඟ අඩු වේ. වේදනාවේ තීව්‍රතාවය විචල්‍ය වේ. සමහර විට එය දරාගත හැකි වන අතර තවත් විටෙක එය දැරීමට අපහසු වේදනාවකි.

  • සන්ධි චලනය සීමා වීම - සන්ධියේ තද ගතිය හෝ වේදනාව හේතුවෙන් සහ ප්රධාන වශයෙන් මාංශ පේශි ක්රියාකාරිත්වය අවහිර වීම නිසා හෝ සන්ධි වල පෘෂ්ඨයට වන හානි නිසා සිදු වේ.

  • ක්‍රෙපිටස් ශබ්දය - සන්ධි අතර කාටිලේජ හා අස්ථි වලට වන හානි නිසා ඇතිවේ.

  • සන්ධිය වටා ඉදිමීම.

  • සන්ධිය වටා මාංශ පේශි දුර්වල වීම

  • සන්ධි අස්ථායිතාව.


ඔස්ටියෝ ආතරයිටිස් මගින් ශරීරයේ විවිධ කොටස් වලට සිදු වන බලපෑම


  • උකුල් : ඉකිලි ප්‍රදේශයේ හෝ තට්ටම් සහ සමහර අවස්ථා වල දණහිසේ හෝ කලවා වල වේදනාව ඇති වීම.

  • දණහිස : දණහිස චලනය කිරීමේදී “සීරීමට” සමාන දැනීමක් ඇතිවීම.

  • ඇඟිලි : සන්ධි වල මායිමේ අස්ථි වල සිදුවන අධිවර්ධනය නිසා ඇඟිලි ඉදිමීම, වේදනාව සහ රතු පැහැයට හැරීම. මහපටඟිල්ලේ පාමුල වේදනාවක් ඇති වීම.

  • පාද : මහපටඟිල්ලට වේදනාකාරී බවක් දැනීම. වළලුකර හෝ ඇඟිලි ඉදිමීම.


සෞඛ්‍යමය බලපෑම්


තරබාරුකම, දියවැඩියාව, හෘද රෝග, දණහිස හෝ උකුල් වේදනාව වැනි තත්ත්වයන් ව්යායාම කිරීම අපහසු කරයි. එමගින් බර වැඩිවීම හා තරබාරුකම ඇති විය හැක. අධික බර හෝ තරබාරු වීමෙන් අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය වර්ධනය විය හැකිය.


ඇද වැටීම් : සාමාන්‍ය පුද්ගලයින්ට වඩා 30% ක් තරම් ඇද වැටීමේ ප්‍රවණතාවක් ඔස්ටියෝ ආතරයිටිස් සහිත පුද්ගලයන්ට ඇති අතර ඔස්ටියෝ ආතරයිටිස් නොමැති පුද්ගලයන්ට වඩා අස්ථි බිඳීමේ 20% අවධානමක් ඇත.

ඔස්ටියෝ ආතරයිටිස් තිබීම මඟින් ක්‍රියාකාරිත්වය අඩුවීමටත්, මාංශ පේශි දුර්වල කිරීමටත්, යමෙකුට ඇදවැටීමක් ඇතිකිරීමටත් හැකියාව ඇත. කරකැවිල්ල වැනි වේදනා නාශක වල අතුරු ආබාධ ද ඇද වැටීමට හේතු වියහැක.


රෝග විනිශ්චය සදහා සන්ධි වල තරල පරීක්ෂාව, එක්ස් කිරණ, MRI ස්කෑන් පරීක්ෂාව යොදා ගනී.


භෞත චිකිත්සාව සහ ඖෂධ ලබා දීම මගින් ඔස්ටියෝආතරයිටිස් තත්ත්වයට ප්‍රතිකාර කරනු ලබයි..


ආශ්චර්යා දිව්‍යානි


References


https://www.arthritis.org/diseases/osteoarthritis


Comments


bottom of page