top of page

Wallet neuritis පිළිබද ඔබ දැනුවත්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Dec 20, 2020


Wallet neuritis, ස්නායු තෙරපීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. එයට හේතුව වන්නේ, piriformis පේෂිය හා සම්බන්ධ sciatic ස්නායුව තෙරපීම වන අතර මෙහි රෝග ලක්ෂණ sciatica හි රෝග ලක්ෂණ වලට සමානකම් දක්වයි. එමනිසා රෝග නිර්ණය කිරීම තරමක් අපහසුය.

මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන අතර එයට හේතුව වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පිටුපස සාක්කුව ( back pocket) මුදල් පසුම්බිය (wallet) රදවා ගැනීමට භාවිතා කිරීමයි. මෙම රෝගී තත්වය “fat wallet syndrome” , “credit carditis” ලෙස විවිධ නම් වලින් හදුන්වනු ලැබේ.


හේතු

  • අසමාන මතුපිටක් සහිත පෘෂ්ඨයක වාඩි වී සිටීම.

  • දීර්ඝ කාලීනව පසුම්බිය හෝ ජංගම දුරකතනය රැඳවීමට පිටුපස සාක්කුව භාවිතය.

32mm ට වඩා වැඩි ඝනකමක් සහිත පසුම්බියක් භාවිතා කිරීම, කශේරුවෙහි ස්ථායී/සාමාන්‍ය පිහිටුමෙන් අපගමනය වීමට හේතුවේ. අසමාන පෘෂ්ඨයක් මත, 32mm ට වඩා වැඩි ඝනකමක් සහිත පසුම්බියක් සහිතව මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් වාඩි වී සිටීමෙන් වුවද, පිටුපස ප්‍රදේශයේ වේදනාව වැඩි විය හැකිය.

යම් පුද්ගලයෙක් දුරකතනය හෝ පසුම්බිය පිටුපස සාක්කුවෙහි තබාගෙන වාඩි වීම පුරුද්දක් වශයෙන් සිදු කරයි නම්, ඔහුට/ඇයට “wallet neuritis” ඇතිවීමේ වැඩි අවධානමක් ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පිටුපස සාක්කුවහි මුදල් පසුම්බිය තබාගෙන වාඩි වී සිටීමේදී (පසුම්බිය මත වාඩි වී සිටීමේදී) පහත තත්ත්වයන් ඇතිවේ.

ශ්‍රෝණියේ පිහිටීම වෙනස් වීම.

  • Lumbosacral කොදුඇට පෙළෙහි පෙළගැස්ම වෙනස් වීම.

  • ශ්‍රෝණි පේෂි, කශේරුකා අතර පිහිටි තැටි(intervertebral disc), ස්නායු මූලයන්, ස්නායු මත අසාමාන්ය ලෙස පීඩනය වැඩිවීම.

  • Piriformis පේෂිය මත පීඩනය ඉහළ යාම.

  • මාංශපේෂී අසමතුලිතතාවය.

  • Sacroiliac සන්ධිය මත පීඩනය ඉහළ යාම.



රෝග ලක්ෂණ

  • කොන්දේ වේදනාව.

  • පසුම්බිය සහිත පැත්තේ පාදයේ වේදනාව, හිරිවැටීම සහ දැවෙන සංවේදනය.

  • පාදයේ ඉහළ සිට පහළට වේදනාව පැතිරීම.

  • පේෂි වේදනාව.

  • මිනිත්තු 15ක් 20ක් හෝ ඊට වැඩි කාලයක් සිටගෙන සිටීම, වාඩි වී සිටීමේදී හෝ වැතිර සිටීමේදී වේදනාව ඇති වීම.


Wallet neuritis වළක්වා ගන්නේ කෙසේද?

  • මුදල් පසුම්බිය ඉදිරිපස සාක්කුවක හෝ ජැකට්ටුවෙහි පොකට්ටුවක තබා ගන්න.

  • මුදල් පසුම්බිය හැකි සෑමවිටම බෑගයේ තබා ගන්න.

  • එසේ පසුම්බිය බෑගයේ/ඉදිරිපස පොකට්ටුවක තබා ගැනීම මගින් තත්ත්වය ඇති වීම අවම කර ගත හැකි අතර, පසුම්බි‍යේ සුරක්ෂිතභාවයද තහවුරු වේ.

  • වාඩිවීමේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමෙන් “wallet neuritis” හේතුවෙන් ඇති වන කොන්දේ වේදනාව අවම කර ගැනීමට මෙන්ම ඉක්මනින් සුවය ලැබීමටද උපකාරී වේ. ඒ සඳහා භෞත චිකිත්සක වරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

  • වාඩි වීමේදී පිටුපස සාක්කුව හිස්ව තබා ගැනීමට උත්සාහ කරන්න.

  • මුදල් පසුම්බියෙහි අත්‍යවශ්‍ය දෑ පමණක් තබා ගන්න.


භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මගින් wallet neuritis හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ අවම කළ හැකිය. තවද නිවැරදිව පුටුවක වාඩි වන් ආකාරය පිළිබඳ භෞත චිකිත්සකවරයෙකුගෙන් ලබා ගන්නා උපදෙස් අනුව කටයුතු කිරීම මගින්ද මෙම තත්වය වලක්වා ගත හැකිය.


දිලිනි අනුරාධා


References


Siddiq, M. A. B., Jahan, I., & Masihuzzaman, S. (2018). Wallet Neuritis – An Example of Peripheral Sensitization. Current Rheumatology Reviews, 14(3), 279–283. 


https://paininjuryrelief.com/what-aggravates-piriformis-syndrome/

14 views0 comments

Comments


bottom of page