top of page

දියවැඩියාව රෝගයේ හදිසි අවස්ථා සඳහා ප්‍රතිකාර

Vimukthi Chandula

දියවැඩියාව යනු රුධිර ග්ලූකෝස් මට්ටම කෙරෙහි බලපාන වෛද්‍යමය තත්ත්වයකි. මෙම තත්ත්වය තුළ රෝගියාගේ ශරීරයට රුධිරයේ ග්ලුකෝස් සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වන අතර සෑම විටම ඔවුන් ආහාර, ටැබ්ලට්, එන්නත් හා ශාරීරික ක්‍රියාකාරකම් මඟින් තත්ත්වය පාලනය කළ යුතුය.


දියවැඩියා හදිසි අවස්ථාව යනු දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් අතර සමහර විට දැකිය හැකි තත්ත්වයක් වන අතර එයට ප්‍රථමාධාර අවශ්‍ය වේ.




දියවැඩියා හදිසි අවස්ථාවකදී සිදුවන්නේ කුමක්ද ?


බොහෝ අවස්ථාවලදී පුද්ගලයාගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම අඩු වන අතර එය Hypoglycemia තත්ත්වයක් ලෙස හැඳින්වේ. ආහාර ගැනීම මඟ හැරීම, අධික ලෙස ව්‍යායාම කිරීම වැනි තත්ත්වයන් තුළ මෙය ඇතිවිය හැක. පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගන්නේ නම් මෙම තත්ත්වය ඉතා දරුණු විය හැකිය.


 

දියවැඩියා රෝගයේ හදිසි අවස්ථා වල රෝග ලක්ෂණ


අධික රුධිරගත සීනි මට්ටම


▪️ අධික පිපාසය

▪️ වෙහෙස

▪️ බොඳ වී පෙනීම

▪️ උණුසුම් හා වියළි සම

▪️ ඇසිටෝන් සුවඳ සහිත හුස්ම


 අඩු රුධිරගත සීනි මට්ටම


▪️ දුර්වලකම, වෙව්ලීම

▪️ දහඩිය දැමීම

▪️ හිසරදය

▪️ ක්ලාන්තය, කරකැවිල්ල

▪️ අවධානය අඩුවීම

▪️ නොහැකියාව හෝ වෙනස් හැසිරීම

▪️ කුසගින්න

▪️ තොල් සහ ඇඟිලි වටා ඇති රළුබව


පුද්ගලයෙකුට දිගු කාලීන දියවැඩියා රෝගී තත්ත්වයක් තිබෙන බව හඳුනා ගන්නේ කෙසේද?

  • රෝගියාට හොඳින් සවන් දෙන්න.

  • මෙම තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා දෙන යම් ආකාරයක ඇඟවීම් ඔවුන් සතුව තිබිය හැකිය.

  • ඔවුන් සතුව ඉන්සියුලින් පෑනක් (Insulin pen), ග්ලූකෝස් ජෙල් හෝ ග්ලූකෝස් ටැබ්ලට් තිබිය හැකිය.


  දියවැඩියා හදිසි රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු සඳහා අපට කළ හැක්කේ මොනවාද ?


අධික රුධිරගත සීනි මට්ටම


  • පුද්ගලයා ළග දැනටමත් ඖෂධ තිබේ නම් එය ලබා ගැනීමට ඔවුන්ට සහාය අවශ්‍යදැයි විමසන්න.

  • ජලය පානය කිරීමට දිරිගන්වන්න.

  • රෝග ලක්ෂණ අයහපත් අතට හැරේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

  • දියවැඩියාව හඳුනා නොගත් රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු කරවන්න.


 අඩු රුධිරගත සීනි මට්ටම


  • රෝගියාට පහසු අයුරින් වැතිරීමට හෝ සුවපහසු ලෙස වාඩි වීමට සහයෝගය ලබා දෙන්න.

  • රෝගියාට සහතික වන්න.

  • තද ඇඳුම් ලිහිල් කරන්න

  • සීනි සහිත බීම, සීනි සහිත ආහාර සහ ග්ලූකෝස් පෙති සෑම මිනිත්තු 15කට වරක් ලබා දෙන්න.

  • ආහාරමය පානයන්  ලබා දීමෙන් වළකින්න.

  • රෝගියා යථා තත්ත්වයට පත්වන තුරු සෑම මිනිත්තු 15 කට වරක් සීනි ලබා දෙන්න.

  • කාබෝහයිඩ්රේට් බහුල ආහාර ලබා දෙන්න.

  •  රෝග ලක්ෂණ වල අඩුවීමක් නොමැති නම් හෝ රෝගියා සිහිසුන්ව සිටී නම් ගිලන් රථය අමතන්න.


  දියවැඩියා හදිසි රෝගීන් සඳහා ලබා දෙන ආහාර මොනවාද ?


අධික රුධිරගත සීනි මට්ටම


රෝගියා සිහිසුන් තත්ත්වයක නොසිටී නම් පානයට ප්‍රමාණවත් තරම් ජලය ලබා දෙන්න. මෙහිදී වරකට ස්වල්පය බැගින් ලබාදිය යුතුය .


අඩු රුධිරගත සීනි මට්ටම


සීනි සහිත බීම


▪️ ලෙමනේඩ්

▪️ පළතුරු යුෂ

▪️ Isotonic sport drinks


සීනි සහිත ආහාර


▪️ ජෙලි

▪️ චොකලට්

▪️ සීනි කැට


 කාබෝහයිඩ්රේට් වලින් පොහොසත් ආහාර


▪️ සැන්ඩ්විච්

▪️ නැවුම් සහ වියළි පලතුරු

▪️ වියළි බිස්කට් සහ චීස්


 

දියවැඩියා රෝගයේ හදිසි අවස්ථාවකදී රෝගියා ප්‍රතිචාර නොදක්වන විට ගත යුතු පියවර


  • දියවැඩියා හදිසි තත්ත්වයේදී, පුද්ගලයෙකු ප්‍රතිචාර නොදක්වන විට ඔවුන්ට තවදුරටත් හුස්ම ගත නොහැක. මෙයට හේතුව මාංශ පේශි ලිහිල් වීම නිසා සහ දිව මඟින් ශ්වසන මාර්ගය අවහිර වීමයි.

  • දියවැඩියා හදිසි රෝගය සහිත වැඩිහිටි පුද්ගලයෙකු සඳහා ප්‍රථමාධාර,

  • රෝගියාගේ හුස්ම පරීක්ෂා කරන්න. රෝගියාගේ හිස පිටුපසට ඇල කරන්න. රෝගියා හුස්ම ගන්නවා නම් ඔබට එය පරීක්ෂා කළ හැකිය, මන්ද පපුව ප්‍රදේශය ඉහළට ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකි අතර ඔවුන්ගේ හුස්ම ඇසීම හෝ දැනෙනු ඇත.

  • රෝගියා හුස්ම ගන්නවා නම් ඔවුන්ව ඔවුන්ගේ පැත්තට ගෙන හිස පිටුපසට නැඹුරු කරන්න. මෙමඟින් දිව ඉදිරියට තල්ලු වී ශ්වසන මාර්ගය විවෘත වීමක් සිදු වන අතර රුධිරය හා වමනය පිට කිරීම සිදු කරයි.

  • රෝගියා හුස්ම නොගන්නේ නම් පපුව ප්‍රදේශයට සම්පීඩනයක් ලබා දෙන්න. මෙය ඔබ ඒ සඳහා පුහුණුවක් ලබා ඇති පුද්ගලයෙකු නම් පමණක් සිදු කරන්න. පපුවේ මැද ප්‍රදේශය තදින් පහළට තල්ලු කර මුදාහරින්න. මෙම සම්පීඩනය ශරීරය පුරා රුධිරය පොම්ප කිරීමට උපකාරී වේ.

  • 1990 හරහා හැකි ඉක්මනින් ගිලන් රථයක් කැඳවන්න.

  • රෝගියා සිහිසුන්ව සිටී නම් ආහාර හෝ පානයන් කිසිවක් ලබා දීමෙන් වළකින්න.


References;-

https://www.redcross.org.uk/first-aid/learn-first-aid/diabetic-emergency

https://www.stjohn.org.nz/first-aid/first-aid-library/diabetes/

 


නෙත්මි රශ්මිකා

9 views0 comments

Comments


bottom of page