top of page

මානව සිරුරේ චලනය හා මාංශ පේශි

Writer's picture: Wephysio MFCWephysio MFC

මිනිස් සිරුරේ මාංශ පේශි 600 ක් පමණ ඇත. මාංශ පේශි වල රුධිරය පොම්ප කිරීම සහ චලනය සඳහා ආධාර කිරීමේ සිට බර ඉසිලීම හෝ දරු ප්‍රසූතිය දක්වා විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. මාංශ පේශි ක්‍රියා කරන්නේ සංකෝචනය වීමෙන් හෝ ලිහිල් කිරීමෙන් ඇතිවන චලනය මගිනි. මෙම චලනයන් අනිච්ඡානුගව (එහි අර්ථය වන්නේ චලනය අනුදැනුමකින් තොරව සිදු වී ඇති බවය) හෝ ඉච්ඡානුගව සිදු කළ හැකිය.


අපගේ ආහාර වේලෙහි අඩංගු කාබෝහයිඩ්‍රේට් වලින් ලැබෙන ග්ලූකෝස් මගින් අපගේ මාංශ පේශිවලට ඉන්ධන සපයයි. නිසියාකාරව වැඩ කිරීමට මාංශ පේශි වලට විශේෂිත ඛනිජ, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් සහ සෝඩියම් වැනි ආහාර ද්‍රව්‍ය අවශ්‍ය වේ.


මාංශ පේශි සෑදීම


කංකාල, සිනිඳු හා හෘත් මාංශ පේශි එකිනෙකට වෙනස් කාර්යයන් සිදු කළද, එකම මූලික සංයුතියකින් යුක්තයි.එක් මාංශ පේශියක් සෑදී ඇත්තේ ප්‍රත්‍යාස්ථ තන්තු දහස් ගණනකිනි. සෑම මිටියක්ම තුනී විනිවිද පෙනෙන පටලයකින් ඔතා ඇත.


තනි මාංශ පේශි තන්තු සෑදී ඇත්තේ මාංශ පේශි සංකෝචනයට අවශ්‍ය ඔක්සිජන් හා ශක්තිය සැපයීම සඳහා විශේෂිත ප්‍රෝටීන (මයෝග්ලොබින්) සහ අණු අඩංගු වන මයෝෆිබ්‍රිල්ස්(myofibrils) නම් ප්‍රෝටීන වලිනි. සෑම මයෝෆයිබ්‍රිල්(myofibrils) සූත්‍රිකාවක්ම සංකෝචනයට සංඥාව ලබා දෙන විට එකට නැමෙයි. මෙමඟින් මාංශ පේශි තන්තු වල දිග කෙටි වන අතර එමඟින් ප්‍රමාණවත් තන්තු එකවර උත්තේජනය වුවහොත් සමස්ත මාංශ පේශි කෙටි කරයි.


විවිධ වර්ගයේ මාංශ පේශි


මාංශ පේශි වල ප්‍රධාන වර්ග තුනට ඇතුළත් වන්නේ:


කංකාල පේශි


කංකාල පේශි ඔබේ අස්ථිවලට කණ්ඩරාවන් හරහා සම්බන්ධ වේ. සෑම මාංශ පේශියක්ම එකට බැඳී ඇති අතර මාංශ පේශි තන්තු දහස් ගණනකින් සමන්විත වේ. මෙම තන්තු වල සංවිධානාත්මක සැකැස්ම ඉරි සහිත රටාවකට මග පාදයි. මේ නිසා, කංකාල පේශි ඉරි සහිත මාංශ පේශි ලෙසද ඔබට දක්නට ඇත. කංකාල පේශි ප්‍රධාන වශයෙන් චලනය සඳහා සම්බන්ධ වේ. මෙම මාංශ පේශිවලින් එකක් හැකිලෙන විට, එය ශරීරයේ නිශ්චිත ප්‍රදේශයක් චලනය කිරීමට ඉඩ දෙයි. ඔබේ කංකාල පේශි ඉච්ඡානුගව ඔබට චලනය සිදුකළ හැක. එයින් අදහස් කරන්නේ ඔබට කංකාල පේශි වල චලනය පාලනය කළ හැකි බවයි. මෙසේ සිදුකළ හැකි එකම මාංශ පේශි කාණ්ඩයද මෙය වේ.


සිනිඳු පේශි


ව්‍යුහයේ දිග් අතට තරංගාකාරයෙන් සංකෝචනය වන ලෙස සිනිඳු පේශි සැකසී ඇත. සිනිඳු පේශි චලනය අපගේ අනු දැනීමකින් තොරව සිදුවන බැවින් අනිච්ඡානුග පේශි ලෙස ද හැඳින්වේ. සිනිදුපේශි ආමාශය, අන්නස්‍රෝතය, ශ්වසනාල වැනි කුහර අවයව වල බිත්තිවල සහ රුධිර නාල වල බිත්තිවල දක්නට ලැබේ. මෙම මාංශ පේශි වර්ගය අනිච්ඡානුග ස්නායු ආවේගයන් මගින් උත්තේජනය වන අතර අභ්‍යන්තර අවයව පාලනය කිරීම සඳහා භාවිතා කරන මන්දගාමී, රිද්මයානුකූල සංකෝචන ඇත. නිදසුනක් ලෙස, ආහාර අන්නස්‍රෝතය දිගේ ගමන් කිරීම දැක්විය හැකිය.


හෘත් පේශි


හෘදයේ බිත්තිවල පමණක් දක්නට ලැබේ. කංකාල පේශි වලට සමාන වන මෙය ඉරි සහිත හා බහු න්‍යෂ්ටික වන අතර මෙහි සංකෝචන ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය මඟින් පාලනය නොවේ. කෙසේ වෙතත්, පේස්මේකර්(pacemaker) ලෙස හැඳින්වෙන සෛල මගින් ස්නායු පද්ධතියේ බලපෑමකින් තොරව හෘත් පේශි සංකෝචනය සිදු කරයි. මයිටොකොන්ඩ්‍රියා, මයෝග්ලොබින් විශාල ප්‍රමාණයක් සහ හොඳ රුධිර සැපයුමක් තිබීම හේතුවෙන් අඛණ්ඩ මාංශ පේශි පරිවෘත්තීය ක්‍රියාවලියට ඉඩ දීම නිසා හෘත් පේශි තෙහෙට්ටුවට බෙහෙවින් ප්‍රතිරෝධී වේ.



මාංශ පේශි පද්ධතියේ කාර්යයන්


  • කංකාල පේශි චලනයන් සඳහා වගකිව යුතු ය.

  • හෘත් පේශි හා සිනිඳු මාංශ පේශි ඔබේ හෘද ස්පන්දනයට සහ ඔබේ ශරීරය හරහා රුධිරය ගලා යාමට උපකාරී වේ.

  • සාමාන්‍ය හුස්ම ගැනීමේදී මෙන්ම තදින් හුස්ම ගැනීමදීද දායක වන අතර මහා ප්‍රාචීරයට උපකාර කිරීම සඳහා අමතර මාංශ පේශි අවශ්‍ය විය හැකිය. මේවාට උදරය, බෙල්ල සහ පිටුපස මාංශ පේශි ඇතුළත් විය හැකිය.

  • ආහාර ජීර්ණයේදී සිනිඳු මාංශ පේශි හැකිලීම සහ ලිහිල් කිරීම මඟින් ජීරණ ක්‍රියාවලිය සිදුකරයි. මෙම මාංශ පේශි මළපහ කිරීම හෝ ඔබ අසනීප වූ විට වමනය මඟින් ආහාර ශරීරයෙන් ඉවතට තල්ලු කිරීමට උපකාරී වේ.

  • මුත්‍රා පද්ධතියේ සිනිඳු හා කංකාල පේශි එකට වැඩ කරන බැවින් ඔබට මුත්‍රා කීරිමේදී ඉවහල් වේ.

  • ගර්භාෂයේ සිනිඳු මාංශ පේශි හැකිලී යෝනි මාර්ගය සංකෝචනය කොට දරුවා පිටතට තල්ලු කිරීමට උපකාරී වේ.

  • ඔබේ අක්ෂි කූපය සෑදී ඇත්තේ ඔබේ ඇස් චලනය කිරීමට උපකාරී වන කංකාල පේශි හයකිනි. ඔබේ ඇස්වල අභ්‍යන්තර මාංශ පේශි සිනිදු මාංශ පේශි වලින් සෑදී ඇත. ඔබට දැකීමට උපකාර කිරීම සඳහා මෙම සියලු මාංශ පේශි එකට වැඩ කරයි

  • ඔබේ අභ්‍යන්තර කුහරයේ ඇති කංකාල පේශි ඔබේ කොඳු ඇට පෙළ ආරක්ෂා කිරීමට සහ ස්ථාවරත්වයට උපකාරී වේ

  • කංකාල පේශි ඉරියව් පාලනය කරයි



මාංශ පේශි ආබාධ


මාංශපේශි දුර්වලතාවයන්, වේදනාව, චලනය නැතිවීම සහ අංශභාගය යනු මාංශ පේශි වල සිදුවිය හැකි ආබාධ වලින් කිහිපයකි. මාංශ පේශිවලට බලපාන ආබාධ, එක්ව ගත් කළ මයෝපති(myopathy) ලෙස හැඳින්වේ. පොදු මාංශ පේශි ගැටළු වලට ඇතුළත් වන්නේ:

  • උළුක්කු , කැක්කුම, ටෙන්ඩොනයිටිස්(tendonitis) සහ තැලීම් ඇතුළු තුවාල හෝ අධික ලෙස මාංශපේෂි භාවිතා කිරීම නිසා ඇතිවන ආබාධ.

  • මාංශ පේශි ක්ෂය වීම (muscular dystrophy) වැනි ජානමය ගැටළු.

  • මයෝසයිටිස්(myositis) වැනි ප්‍රදාහ

  • මල්ටිපල් ස්ක්ලේරෝසිස්(multiple sclerosis) වැනි මාංශ පේශිවලට බලපාන ස්නායු රෝග

  • පරිවෘත්තීය, අන්තරාසර්ග හෝ විෂ සහිත ආබාධ වැනි මාංශ පේශි දුර්වලතාවයට හේතු වන රෝගීතත්ව; උදාහරණයක් ලෙස, තයිරොයිඩ් සහ අධිවෘක්ක ග්‍රන්ථි ආශ්‍රිත රෝග, මත්පැන්, පළිබෝධනාශක විෂ, ඖෂධ සහ මයිස්ටීනියා ග්‍රාවිස්(myasthenia gravis).

  • මෘදු පටක වල ඇතිවන සාකෝමා(soft tissue sarcoma) වැනි පිළිකා තත්ව.


භෞතචිකිත්සාව මගින් මාංශ පේශි ඉරීම, ඇදීම, ක්ෂය වීම වැනි බොහෝ මාංශපේශි ආබාධ තත්වයන්ට.... මාංශ පේශි පුනරුත්ථාපනය, මාංශ පේශි ශක්තිමත් කිරීම, ශාරීරික ව්‍යායාම ප්‍රවර්ධනය හා අධ්‍යාපනය මඟින් ප්‍රතිකාර කිරීම සිදු කරයි.


දෙව්නි මුණසිංහ


References


https://www.betterhealth.vic.gov.au/health/ConditionsAndTreatments/muscles

https://www.healthline.com/health/functions-of-the-muscular-system


Comments


bottom of page