top of page

අවට ප්‍රජාවට COVID-19 පැමිණියහොත් අපි සේවා ස්ථානය සූදානම් කරමු.

Writer's picture: Wephysio MFCWephysio MFC

රට විවෘත වන විට COVID-19 සඳහා සූදානම් වීමට කාලය පැමිණ තිබේ. නමුත් අවදානම තවමත් පවතී. එබැවින්, ඔබේ ප්‍රජාවට COVID-19 පැමිණියහොත් ඔබගේ සේවා ස්ථානය සූදානම් කිරීමට කාලයයි. ඔබේ සේවා ස්ථානයේ යමෙකු COVID - 19 සැක සහිත යැයි හඳුනාගත හොත් ඔබ සූදානම් විය යුතු අතර යමක් සිදුවුවහොත් ඊළඟට ගත යුතු පියවර පිළිබඳව ඔබ හොඳින් දැනුවත් විය යුතුය.


COVID-19 පැතිරී යාමට සේවා යෝජකයින් සහ සංවිධායකයින් සූදානම් විය යුත්තේ ඇයි?


සමාගමක හෝ සේවා ස්ථානයක හෝ කාර්යාලයක සේවා යෝජකයා COVID-19 වෙතින් ඇති විය හැකි අවදානම ගැන සිතා බැලිය යුතුය. මන්ද, ඔබේ සේවා ස්ථානයට පැමිණෙන පුද්ගලයින් නොදැනුවත්වම COVID-19 වෛරසය සේවා ස්ථානයට ගෙන ඒමට අවදානමක් ඇති බැවින් COVID-19 වලට නිරාවරණය අනෙක් අය නොදැනුවත්වම විය හැකිය. එබැවින් ඔබ ඔබේ ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ ආසාදිත සේවකයා අනෙක් අයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා අන් අයව ආරක්ෂා කර නිසි සෞඛ්‍ය සම්පන්න පියවර ගත යුතුය. ඒ සමඟම ඔබ ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් හඳුනාගෙන අපකීර්තියෙන් හා වෙනස් කොට සැලකීමකින් තොරව ඔවුන්ට සහාය විය යුතුය.


එබැවින් සරල පූර්වෝපායන් සහ සැලසුම් කිරීම් විශාල වෙනසක් ඇති කළ හැකිය. දැන් ම ක්‍රියාත්මක වීමඔබේ සේවකයින් සහ ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කිරීමට උපකාරී වේ.


ඔබේ වැඩ කරන ප්‍රජාවට දුරස්ථ සේවය(teleworking) හඳුන්වා දිය හැකි අතර එමඟින් ප්‍රජාව තුළ COVID - 19 පැතිරී යාමකදී ගමන් කිරීමේ සීමාවන් නිසා සේවා ස්ථානයට පැමිණිය නොහැකි අයට සේවා ස්ථානයට පැමිණීමෙන් තොරව සේවය කළ හැකිය. COVID-19 පැතිරී යාමකදී ඔබේ සංවිධානය සූදානම් කිරීමට එය ඔබට උපකාරී වනු ඇත.


COVID-19 ඔබගේ ප්‍රජාවට පැමිණියහොත් ඔබගේ සේවා ස්ථානය සූදානම් කරන්නේ කෙසේදැයි බලමු.

ඔබේ සේවා ස්ථානයක COVID-19 යැයි සැක සහිත අයෙකු රෝගාතුර වුවහොත් කළ යුතු දේ සඳහා උපාය මාර්ග සංවර්ධනය කරන්න.

  • රෝගාතුර වූ පුද්ගලයා ඔහු හෝ ඇය වෙනත් සේවකයන්ගෙන් හුදකලා කර කාමරයක තබා ගන්න.

  • එම රෝගී සේවකයාට නිරාවරණය වන පුද්ගලයින් සීමා කරන්න.

  • අදාළ පළාත් සෞඛ්‍ය බලධාරීන් අමතන්න.


අවදානමට ලක්විය හැකි පුද්ගලයින් හඳුනා ගන්න

  • දියවැඩියාව, හෘද හා පෙනහළු රෝග වැනි බරපතල රෝග ඇති පුද්ගලයින්,

  • වැඩිහිටි වයස

  • COVID-19 සිද්ධීන් වාර්තා කරන ප්‍රදේශයකට මෑතකදී සංචාරය කළ පුද්ගලයින්


අපකීර්තියට හා වෙනස් කොට සැලකීමට ආරාධනා නොකර ඔවුන්ට සහාය වන්න.


ඔබේ සංවිධානය හරහා දුරස්ථ සේවය (teleworking) කරන්නේ කෙසේදැයි නිතිපතා ප්‍රවර්ධනය කරන්න.

ඔබේ ප්‍රජාව තුළ COVID-19 පැතිරී යාමක් සිදුවී ඇත්නම්, පොදු ප්‍රවාහන හා ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්නැයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දිය හැකිය. එම නිසා ඔබේ සේවකයින් ආරක්ෂිතව සිටියදී ඔබේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට දුරස්ථ සේවය (teleworking)උපකාරී වේ.


පැතිරී යාමක් සඳහා ව්‍යාපාර අඛණ්ඩ සැලැස්මක් සංවර්ධනය කරන්න.


රැකියා සඳහා දේශීය සීමාවන් නිසා හෝ ඔවුන් රෝගාතුරව සිටින නිසා සැලකිය යුතු සංඛ්‍යාවක් රැකියා ස්ථානයට පැමිණිය නොහැකි වුවද, ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න සැලැස්ම මගින් අවධානය යොමු කළ යුතුය.


වෙනත් සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහාද එය වලංගු විය හැකිය.

  • ඔබේ සැලැස්ම රැකියා ස්ථානයේ හෝ ප්‍රජාව තුළ ඇති මානසික සෞඛ්‍යය සහ සමාජ ප්‍රතිවිපාක ආමන්ත්‍රණය කරන බවට වග බලා ගන්න.

  • ඕනෑම හදිසි අවස්ථාවකට පෙර ඔබේ දේශීය සෞඛ්‍ය හා සමාජ සේවා සපයන්නන් සමඟ හවුල්කාරිත්ව සහ සැලසුම් සංවර්ධනය කරන්න.

  • ඔබේ සැලැස්ම සංවර්ධනය කිරීම සඳහා ඔබේ ප්‍රාදේශීය හෝ ජාතික මහජන සෞඛ්‍ය අධිකාරිය සහාය සහ මග පෙන්වීම ලබා දෙනු ඇත.

  • ඔබගේ සේවා ස්ථානයේ සහ ප්‍රජාව තුළ COVID-19 පැතිරීම වළක්වා ගන්නේ කෙසේද යන්න මේ වන විට ඔබ සැවොම දැනගෙන ඇත.


ආශිංසනී ප්‍රනාන්දු


Reference


  • https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports

  • https://www.who.int/docs/default-source/coronaviruse/getting-workplace-ready-for-covid-19.pdf

  • https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019

  • https://www.epi-win.com/

11 views0 comments

Comments


bottom of page