top of page

ආඝාතය රෝගීන් සඳහා ප්‍රථමාධාර

Writer's picture: Wephysio MFCWephysio MFC

ආඝාතය සිදුවන්නේ මොළයට රුධිර සැපයුම අවහිර වූ විට හෝ සීමිත වූ විටය. ආඝාතය වෛද්‍ය ක්ෂේත්‍රයේ හදිසි අවස්ථාවක් ලෙස සලකයි. ඉක්මන් මැදිහත්වීම පුද්ගලයෙකුගේ පැවැත්මට ඇති අවස්ථාව වැඩි කරන අතර දිගු කාලීනව ආබාධිත වීමේ අවදානම අඩු කරයි. ප්‍රථමාධාර හා ප්‍රතිකාර වලින් පසුව ආ ඝාතය ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය වෙනස් වේ.


යමෙකුට ආඝාතයක් ඇති බවට ඔබ සැක කරන්නේ නම්, ප්‍රධාන සලකුණු හඳුනා ගැනීමට FAST මාර්ගෝපදේශය භාවිතා කරන්න.



F ➡️ A ➡️ S ➡️ T


🤨 F (මුහුණේ දුර්වලතාවය )

▶️ සිනහ වීමට හැකිදැයි රෝගියාගෙන් අසන්න. පසුව, ඔවුන්‍ග‍ේ මුඛය සහ ඇස් දෙස හොදින් බලන්න.

▶️ ඔවුන්ගේ මුහුණ මැල වී ඇති අතර ඔවුන්ට ඒකාකාරීව සිනහසීමට නොහැකිය.


🖐️ A (හස්ත දුර්වලතා)

▶️ අත් දෙකම ඔසවන්නට හැකිදැයි රෝගියාගෙන් විමසන්න.

▶️ ඔවුන්ට කළහැක්කේ එක් අතක් එසවීමට පමණි.


🗣️ S (කථන ගැටළු)

▶️ රෝගියාට කතාකිරීමට හැකිදැයි බලන්න

▶️ඔබේ නම කුමක්ද වැනි ප්‍රශ්නයක් ඔවුන්ගෙන් අසන්න.

▶️ ඔවුන්ට පැහැදිලිව කතා කළ නොහැකිය.


⏲️ T (වේලාව)

▶️ සියලුම රෝග ලක්ෂණ ඇත්නම්, හදිසි උපකාර සඳහා 1990 අමතන්න


යමෙකුට ආඝාතයක් ඇති බව ඔබ හඳුනා ගන්නේ නම්, මෙම ප්‍රථමාධාර පියවර අනුගමනය කරන්න



✔️ 🆘️📞හදිසි සේවා සඳහා 1990 අමතන්න


✔️ සෘජු හිරු එළියෙන්☀️ පුද්ගලයාව සිසිල් ස්ථානයකට ගෙන යන්න.


✔️ පුද්ගලයාගේ අනවශ්‍ය ඇඳුම් ඉවත් කර සීතල වතුර ඉසීමෙන් හෝ විදුලි පංකාවක් යෙදීමෙන් පුද්ගලයාගේ මුළු සිරුරම සිසිල් කරන්න


සිහි ඇති පුද්ගලයෙකු නම්, ඔහුව සුව පහසු ස්ථානයකට තබන්න


↪️ ඔවුන්ගේ හිස උරහිස් තරමක් ඉහළට ඔසවා කොට්ටයකින් ආධාරක විය යුතුය.


සිහිසුන්ව සිටින පුද්ගලයා නම්,



ඔවුන්ගේ වාතය සහ හුස්ම නිරීක්ෂණය කරන්න


↪️ පුද්ගලයාගේ නිකට ඔසවා ඔවුන්ගේ හිස තරමක් පසුපසට ඇලවීම සිදුකරන්න.

↪ ඔහුගේ පපුව චලනය වන්නේ දැයි බලන්න.

↪️ හුස්ම ගැනීමේ ශබ්දවලට සවන් දෙන්න.


හොදින් හුස්ම ගනී නම් ඔහුව ප්‍රතිසාධන තත්වයට(Recovery position) ගෙන යන්න.


හුස්ම ගැනීමේ සලකුණු නොමැති නම් CPR ආරම්භ කරන්න. ඔබ නිවැරැදිව CPR ලබාදීම දන්නවානම් , එය එම අවස්ථාවේදී ලබාදෙන්න.


✔️ ඔවුන් සීතල නම්, ඔවුන්ව උණුසුම්ව තබා ගැනීම සඳහා බ්ලැන්කට්ටුවකින් ආවරණය කරන්න🌡️.


✔️ එක් එක් කකුලේ සහ පුද්ගලයාගේ බෙල්ලේ පිටුපස අයිස් ඇසුරුම් යොදන්න


✔️ ඉහළ ශරීර උෂ්ණත්වය අඩු කිරීම සඳහා ඇස්පිරින්💊 හෝ ඇසිටමිනොෆෙන්💊 ලබා නොදෙන්න.


✔️ පුද්ගලයා අවදියෙන් හා කෑම ගැනීමට තරම් අවදියෙන් සිටී නම්, පුද්ගලයාට සජලනය💧 සඳහා තරල ලබා දෙන්න


✔️ ගිලන් රථය🚑 පැමිණෙන තෙක් බලා සිටින අතරතුර, රෝගියාගේ තත්වයෙහි යම් වෙනසක් සිදුවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරන්න.



ඉමේෂා මල්ෂානි



References


  • https://www.healthlinkbc.ca/health-topics/tw3250spec

  • https://www.sja.org.uk/get-advice/first-aid-advice/stroke

34 views0 comments

Commenti


bottom of page