top of page

උදර ස්ථුලතාවය අඩු කරගනිමු

Writer: Wephysio MFCWephysio MFC

උදර ස්ථුලතාවය යනු උදරය වටා ශරීරයේ මේදය අධික ලෙස තැන්පත්වීමයි. නිසැකවම ඔබට ඉතා විශාල ඉදිරියට නෙරා ආ උදරයක් තිබේ නම්, අතිරික්තමේදය ඔබේඅක්මාව, හෘදය වැනි අවයව වටා තැන්පත් විය හැක. එබැවින් උදර ස්ථුලතාවය බරපතල සෞඛ්‍ය ගැටළුවක් ලෙස මතුවෙමින් පවතින අතර එයබෝ නොවන රෝගබොහොමයකට මුල වේ.


මූලික කරුණු මතක තබා ගන්න. දෘශ්‍ය මේදය අඩු කර ගත හැකි එකම ක්‍රමය බර අඩු කර ගැනීමයි. ඒ සඳහා ඇති එකම ක්‍රමය වන්නේ ඔබ ආහාර ගැනීමෙන් ගන්නා ප්‍රමාණයට වඩා ව්‍යායාම මගින් කැලරි දහනය කිරීමයි. තිරසාර බර අඩු කර ගැනීම සඳහා කැලරි සීමා කිරීම සහ ව්‍යායාම වැඩි කිරීම අවශ්‍ය වේ.


උදර ස්ථුලතාවය අඩු කරගැනීමට උපදෙස් කිහිපයක්.


ආහාර සුදුසු පරිදි තෝරා ගන්න


  • අධික කැලරි සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

  • අධික තෙල් සහිත සහ ක්ෂණික ආහාර අඩු කරන්න.

  • ඔබේ ආහාර වේලට තවත් පලතුරු හා එළවළු එකතු කරන්න.


සතියකට දින 5 ක් අවම වශයෙන් දිනකට මිනිත්තු 30 ක් වියායාම කරන්න.


  • වේගවත් ඇවිදීම(Brisk walking)

  • පඩිපෙල නැගීම

  • පාපැදි පැදීම

  • Jogging

  • Treadmill walking

  • පිහිනීම


ඔබේ ආතතිය පාලනය කරන්න


  • භාවනා කරන්න

  • සංගීතයට සවන් දෙන්න

  • කතන්දර පොතක් කියවන්න

  • ප්‍රමාණවත් නින්දක් ගන්න



කසුනි හසින්තා


References


  • https://www.who.int/activities/controlling-the-global-obesity-epidemic

  • https://www.health.harvard.edu/staying-healthy/abdominal-obesity-and-your-health


Comments


messenger-1280.png
bottom of page