top of page

උදර ස්ථුලතාවය පිළිබද ඔබ දැනුවත්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

උදරය ඉදිරියට නෙරා ඒම කාන්තා පිරිමි දෙපාර්ශවයම තරමක් අපහසුතාවයට පත් වන කරුණක්. වුවද ශරීරයේ හැඩය ගැන වඩා සැලකිලිමත් වන බැවින් කාන්තාවන්ට මෙය තරමක ගැටලුවක් . නමුත් ශරීරයේ හැඩය වෙනස් වීමට වඩා මෙය ගැන ගැඹුරින් සිතිය යුතුයි. ඔබේ / උදරය වටා ශරීරයේ මේදය අධික ලෙස තැන්පත් වීම උදර ස්ථුලතාවය ලෙස හැඳින්වේ. ඔබ කියාශීලී බවින් අඩු ජීවිතයක් ගත කරන්නේ නම්, ආහාර මගින් ඔබ ලබා ගන්නා සියලුම කැලරි දහනය නොවී ඉතිරි වන කැලරි මේදය බවට පරිවර්තනය කර තැන්පත් කරයි.


සියලුම මේද සමාන නොවේ


ඔබේ ශරීරයේ බොහෝ මේදය සමට පහළින් ඇත. ඔබේ දෑතින් අල්ලා ගත හැකි ආකාරයේ මේදය subcutaneous fat ලෙස හැඳින්වේ. ඔබේ උදරයේ මේදය visceral fat ලෙස හැඳින්වෙ. එය ඔබේ අභ්‍යන්තර අවයව හා අතර සහ අවට ඇති අවකාශයන් තුළ ගොඩ නගන බැවිනි.


ශරීරයේ අතිරික්ත මේදය සෞඛ්‍යයට බරපතල ප්‍රතිවිපාක ඇති කරයි. එය ඉහළ මට්ටමේ LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ හා HDL කොලෙස්ටරෝල් මට්ටම සමඟ සම්බන්ධ වේ. එය ශරීරයේ ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිචාරය අඩාල කරයි, රුධිරයේ සීනි සහ ඉන්සියුලින් මට්ටම ඉහළ නංවයි. ශරීරයේ මේදය අතිරික්තය හෘදයාබාධ, ආඝාත, අධි රුධිර පීඩනය, පිළිකා, දියවැඩියාව, ඔස්ටියෝ ආතරයිටිස්, මේද අක්මාව සහ මානසික අවපීඩනය ඇතුළු මරණයට හා ආබාධිතභාවයට ප්‍රධාන හේතු වේ.


උදර ස්ථුලතාවය මනින්නේ කෙසේද?

ඉණ වට ප්‍රමාණය යනු උදර ස්ථුලතාවය හඳුනා ගැනීම සඳහා සරල මිනුමකි. නොඇදෙන මිනුම් පටියක් භාවිතා කිරීමෙන්, සාමාන්‍ය ප්‍රාශ්වාසය අවසානයේ ඔබේ ඉණ වට ප්‍රමාණය නාභිය මට්ටමින් මැනිය හැකිය


ලෝක සෞඛ්‍ය සංවිධානයේ උදර ස්ථුලතාවය සඳහා යෝජිත අගයන් පහත පරිදි වේ.


වැඩි අවදානම


  • කාන්තාවන් > 80cm

  • පිරිමි > 94cm


සැලකිය යුතු ලෙස වැඩි අවදානම


  • කාන්තාවන් > 88cm

  • පිරිමි > 102cm


උදර ස්ථුලතාවය පිළිබදව සැලකිලිමත් විය යුත්තෙ ඇයි?

එය බෝ නොවන රෝග හට ගැනීමෙන් සලකුණක් විය හැකිය.


  • අධි රුධිර පීඩනය

  • ආඝාතය (Stroke)

  • දියවැඩියාව

  • කොලෙස්ටරෝල්

  • අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver)

  • හෘද රෝග


කසුනි හසින්තා



References


  • https://www.who.int/activities/controlling-the-global-obesity-epidemic

  • https://www.health.harvard.edu/staying-healthy/abdominal-obesity-and-your-health

  • https://www.webmd.com/diet/obesity/features/the-risks-of-belly-fat#1

4 views0 comments

Comentarios


bottom of page