top of page

ඔටුකුදය (Kyphosis) පිළිබඳව දැනගනිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Jul 22, 2020

ඔටුකුදය(Kyphosis) යනු කුමක්ද?

මෙමගින් කොදු ඇට පෙළේ අසාමාන්‍ය වක‍්‍රය විස්තර කරයි. කයිෆොටික් වක‍්‍රය සාමාන්‍යයෙන් උරස් කොදුඇට පෙළේ (පපුවේ ප‍්‍රදේශයේ කොදු ඇට පෙළේ කොටස) දක්නට ලැබේ. කයිෆොටික් වක‍්‍රය ‘‘C’’ අකුරට සමාන වන අතර C විවරය ඉදිරිපස දෙසට යොමු වේ. උරස් කොදු ඇට පෙළ වක‍්‍ර විය යුතු වූවත් පුද්ගලයෙකුගේ උරස් කොදු ඇට පෙළේ වක‍්‍රය 40° සිට 45° ට වඩා වැඩි නම්, එය අසාමාන්‍ය හෝ කොදු ඇට පෙළේ විකෘතිතාවයක් ලෙස සලකනු ලබන අතර, එය ඔටුකුදය(Kyphosis) ලෙස හැදින්වේ.



ඔටුකුදය ඕනෑම වයසකදී ඇති විය හැකි නමුත් යොවුන් වියේදී බහුලව දක්නට ලැබේ. නව යොවුන් වියේදී බොහෝ විට සුළු තත්ත්ව දැකිය හැක. ඔටුකුදය රෝගයෙන් පෙළෙන යෞවනයෙකුගේ වර්ධනය නතර වන තුරු මෙම රෝගය පිළිබද විශේෂඥයෙකු විසින් ඒවා හොදින් නිරීක්ෂණය කල යුතුය.


පොදුවේ ගත් කල වක‍්‍රය වැඩි වන තරමට තත්ත්වය වඩාත් බරපතල වේ. වක‍්‍රය අඩු වීමේදී වේදනාව අඩු වීම හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති විය හැක. වක‍්‍රය වඩාත් වැඩි වීමේදී කොදු ඇට පෙළේ සැලකිය යුතු වෙනසක් සිදුවන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස රෝගියාගේ කොන්ද ප‍්‍රදේශයේ ඇතිවන කුදය පිටතට දැකගත හැක.


ඔටුකුදය(Kyphosis) ඇති වීමට හේතු

  • දුර්වල ඉරියව්

- සිටගෙන සිටීමේදී කොදුඇට පෙලට සහ කොන්දේ මාංශ පේෂී වලට ඇති කරන වැඩි බලයන්

- හිස ඉදිරියට යොමුවන සේ සහ උරහිස් අතර පරතරය නොමැති වන සේ වකුටු වී වාඩි වී සිටීම

- නුසුදුසු පාසල් මේස, අධික බර පැටවූ මලූ සහ කොන්දේ එල්ලා ගෙන යන මලූ


  • ඔස්ටියෝෆොරෝසිස් (බොහොමයක් අවස්ථාවලදී මෙය හේතුවේ)

  • සංජානනීය (උපතේදී සිට ඇතිවන තත්ත්ව)

  • කොදුඇට පෙලට ඇතිවන කම්පන හෝ තුවාල

  • කොදු ඇට පෙළේ ගැටළු පිළිබද පවුල් ඉතිහාසය(Scheuermann's kyphosis)

  • ස්නායු පේෂි සම්බන්ධ තත්ත්වයන් (cerebral palsy, spina bifida)

  • පරිවෘත්තීය තත්ත්වයන් (දියවැඩියාව)

  • කොදුඇට පෙළ ආශ්‍රිතව ඇතිවන ආසාදන (osteomyelitis)

  • ‘‘Iatrogenic factors’’ (වෛද්‍ය ප‍්‍රතිකාර හෝ සැත්කම් වල ප‍්‍රතිඵල ලෙස - උදා-: පිළිකා සහ පිළිකා ප‍්‍රතිකාර)

  • සින්ඩ්‍රෝම් (සහලක්ෂණ) - (උදා-: Ehlers-Danlos syndrome, Marfan syndrome)

  • Scheuermann’s disease


ඔටුකුදය(Kyphosis) ආකාර

ඔටුකුදය ආකාර කිහිපයකි. ඒ අතරින් බහුලව දක්නට ලැබෙන ආකාර තුන නම්


- වැරදි ඉරියව් හේතුවෙන් ඇතිවන ඔටුකුදය(Postural kyphosis)

- Scheuermann’s kyphosis

- සංජානනීය ඔටුකුදය - Congenital kyphosis


වැරදි ඉරියව් හේතුවෙන් ඇතිවන ඔටුකුදය - Postural kyphosis


  • වඩාත්ම බහුල ආකාරයයි

  • දුර්වල ඉරියව් හෝ හිස හා උරහිස් එල්ලී වැටෙන සේ වාඩි වී සිටීම මගින් ඇති විය හැක.

  • පිරිමි ළමුන්ට වඩා ගැහැණුු ළමුන් තුල බහුලව දක්නට ලැබේ.

  • තවදුරටත් වර්ධනය වීමක් දක්නට නොවේ.

  • කොදු ඇට පෙළේ ව්‍යුහාත්මක අසාමාන්‍යතා ඇති නොකරයි.


Scheuermann’s kyphosis


  • යොවුන් වියේදී වඩාත් දක්නට ලැබේ.

  • කොදු ඇට පෙළේ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයක් නිසා ඇති වේ.

  • ගැහැණු ළමයින් වඩා පිරිමි ළමයින් තුල බහුලව දක්නට ලැබේ.

  • රෝගියාගේ වර්ධනය අවසන් වූ පසු මෙහි වර්ධන අවසන් වේ.


සංජානනීය ඔටුකුදය - Congenital kyphosis


  • උපතේදී ඇතිවේ.

  • ළදරුවා ගර්භාෂයේ සිටියදී කොදු ඇට පෙළේ සාමාන්‍ය වර්ධනය සිදු නොවීමෙන් ඇති වේ.


ඔටුකුදය හදුනාගහැකි ලක්ෂණ

වක‍්‍රයේ බරපතල කම සහ ඇතිවීමට හේතු අනුව රෝගයේ රෝග ලක්ෂණ වෙනස් වේ. ඒ අනුව,


  • වටකුරු උරහිස්

  • බාහිරින් දැකගත හැකි පිටෙහි ඇතිවන කුදය

  • ඉදිරියට නැමීමේදී කොන්දේ ඉහල ප‍්‍රදේශය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා ඉහලින් පෙනේ.

  • හිස, සෑම විටම හෝ සෑම විටම පාහේ ඉදිරියට නැමී තිබේ.

  • උරහිස් හෝ උරපත්ත වල උස හෝ පිහිටන ස්ථානයේ වෙනසක් දක්නට ලැබේ.

  • සුළු කොන්දේ කැක්කුම

  • තෙහෙට්ටුව

  • කොදුඇට පෙළෙහි තද ගතිය

  • කළවා පිටුපස මාංශ පේෂි තදගතිය


ඔටුකුදය දිගින් දිගටම වර්ධනය වීම මගින් ඇතිවන සංකූලතා,

  • කකුල් වල දුර්වලතාව, හිරිවැටීම

  • සංවේදීතාව නැති වීම

  • හුස්ම ගැනීමේ අපහසුතා

  • ශාරීරික ක‍්‍රියාකාරකම් අඩුවීම

  • ආහාර ජීර්ණ ගැටලූ

  • ශරීරයේ බාහිර ස්වරූපයේ ගැටළු


ප‍්‍රතිකාර

මෙහි අරමුණ වන්නේ වක‍්‍රය වර්ධනය වීම නැවැත්වීම සහ විකලාංගතා ඇතිවීම වැලැක්වීමයි.


ඔටුකුදය කල්තියා හදුනා ගත හොත්, රෝගීන්ගේ බහුතරයකට ශල්‍ය කර්මයකින් තොරව සාර්ථකව ප‍්‍රතිකාර කල හැකි අතර, ක‍්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල හැක. ප‍්‍රතිකාර නොකල හොත් වක‍්‍රයේ වර්ධනය වැඩිහිටි වියේදී ගැටළු වලට තුඩු දිය හැක. ඔටුකුදය රෝගීන් සදහා, තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ වක‍්‍රයේ වර්ධනය පරීක්ෂා කිරීම සදහා නිරන්තර පරීක්ෂාවන් අවශ්‍ය වේ.



චාමිකා හංසමාලි



References


  • https://orthoinfo.aaos.org/en/diseases--conditions/kyphosis-roundback-of-the-spine#:~:text=Kyphosis%20is%20a%20spinal%20disorder,but%20is%20common%20during%20adolescence.

  • https://www.mayoclinic.org/diseases-conditions/kyphosis/symptoms-causes/syc-20374205

  • https://www.umms.org/ummc/health-services/orthopedics/services/spine/patient-guides/adult-kyphosis

  • https://www.researchgate.net/figure/A-fifteen-year-old-boy-with-progressive-Scheuermann-kyphosis-and-serious-back-pain-Late_fig3_232737185

  • http://www.childrenshospital.org/conditions-and-treatments/conditions/k/kyphosis#:~:text=While%20some%20children%20are%20born,of%20adolescent%20kyphosis%20are%20mild.

101 views0 comments

Comments


bottom of page