COVID 19 වසංගතය පැතිරෙන තරම්ම වේගයෙන් අප සමාජය තුළ වෛරසය පිළිබඳ මිත්‍යා මත හා අසත්‍යය තොරතුරු ව්‍යාප්ත වන පසුබිමක, ඒවා අතරින් අසත්‍යය තොරතුරු වෙන් කරගැනීම වැදගත්ය. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය ආරක්ෂිතම ක්‍රමය ලෙස පවතින අතර, COVID 19 ගැන සංසරණය වන සමහර මිථ්‍යාවන් සහ අසත්‍යයන් ඉවත් කිරීමද වැදගත්ය.
COVID 19 වෛරසය ආසාදනය වන්නේ වැඩිහිටියන්ට පමණි.
අසත්‍යකි… සියලුම වයස්වල පුද්ගලයින්ට COVID 19 වෛරසය වැළඳිය හැකිය. වයස්ගත පුද්ගලයින් සහ වෙනත් දීර්ඝකාලීන රෝගාබාධ ඇති පුද්ගලයින් (දියවැඩියාව, ඇදුම වැනි) වඩාත් අවදානමට ලක්විය හැකි අතර වෛරසය ආසාදනය වීමෙන් දරුණු ලෙස රෝගාතුර විය හැකිය. එබැවින් සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගත යුතුය. උදාහරණයක් ලෙස සෑම කෙනෙකුම නිවැරදිව අත් සේදීම සහ හොඳ ශ්වසන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය.
COVID 19 වෛරසය වාතය මගින් සම්ප්‍රේෂණය වේ.
අසත්‍යකි… මේ දක්වා කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ ආසාදිත පුද්ගලයෙකු කසින විට, කිවිසුම් යැවීමේදී හෝ කතා කරන විට පිටවන බිඳිති මගින් COVID 19 වෛරසය ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වන බවයි. මෙම බිඳිති වාතය මගින් පැතිරයාමට නොහැකි තරම් බරින් යුක්ත වන අතර ඒවා ඉක්මනින් පොළොව මතුපිට හෝ යම් පෘෂ්ටයක් මත තැවරේ.
කෙසේ වෙතත්, ඔබ COVID 19 ආසාධිත පුද්ගලයෙකු අසල මීටරයක දුර ප්‍රමාණයක් ඇතුළත සිටී නම් හෝ අපවිත්‍ර මතුපිටක් ස්පර්ශ කිරීමෙන් පසු අත් සේදීමට පෙර ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වෛරසය ඔබට ආසාදනය විය හැකිය.
රෙදිවලින් මසන ලද මුහුණු ආවරණයක් භාවිතා කිරීමෙන් වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකිය.
අසත්‍යකි… surgical masks සහ N95 respirators යන සායනික මුහුණු ආවරණවල පවතින හිගය සහ හැකිතාක් සෞඛ්‍ය සේවකයිගේ භාවිතය සඳහා ඒවා වෙන්කල යුතු නිසා සායනික මුහුණු ආවරණ වෙනුවට රෙදි මුහුණු ආවරණ පැලඳීම රජය විසින් නිර්දේශ කර ඇත. රෙදි මුහුණු ආවරණ පැලඳීමේ මූලික අරමුණ වන්නේ ඔබ දැනටමත් COVID 19 වෛරසය ආසාදනය වී ඇති නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන පසුබිමකදී ඔබ වටා සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමයි. එමනිසා ඔබ සිල්ලර වෙළඳසැල් සහ ඔසුසල් වැනි පුද්ගලයින් ගැවසෙන ස්ථානයක සිටින විට රෙදි මුහුණු ආවරණ පැළඳිය යුතු අතර එමෙන්ම ඔබ හා අන් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගතයයුතුය. එමෙන්ම අනෙක් සෑම වෛරසය පැතරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කළ යුතුය.
ඔබ සූර්ය රශ්මියට හෝ වැඩි උෂ්ණත්වයවලට නිරාවරණය වීමෙන් COVID 19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකිය.
අසත්‍යකි… අවට කාලගුණය කෙතරම් උණුසුම් වුවත් ඔබට COVID 19 වෛරසය ආසාදනය විය හැකිය. අප දැන් වසරේ උණුසුම්ම කාලගුණය අත්විඳිමින් සිටියද, වෛරසය රට තුළ පැතිරෙමින් පවතින බව අපට තවමත් දැක ගත හැකිය. එබැවින් ආසාදනය වීමෙන් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ කෙනෙකුම නිවැරදිව අත් සේදීම සහ හොඳ ශ්වසන සෞඛ්‍ය පුරුදු අනුගමනය අනුගමනය කරන බවට වග බලා ගන්න.
සුදුළූණු ආහාරයට ගැනීමෙන් COVID 19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකිය.
අසත්‍යකි… සුදුළූණු යනු තරමක ක්ෂුද්‍රජීවීනාශක ගුණ ඇති සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. කෙසේවෙතත්, සුදුලූනු ආහාරයට ගැනීමෙන් COVID 19 වෛරසයෙන් ආසාදනය වීම වළක්වා ඇති බවට තහවුරු වන කිසිදු සාක්ෂියක් නොමැත.
පසිදු උදාර
References
https://www.who.int/news-room/q-a-detail/q-a-coronaviruses
https://www.cdc.gov/coronavirus/2019-ncov/faq.html
https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public/myth-busters
Comments