top of page

නිවැරැදිව සිටගන්නා ආකාරය පිළිබද ඔබ දැනුවත් ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Jul 22, 2020

සිටගැනීමේ ඉරියව්ව අපගේ එදිනෙදා ජීවිතයේ මානසික හා ශාරීරික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නිවැරදිව ඉරියව්වෙන් සිටගෙන සිටීමට ඉගෙන ගැනීමෙන් මාංශ පේශි කැක්කුම සහ මාංශ පේශි වේදනාව අඩු කර ගත හැකි අතර ඔබේ තුවාල වීමේ අවදානමද අඩු කර ගත හැකිය. වාඩි වී සිටීම වෙනුවට සිටගෙන සිටීමෙන් පැයකට තවත් කැලරි 50 ක් දක්වා දහනය කළ හැකිය ඒ අනුව වසරකට අමතර කැලරි 30,000 ක් පමණ දහනය වේ. දුර්වල හා වැරදි ඉරියව් හේතුවෙන් ඔබේ මාංශ පේශි හා අස්ථි කොටස් වලට හානි වන අතර වේදනාව හා කැක්කුම ඇති විය හැක. සිටගෙන සිටීමට හොඳ නිවැරදි ඉරියව්වක් සහ මාංශ පේශි තානය(muscle tone) අවශ්ය වේ. ඔබ නිවැරදි ඉරියව්ව ප්රගුණ කළ පසු, ඔබට වැඩි කාල පරිච්ඡේදයන් ප්රමාණයක් සිටගෙන සිටීමට උත්සාහ කළ හැකිය.


නිවැරදි ඉරියව්වක් යනු කුමක්ද?

යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී නිවැරදිව, නිසි ආකාරයෙන් සිරුර සමතුලිතව පවත්වා ගැනීම නිවැරදි ඉරියව්වක් ලෙස හැඳින්වේ.


සිටගැනීමේ නිවැරදි ඉරියව්ව කුමක්ද?

නිවැරදි සිටගැනීමේ ඉරියව්ව - ඉදිරිපසින් නිරීක්ෂණය කල විට,


  • උරහිස් යුගල එකම රේඛාවක පිහිටන අතර පොළොවට සමාන්තර වේ.

  • උකුල් යුගල එකම රේඛාවක පිහිටන අතර පොළොවට සමාන්තර වේ.

  • දණහිස් යුගල එකම රේඛාවක පිහිටන අතර පොළොවට සමාන්තර වේ.

  • වළලුකර යුගල එකම රේඛාවක පිහිටන අතර පොළොවට සමාන්තර වේ.


නිවැරදි සිටගැනීමේ ඉරියව්ව - පාර්ශ්විකව(පැති) නිරීක්ෂණය කල විට


වළලුකර අස්ථියේ සිට හිස මුදුන දක්වා සරල රේඛාවක් අඳින විට , පරිපූර්ණ ස්ථාවර ඉරියව්වක් සඳහා, පහත දැක්වෙන දෑ එම රේඛාවේ පිහිටිය යුතුය.


  • කනෙහි පිටුපස දාරය

  • උරහිස් සන්ධියේ ඉහළ කොටස

  • උකුල් සන්ධිය

  • දණහිසේ මැද කොටස

  • වළලුකර සන්ධිය


නිවැරදි සිටගැනීමේ ඉරියව්ව - පිටුපසින් නිරීක්ෂණය කල විට (ඔබේ ඉරියව්ව පිටුපසින් නිවැරදි දැයි පරීක්ෂා කිරීමට වෙනත් පුද්ගලයෙකුගේ සහය ලබා ගන්න)


පහත දැක්වෙන ව්‍යුහ විද්‍යාත්මක පිහිටීම්, තිරස් අතට සමමිතිකව තිබිය යුතුය .


  • කන් පෙති

  • Breadth of shoulders

  • Scapulae

  • Waist creases

  • Posterior iliac spines (ඩිම්පල්ස් )

  • Buttock creases


දණහිස් සහ එසේම ඔබේ පාද අතර දුර උරහිස් අතර පළලට සමාන වන පරිදි තබාගෙන තරමක් පිටතට යොමු කරන්න.


ඔබට නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්

  • පළමුවෙන් ඔබ කෙලින් සිටගන්න .

  • අනතුරුව ඔබේ පාදයේ ඉදිරිපස සහ විලුඹ මත ඔබේ බර දරා ගන්න.

  • ඔබේ පාද අතර දුර උරහිස් අතර පළලට සමාන වන පරිදි තබාගෙන තරමක් පිටතට යොමු කරන්න.

  • ඔබේ දණහිස් තරමක් නැමී තිබීම වැදගත්ය නමුත් ඔබේ දණහිස් අගුලු දැමීමෙන් වළකින්න.

  • ඔබේ බඩ මදක් පිටුපසට ගෙන ඔබේ ශ්‍රෝණිය ඉදිරියට පෙරළීම වළක්වන්න.

  • ඔබේ උරහිස් පිටුපසට ඇදී පවතින සේ තබා ගන්න .

  • ඔබගේ දෑත් ශරීරය ට දෙපසින් පහලට යොමු වන පරිදි නිදහස්ව තබාගන්න.

  • නිකට මදක් පසුපසට ගෙන ඔබේ හිස කෙළින් තබා ගන්න, ඔබේ හිස ඉදිරියට, පසුපසට හෝ පැත්තට තල්ලු නොකර කෙළින්ම ඉදිරිපස බලන්න .

  • ඔබට දිගු වේලාවක් සිටගෙන සිටීමට සිදුවුවහොත්, ඔබේ බර ඔබේ ඇඟිලිවල සිට විලුඹ දක්වා හෝ එක් පාදයකින් අනෙක් පාදයට මාරු කරන්න.


වැරදි සිටගැනීමේ ඉරියව් නිසා ඇති විය හැකි සෞඛ්‍යය ගැටලු මොනවාද?

  • කොඳු ඇට පෙළ සහ බෙල්ලේ වේදනාව

  • මාංශ පේශි වේදනාව

  • කශේරුවේ ස්වාභාවික පැවැත්මට බාධා ඇති වීම

  • ආතරයිටිස්


නිවැරදි සිටගැනීමේ ඉරියව් පවත්වා ගැනීමේ වාසි ?

  • ශරීරයේ නිවැරදි ඉරියව්ව දියුණු වීම.

  • රුධිර සංසරණ ක්‍රියාවලිය හොදින් පවත්වා ගත හැකි වීම

  • ආධාරක මාංශ පේශි වල ඉරීම ( tear) අඩු කරයි

  • Ligaments වල වික්‍රියාව(අසාමාන්‍ය ඇදීම ) අඩු කරයි

  • කොන්දේ වේදනාව, බෙල්ලේ වේදනාව සහ මාංශ පේශි වේදනාව වළක්වයි

  • තෙහෙට්ටුව වළක්වයි


කොඳු ඇට පෙළේ ආබාධ ඇතිවීමට හේතුව කුමක්ද?

Lordosis ඇතිවීමට හේතු


  • Achondroplasia (අස්ථි වර්ධන ආබාධයක්)

  • Spondylolisthesis (කොඳු ඇට පෙළේ පහළ පිහිටි කශේරුකා ඉදිරියට තල්ලු වීම )

  • ඔස්ටියෝපොරෝසිස්

  • තරබාරුකම

  • කොඳු ඇට පෙළේ ආසාත්මිකතා


Kyphosis ඇතිවිය හැක්කේ,


  • සංජානනීය kyphosis (congenital kyposis) [ගර්භාෂයේදී කලලයේ අසාමාන්‍ය කොඳු ඇට පෙළේ වර්ධනය]

  • ඔස්ටියෝආතරයිටිස්

  • ආතරයිටිස්

  • කොඳු ඇට පෙළේ ආසාත්මිකතා


නව යොවුන් වියේ බහුලව දක්නට ලැබෙන scoliosis වර්ගයට හේතුව කුමක්දැයි වෛද්‍ය විද්‍යා විශේෂඥයින් නොදනී. එයට පාරම්පරික සාධක සම්බන්ධ බව පෙනේ. අඩුවෙන් දක්නට ලැබෙන ආකාරයේ scoliosis ඇතිවිය හැක්කේ,


  • තුවාල

  • ආසාත්මිකතා

  • උපතේදී සිදුවන වැරදි

  • වැරදි ඉරියව්


භෞතචිකිත්සක නිළධාරීන්, ඔබේ ඉරියව් විලාසය හඳුනාගත හැකි අතර ,එමනිසා ඔබට නිවැරදි ඉරියව්වක් කරා ලගාවීමට ඔවුන් උපකාරී වේ. හොඳ ඉරියව්වක් තිබීම අපගේ අස්ථි හා සන්ධි නිවැරදිව පවත්වා උපකාරී වන අතර එමඟින් අපගේ ආධාරක මාංශ පේශි සහ අස්ථි කොටස් නිසි ලෙස භාවිතා වේ. මෙම මාංශ පේශිවල අඩු ඉරීම අපට වඩා හොඳින් ජීවත් වීමට හා හොඳින් එදිනෙදා කාර්යන් අපහසුවකින් තොරව සිදු කිරීමට හැකියාව ලබා දෙයි.



පියුමි මහිංසලා



References


  • https://upwardspiral.co.uk/posture-pain/correct-standing-posture/

  • https://rechargehq.com.au/correct-standing-posture/

  • https://www.wikihow.com/Stand-Correctly

  • https://www.webmd.com/back-pain/guide/types-of-spine-curvature-disorders#1

  • https://sinicropispine.com/3-common-spinal-curvature-disorders/

Commentaires


bottom of page