top of page

නිවසේ සිටින අතරතුර ඇතිවන මානසික ආතතිය වළක්වාගනිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

ශ්‍රී ලංකාවේ නව COVID-19 රෝගය පැතිරීම වැලැක්වීමට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී ඇත. දිගු කලක් හුදකලාව සිටීම යහපත් මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමට සැලකියයුතු අභියෝගක් වේ. ශාරීරික හා මානසික සෞඛ්‍යය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක ප්‍රධාන කොටස් වේ. මෙම කොරෝනා වසංගත කාලය තුළ මහජනතාවගේ මානසික සෞඛ්‍යය සලකා බැලිය යුතු ප්‍රධාන කරුණකි. ප්‍රධාන මානසික බලපෑම් වන්නේ ආතතිය සහ සාංකාවයි. එය තනිකම, මානසික අවපීඩනය, නිරෝධායනය සහ එයින් මිනිසුන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම් කෙරෙහි ඇතිවන බලපෑම් නිසා ඇති විය හැක. විශේෂයෙන් සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සහ විවිධ සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින් තුල ඇති විය හැක.


මානසික ආතතියට ක්‍රමවත්ව මුහුණ දීම නිරෝගී පුද්ගලයෙකු වීමට ඉතා වැදගත් වේ. මානසික ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ඵලදායී උපාය මාර්ග කිහිපයක් පහත විස්තර කෙරේ.


ඔබේ පවුලේ අය හා මිතුරන් සමඟ නිතරම කතා කරන්න. දුක, ආතතිය, කෝපය, ව්‍යාකූලත්වය හෝ බය දැනීම වළක්වා ගැනීමට එය උපකාරී වේ.


නිරෝගී ආහාර රටාවක්, ප්‍රමාණවත් නින්දක්, නිසි ව්‍යායාම සහ ඔබේ ආදරණීයයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම මගින් නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න.


කාලය ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා ඔබ සතුව ඇති ඔබේ හැකියාවන් (චිත්‍ර ඇඳීම, ඉවුම් පිහුම්, නැටුම්, ගායනය, ඡායාරූපකරණය, ශිල්ප) භාවිතා කරන්න. මෙම අභියෝගාත්මක අවස්ථාව තුළ හැඟීම් හොඳින් කළමනාකරණය කිරීමට ඒවා ඔබට උපකාරී වේ.


ඔබට කිසියම් උපදෙසක් අවශ්‍ය නම්, උපදේශනය සදහා යොමුවන්න, ඔබේ හැඟීම් පාලනය කිරීම සඳහා ඇල්කොහොල් හෝ වෙනත් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වළකින්න.


ඔබව මානසික පීඩනයට ලක්වන දෑ නැරඹීම හෝ සවන් දීමට කාලය ගත නොකරන්න, ඒ වෙනුවට ඔබගේ පවුලේ අය සමග චිත්‍රපට නරබන්න, විනෝද ක්‍රීඩා වල නිරත වන්න.



ශානිකා අමරසේන



References


http://www.euro.who.int/en/health-topics/health-emergencies/coronavirus-covid-19/novel-coronavirus-2019-ncov-technical-guidance/coronavirus-disease-covid-19-outbreak-technical-guidance-europe/mental-health-and-covid-19


Commentaires


bottom of page