top of page

නිවසට වී සිටින අතරතුර යහපත් ආහාර රටාවක් පවත්වා ගනිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

COVID-19 පැතිරීම සීමා කිරීම සඳහා රටවල් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින්, සමාජ දුරස්ථභාවය සහ බොහෝ ව්‍යාපාර තාවකාලිකව වසා දැමීම මෙම කාලසීමවට පෙර ගත් ආහාර රටාවට බලපෑමක් ඇතිවී ඇත.


සෞඛ්‍යයට හොඳ පෝෂණයක් සහිත ආහාර ගැනීම ඉතා වැදගත් වේ, විශේෂයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට දුර්වල නොවී පවත්වා ගැනීමට වගබලා ගත යුතුය. කෙසේවෙතත්, සීමිත අමුද්‍රව්‍ය තිබියදීත් යමෙකුට හොඳ සෞඛ්‍යයක් ලබා දෙන ආහාර වේලක් දිගටම ආහාරයට ගත හැකිය.



නිසි පෝෂණය හා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. හොඳින් සමබර ආහාර වේලක් ගන්නා පුද්ගලයින්, වඩාත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහ පද්ධතියක් සහ නිදන්ගත රෝග සහ බෝවන රෝග සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් වේ. එබැවින් ඔබේ ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, ආහාරමය තන්තු, ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක ලබා ගැනීම සඳහා ඔබ දිනපතා විවිධ නැවුම් හා සැකසූ ආහාර අනුභව කළ යුතුය. එළවළු සහ පළතුරු සීමාව ඉක්මවා පිස නොගැනීමට වගබලා ගන්න. වැදගත් විටමින් නැති වීමට මෙය හේතු විය හැක. ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. සෑම දිනකම වතුර කෝප්ප 8-10 ක් පානය කරන්න.


අධික බර, තරබාරුකම, හෘද රෝග, ආඝාතය, දියවැඩියාව සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කිරගැනීමට සීනි, මේදය හා ලුණු අධික ආහාර ගැනීමෙන් වළකින්න. ඔබේ දෛනික ලුණු ප්‍රමාණය සීමා කරන්න, අයඩීකරණය කළ ලුණු භාවිතා කරන්න.


ස්වයං නිරෝධායනයේ සිටින හා සමාජ දුරස්භාවය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සඳහා පුද්ගලයන්ට සහාය වීම සඳහා, ඉහත දැක්වෙන මාර්ගෝපදේශ ප්‍රයෝජනවත් විය හැකිය.



චරිත් නිමේෂ


References


http://www.emro.who.int/nutrition/nutrition-infocus/nutrition-advice-for-adults-during-the-covid-19-outbreak.html








Comments


bottom of page