top of page

නව COVID 19 ව්‍යාප්තිය වැළැක්වීමට නිවැරැදිව දෑත් සෝදමු

Writer's picture: Wephysio MFCWephysio MFC

ඔබ අප සැවොම දන්නා පරිදි මේ වනවිට ශ්‍රී ලංකාවේ නව COVID-19 රෝගය පැතිරමින් පවතී. එබැවින් ආරක්ෂිත ලෙස සිටීම මෙන්ම වෛරසය පැතිරීම වළක්වා ගැනීම ද ඉතාමත් වැදගත් වේ.



නිවැරදිව Handwash කරන ආකාරය


නිවැරදිව Handrub කරන ආකාරය


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය ජනයා ද නිවැරැදිව දෑත් පිරිසිදු කිරීම මගින් මෙම ආසාදනය පැතිරීම වලක්වාගැනීමටත් ,එදිනෙදා ජීවිතය සෞඛ්‍යවත්ව ගත කිරීමටත් හැකියාව ලැබේ.


දෑත් යනු එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය පැතිරීමේ ප්‍රධානතම මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇත.මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයක් තුළ වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත්විමේ එක් පහසුම, ලාභදායී හා වඩාත් වැදගත්ම ක්‍රියා මාර්ගයක් ලෙස නිවැරැදි ආකාරයට දෑත් පිරිසිදු කිරීම හැදින්විය හැක.


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව,


Handwash නම් තත්පර 20-30 ක්

Handrub නම් තත්පර 40-60 ක්


අතර කාලයක් නිවැරැදිව දෑත් සේදීම කළ යුතුය.

එසේ නිවැරැදි ආකාරයට දෑත් පිරිසිදු කර ඔබගේත්, මගේත්, අප සැමගේත් වටිනා ජීවිත රැකගමු.



ඩිලූෂි කෞමදි



References


https://www.who.int/gpsc/5may/Hand_Hygiene_Why_How_and_When_Brochure.pdf

Comments


bottom of page