top of page

මොකක්ද මේ Ergonomics

Writer's picture: Wephysio MFCWephysio MFC
Ergonomics යනු කුමක්ද ?

Ergonomics යනු මිනිසුන් සහ පද්ධතියක අනෙකුත් අංග අතර අවබෝධය හා සම්බන්ධ විද්‍යාත්මක විනය සහ මානව යහපැවැත්ම සහ සමස්ත පද්ධති ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත කිරීම සඳහා සැලසුම් කිරීම සඳහා න්‍යාය, මූලධර්ම, දත්ත සහ ක්‍රමවේදයන් වේ.


Ergonomics පිලිබදව අප අවධානය යොමු කළ යුත්තේ ඇයි?

දුර්වල ergonomics භාවිතය (poor ergonomics) යන්නෙන් අදහස් වන්නේ පරිසරය, කාර්යයන් සහ උපකරණ අතර එකමුතුවක් නොමැති වීම වන අතර මෙය සෞඛ්‍ය ගැටලු සඳහාද හේතුවක් විය හැකිය. එබැවින් ඔබ වැඩ කරන අතරතුර නිවැරදි ergonomics මූලධර්ම භාවිතා කිරීම වැදගත්ය.


Ergonomics මූලධර්මවල ප්‍රතිලාභ ලෙස,

  • ඔබේ ඵලදායිතාවය සහ සුවපහසුව වැඩි කිරීම සිදුකරයි.

  • රැකියාවේදී සෞඛ්‍යය හා ආරක්ෂාව වැඩි දියුණු කිරීම සිදුකරයි.

  • වැඩ කිරීමේ ගුණාත්මකභාවය වැඩි කිරීම සිදුකරයි.

  • රැකියාවේ කාලය වැය වීම අඩු කරවයි.


අපගේ එදිනෙදා ජීවිතය සඳහා Ergonomics මූලධර්ම භාවිතා කළ හැකිය.


පරිගණක සමඟ කාර්යාලයේ වැඩ කරන විට, බර ඉසිලීමේදී, ලිවීමේදී, ජංගම දුරකථන භාවිතා කරන විටද අපගේ ශරීර යාන්ත්‍ර විද්‍යාව සහ නිවැරදි ඉරියව් භාවිතා කළ යුතුය. Ergonomics පුහුණු කිරීම, මිනිසුන් දැනුවත් කිරීම, ergonomics මාර්ගෝපදේශයන්ට අනුව සේවා ස්ථාන සැලසුම් කිරීම යනාදිය දී භෞතචිකිත්සක නිළධාරීන්ගෙන් සහාය ලබා ගතහැකි වේ. Ergonomics හිදී, එය සේවා ස්ථානවල සේවක සේවිකාවන්ට හා ක්‍රියා පිළිවෙළට සුදුසු ලෙස සේවා ස්ථාන සැලසුම් කිරීම සිදු කරයි.


නිවැරදි Ergonomics භාවිතය තුළින් එදිනෙදා කටයුතු පහසු කරගනිමු.



රුවිනි බුද්ධසිංහ



References


https://www.ergonomics.org.uk/Public/Resources/What_is_Ergonomics_.aspx

2 views0 comments

Comments


bottom of page