top of page

මොකක්ද මේ WHtR ?

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Jul 21, 2020

ඉණ සහ උස අනුපාතය(WHtR) යනු පුද්ගලයෙකුගේ ඉණ වටප්‍රමාණය ඔහුගේ හෝ ඇයගේ උසට දරන අනුපාතයයි. එය "මුල් කාලීන සෞඛ්‍ය අවදානම" නිර්ණය කරගැනීම සඳහා යොදාගන්නා මිනුමකි.


එය ශරීර ස්කන්ධ දර්ශකය (BMI) සහ ඉණ වටා ප්‍රමාණය(WC )යන දෙකෙහි සංයෝජනයක් ලෙස භාවිතා කරන ‘න්‍යාසයකට’ (matrix) වඩා ‘මුල් සෞඛ්‍ය අවදානම’ ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට යොදා ගන්නා පහසු ක්‍රමයකි. ශරීර ස්කන්ධ දර්ශකය (BMI) විසින් නිර්ණය කරන ලද සම්පූර්ණ තරබාරුකමට(Total obesity) සාපේක්ෂව, මධ්‍යම තරබාරුකම(Central obesity) වැඩි සෞඛ්‍ය අවදානමක් ඇති බවට නවතම පර්යේෂණවලින් සොයා ගෙන ඇත.

එබැවින් මධ්‍යම තරබාරුකම සඳහා මිනුමක් වන ඉණ වට ප්‍රමාණය (WC) සෞඛ්‍ය අවදානම කාණ්ඩ සඳහා BMI සමඟ ‘අනුකෘතියකට’ ඇතුළත් කළ යුතු යැයි යෝජනා වී ඇත.


ඒ හේතුවෙන් මධ්‍යම තරබාරුකම සඳහා තවත් ගණිත ක්‍රම භාවිතා කරමින්, ඉණ වටා ප්‍රමාණය සහ උස අතර අනුපාතය වන WHtR හදුන්වා දී ඇත.



වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා WHtR අගයයන්

පුරුෂ


0.63 හා ඊට වැඩි = අධික තරබාරු

0.58 - 0.63 = අතිශය අධි බර

0.53 - 0.58 = අධි බර

0.46 - 0.53 = සෞඛ්‍යමත්

0.43 - 0.46 = සිහින් නමුත් සෞඛ්‍යමත්

0.35 - 0.43 = අතිශය සිහින්

0.35 හෝ ඊට අඩු = අසාමාන්‍ය ලෙස සිහින්



ස්ත්‍රී


0.58 හා ඊට වැඩි = අධික තරබාරු

0.54 - 0.58 = අතිශය අධි බර

0.49 - 0.54 = අධි බර

0.46 - 0.49 = සෞඛ්‍යමත්

0.42 - 0.46 = සිහින් නමුත් සෞඛ්‍යමත්

0.35 - 0.42 = අතිශය සිහින්

0.35 හෝ ඊට අඩු = අසාමාන්‍ය ලෙස සිහින්



WHtR ගණනය කරන්නේ කෙසේද ?

WHtR යනු පුද්ගලයෙකු සඳහා ගණනය කරනු ලබන්නේ ගණිතමය සූත්‍රයක් භාවිතා කිරීමෙනි.


සූත්‍රය නම් - ඉණ වට ප්‍රමාණය (සෙන්ටිමීටර වලින්) උසින් (සෙන්ටිමීටර) බෙදූවිට ලැබෙන අගය යි. WHtR මායිම් අගය 0.5 කි.


ඉණ වට ප්‍රමාණය සහ උස මැනිය හැකි ආකාරය📏

  • ඉණ වට ප්‍රමානය මැනීම - මිනුම් පටිය ඔබේ පහළතම ඉළ ඇටය සහ උකුලේ ඉහළ කෙළවර අතර තිරස් අතට තැබීමෙන්/ නාභීයට 1ක් අගලක් ඉහලින් යන තිරස් වට ප්‍රමාණය

  • උස මැනීම - පොලොවේ මත සෘජුව දෙපයින් සිටගෙන සිටින විට,හිස මුදුනේ සිට බිම් මට්ටම දක්වා සිරස් උස මිනුම් පිටියෙන් මනින්න.


WHtR , 0.5 ලෙස සරල මායිම් අගයක් භාවිතා කිරීම නිසා , BMI සහ WC සඳහා වූ සාම්ප්‍රදායික මායිම් අගයන් භාවිතා කරමින් සිදු කරන වඩා සංකීර්ණ ගණිත කර්ම වලට වඩා ‘මුල් සෞඛ්‍ය අවදානම’ ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට මෙම WHtR අගය ලබා ගැනීම පහසු වේ. WHtR මධ්‍යම තරබාරුකම හා සම්බන්ධ ‘මුල් කාලීන අවදානම්’ පිළිබඳ සරල හා වඩා පුරෝකථන දර්ශකයක් වේ.


මෙම මායිම් අගය ලොව පුරා භාවිතා කර ඇති අතර, සෞඛ්‍ය අවදානම හඳුනා ගැනීම සඳහා WHtR සරල හා ඵලදායී මානව මනෝවිද්‍යාත්මක දර්ශකයක් යන මතය බොහෝ දෙනා විශ්වාස කරයි.


එමෙන්ම ඉණ ප්‍රදේශයේ ගබඩා කර ඇති අභ්‍යන්තර අතිරික්ත මේදය ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල ගබඩා කර ඇති මේදයට වඩා හෘද පටකවල තැන්පත් වන මේදය වැඩි අවදානමක් ඇති කරන බව මෑත සාක්ෂි පෙන්වා දී ඇත. එබැවින් අභ්‍යන්තර මේද ප්‍රමාණය මනිනු ලබන WHtR අගය BMI අගය හා සසදන විට තුන් ගුනයකින් නිවැරදි බව තහවුරු වී ඇත.


මෙම WHtR අගය මානව රෝගාබාධ සමඟ සමීප සම්බන්ධතාවක් පෙන්වා ඇති අතර WHtR අගය, BMI හා සසඳන විට මරණ අනුපාතය සමඟද පැහැදිලි සම්බන්ධතාවයක් දක්වා ඇත. සෞඛ්‍ය සම්පන්න BMI සහ ඉහළ WC සහිත පුද්ගලයින් අර්ථ දැක්වෙන්නේ ‘වැඩි නොවූ’ අවදානමක් ඇති අය ලෙසට ය. නමුත් වර්තමානයයේ, WHtR අගයහි පදනම මත වර්ගීකරණය කරන බැවින් BMI තත්ත්වය නොසලකා WHtR ≥0.5 ඇති අයව ‘වැඩි අවදානමක්’ ඇති අය ලෙස නම් කරයි.


සෞඛ්‍ය සම්පන්න පරාසය තුළ BMI ඇති, නමුත් WHtR< 0.5 ඇති පුද්ගලයින්ට වඩා , WHtR >0.5 සමඟ ‘සෞඛ්‍ය සම්පන්න’ BMI පරාසය තුළ සිටින අයට වඩා වැඩි අවදානමක් ඇති බව සැලකේ. මෙම 'මුල් වැඩි අවදානම්' කාණ්ඩයට වැටීමට පිරිමින් , කාන්තාවන්ට වඩා වැඩි ප්‍රවනතාවයක් ඇත.


නුසුදුසු WHtR අගය හේතුවෙන් සෞඛ්‍යය හා සම්බන්ධ ගැටළු මොනවාද ?

  • තරබාරුකම සහා ස්ථූලතාවය

  • අධි රුධිර පීඩනය

  • ඩිස්ලිපිඩිමියා

  • හෘද රෝග (CVD)

  • දියවැඩියාව


''ඔබේ ඉණ ඔබේ උසින් අඩකටත් වඩා අඩු මට්ටමක තබා ගන්න''



හසිනි අරුමාදුර



References


  • Prasad DS, Kabir Z, Suganthy JP, Dash AK, Das BC. Appropriate anthropometric indices to identify cardiometabolic risk in South Asians. WHO South-East Asia J Public Health 2013; 2(3-4): 142–148

  • https://www.coventrywarksapc.nhs.uk/Calculators/Waist-to-Height-Ratio

  • Ashwell, M. and Gibson, S. (2016) ‘Waist-to-height ratio as an indicator of early health risk: Simpler and more predictive than using a matrix based on BMI and waist circumference’, BMJ Open, 6(3).


10 views0 comments

Comments


bottom of page