top of page

රැකියා ස්ථානයේ COVID-19 පැතිරීම වලක්වා, ගමන් කිරීමේදී සූදානම්ව සිටිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Jul 19, 2020

COVID-19 සඳහා සූදානම් වීමට දැන් කාලය පැමිණ තිබේ. නමුත් අවදානම තවමත් පවතී. එබැවින් ඔබේ සේවා ස්ථානයේ COVID-19 පැතිරීම වැළැක්වීමට කාලය එළඹ ඇති අතර ව්‍යාපාරික චාරිකා, ක්ෂේත්‍ර චාරිකා සහ ඔබේ ජීවත්වන ප්‍රදේශයෙන් සේවා ස්ථානයට යන අතරතුර සූදානම්ව සිටින්න.


COVID-19 ගැන සේවායෝජකයින් සහ සංවිධායකයින් සිතිය යුත්තේ ඇයි?


සමාගමක හෝ සේවා ස්ථානයක හෝ කාර්යාලයක සේවා යෝජකයා COVID-19 වෙතින් ඇති විය හැකි අවදානම ගැන සිතා බැලිය යුතුය. මන්ද, ඔබේ සේවා ස්ථානයට පැමිණෙන පුද්ගලයින් හෝ ව්‍යාපාරික අරමුණු සඳහා පිටතට යන සේවකයින් යනාදින් නොදැනුවත්වම රැකියා ස්ථානයට COVID - 19 වෛරසය ගෙන ඒමට අවදානමක් ඇත. එවිට අනෙක් අය නොදැනුවත්ව COVID-19 වලට නිරාවරණය වේ. COVID-19 බොහෝ මිනිසුන්ට මෘදු රෝගයක් වුවද, එය ඉතා රෝගාතුර විය හැකිය. COVID-19 වැලඳෙන සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වේ. එබැවින් සරල පූර්වෝපායන් සහ සැලසුම් කිරීම් විශාල වෙනසක් ඇති කළ හැකිය. දැන් ම ක්‍රියාත්මක වීම ඔබේ සේවකයින් සහ ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කිරීමට උපකාරී වේ.


COVID-19 පැතිරීම වැලැක්වීම සඳහා ඔබගේ සේවා ස්ථානය සූදානම් කරන්නේ කෙසේදැයි බලමු


ඔබේ සේවා ස්ථානයේ COVID-19 පැතිරීම වළක්වන්න

ඔබේ සේවා ස්ථාන පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත බවට වග බලා ගන්න

  • ස්පර්ශිත දූෂිත පෘෂ්ඨයන් හා වස්තූන් විෂබීජ නාශක මගින් නිතිපතා පිස දමන්න.

මතුපිට (උදා: මේස සහ පුටු)

වස්තු (උදා: දුරකථන, යතුරුපුවරු)


නිතිපතා හා හොඳින් අත් සේදීම ප්‍රවර්ධනය කරන්න

  • සනීපාරක්ෂක අත් සේදුම්කාරක ඉසිනයන් ප්‍රමුඛ ස්ථානවල තබන්න.

  • මෙම අත් සේදුම්කාරක ඉසිනයන් නිතිපතා නැවත පුරවා ඇති බවට වග බලා ගන්න

  • සබන් හා වතුරෙන් අත් සේදීමේ ස්ථානවලට පිවිසීම සහතික කරගන්න

  • අත් සේදීම ප්‍රවර්ධනය කිරීම සඳහා පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න.

  • වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂක නිලධාරීන්ගේ මග පෙන්වීම.


රැකියා ස්ථානයේ යහපත් ශ්වසන සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම

  • යහපත් ශ්වසන සනීපාරක්ෂාව පිළිබඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න

  • සාමාන්‍ය වෛද්‍ය මුහුණු ආවරණ (N95 මුහුණු ආවරණ වෙනුවට) හෝ කඩදාසි අත් පිස්නා ඔබේ සේවා ස්ථානයේ තබා ගන්න.


සනීපාරක්ෂිතව බැහැර කිරීම සඳහා සංවෘත බඳුන් සකස් කරන්න.


ව්‍යාපාරික චාරිකා යාමට පෙර ජාතික සංචාරක උපදෙස් ලබා ගන්න.


රැකියා ස්ථානයේ සිටින කෙනෙකුට මෘදු කැස්සක් හෝ උණක් ඇත්නම් (37.3 C හෝ ඊට වැඩි) ඔවුන්ට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටින්න.


ඔබ සහ ඔබේ සේවකයින් ගමන් කරන විට COVID -19 පැතිරීම වළක්වන්න

ගමන් කිරීමට පෙර


  • COVID-19 පැතිරෙන ප්‍රදේශ පිළිබඳ නවතම තොරතුරු ගැන සැලකිලිමත් වන්න.

  • වයස්ගත සේවකයින් සහ බරපතල රෝගාබාධ (දියවැඩියාව, හෘද හා පෙනහළු රෝග) ඇති අය COVID-19 පැතිරෙන ප්‍රදේශවලට යැවීමෙන් වළකින්න.

  • COVID-19 වාර්තා කරන ස්ථාන කරා ගමන් කරන සියලුම පුද්ගලයින්ට සුදුසුකම් ලත් වෘත්තිකයෙකු (උදා: කාර්ය මණ්ඩල සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය සේවා සැපයුම්කරු හෝ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු) විසින් විස්තර කර ඇති බවට වග බලා ගන්න.

  • පිටත්වීමට සිටින සේවකයින් සඳහා කුඩා අත් සේදුම්කාරක ඉසිනයන් නිකුත් කරන්න.(මෙය නිතිපතා අත් සේදීම සඳහා පහසුකම් සපයයි.)



ගමන් කරන අතරතුර


  • නිතිපතා අත් සේදීමට දිරිගන්වන්න.

  • මිනිසුන්ගෙන් අවම වශයෙන් මීටර 1 ක් දුරින් සිටීමට වග බලා ගන්න.

  • ගමන් බිමන් යන විට අසනීප බවක් දැනේ නම් කුමක් කළ යුතුද සහ දැනුම් දිය යුත්තේ කාහටද යන්න දැන ගන්න.

  • සංචාරය කිරීම, ගමන් කිරීම හෝ සංචාරය කරන විශාල රැස්වීම් සඳහා වන දේශීය සීමාවන් පිළිබඳ ව පළාත් පාලන ආයතනවලින් උපදෙස් ලබා ගන්න.


සංචාරයෙන් ආපසු පැමිණෙන විට


  • COVID-19 පැතිරෙන ප්‍රදේශයකින් ආපසු පැමිණි පසු, රෝග ලක්ෂණ දින 14 ක් නිරීක්ෂණය කර දිනකට දෙවරක් උෂ්ණත්වය මැන ගන්න.

  • මෘදු කැස්සක් හෝ අඩු ශ්‍රේණියේ උණක් (එනම් 37.3 C හෝ ඊට වැඩි උෂ්ණත්වයක්) ඇති වුව ද නිවසේ රැඳී සිටිමින් ස්වයං නිරෝධායනය විය යුතුය.


(ස්වයං නිරෝධායනය - පවුලේ සාමාජිකයන් ද ඇතුළුව අනෙකුත් පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා (මීටර 1 ට අඩු) වළක්වා ගැනීම. ඔවුන්ගේ සෞඛ්‍ය සේවා සැපයුම්කරු හෝ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇමතීමට වග බලා ගන්න, ඔවුන්ගේ මෑත ගමන් සහ රෝග ලක්ෂණ පිළිබඳ විස්තර ලබා දෙන්න.)


ආශිංසනී ප්‍රනාන්දු


References


  • https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports

  • https://www.who.int/docs/default-source/coronaviruse/getting-workplace-ready-for-covid-19.pdf

  • https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019

  • https://www.epi-win.com/


10 views0 comments

Komentáře


bottom of page