top of page

රැස්වීම් සහ අවස්ථා සංවිධානය කිරීමේදී COVID-19 අවදානම් කළමනාකරණය කරමු

Writer's picture: Wephysio MFCWephysio MFC

COVID-19 සඳහා සූදානම් වීමට දැන් කාලය පැමිණ තිබේ. නමුත් අවදානම තවමත් පවතී. එබැවින් ඔබේ සේවා ස්ථානයේ COVID-19 පැතිරීම වැළැක්වීමටත්, රැස්වීම් සහ අවස්ථා සංවිධානය කිරීමේදී COVID-19 අවදානම කළමනාකරණය කිරීමටත්, රැස්වීම හෝ අවස්ථාව සිදුවන අතරතුරත් පසුවත් COVID - 19 අවදානම පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරීව දායක වන්න.


COVID-19 බොහෝ මිනිසුන්ට මෘදු රෝගයක් වුවද, එය ඉතා රෝගාතුර විය හැකිය. COVID-19 අල්ලා ගන්නා සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වේ.

එබැවින් සරල පූර්වෝපායන් සහ සැලසුම් කිරීම් විශාල වෙනසක් ඇති කළ හැකිය. දැන් ම ක්‍රියාත්මක වීමඔබේ සේවකයින් සහ ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කිරීමට උපකාරී වේ.


රැස්වීම් සහ උත්සව සංවිධානය කිරීමේදී COVID-19 අවදානම් කළමනාකරණය කරන්නේ කෙසේදැයි බලමු.


රැස්වීමට හෝ උත්සවයට පෙර

සූදානම් වීමේ සැලැස්මක් සංවර්ධනය කරන්න


  • සලකා බලන්න;

මුහුණට මුහුණ රැස්වීමක හෝ උත්සවයක අත්‍යවශ්‍යතාවය

දුරකථන සන්නිවේදනය හෝ මාර්ගගත සිදුවීම් හෝ රැස්වීම් ප්‍රතිස්ථාපනය කිරීම

සහභාගී වන පිරිස අඩු කිරීම.


  • සියලුම සහභාගිවන්නන් සඳහා ප්‍රමාණවත් සැපයුම් හා ද්‍රව්‍ය (කඩදාසි අත් පිස්නා සහ අත් සනීපාරක්ෂක) සහ ශ්වසන රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකුට ශල්‍ය මුහුණු ආවරණ පෙර ඇණවුම් කිරීම.




  • COVID - 19 හි යම් රෝග ලක්ෂණයක් ඇත්නම් හෝ අසනීප බවක් දැනේ නම් මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස සහභාගිවන්නන්ට උපදෙස් දෙන්න.

  • උත්සවයේ සිටින සෑම කෙනෙකුම (සංවිධායකයින්, සහභාගිවන්නන්, ආහාරපාන සපයන්නන් සහ අමුත්තන්) සම්බන්ධතා තොරතුරු සපයන බවට වග බලා ගන්න.

  • කිසියම් සහභාගිවන්නෙකු බෝවන රෝගයක් යැයි සැක කළහොත් ඔවුන්ගේ තොරතුරු ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය බලධාරීන්ට සපයන බවට පැහැදිලිව සඳහන් කරන්න.


ප්‍රතිචාර දැක්වීමේ සැලැස්මක් සකස් කරන්න (රැස්වීමේදී යමෙකු COVID-19 රෝග ලක්ෂණ වලින් රෝගාතුර වුවහොත් (වියළි කැස්ස, උණ).


  • අසනීප හෝ රෝග ලක්ෂණ ඇති අයෙකු සඳහා හුදකලා කාමරයක් සකස් කරන්න.

  • එතැන් සිට සෞඛ්‍ය ස්ථානයකට ආරක්ෂිතව මාරු කිරීමට සැලසුම් කරන්න.

  • රැස්වීම අතරතුරදී හෝ පසුව යමෙකු ආසාධිත බවට තහවුරු වූයේ නම් කුමක් කළ යුතු දැයි දැන ගන්න.

රැස්වීම හෝ සිදුවීම අතරතුර

  • උත්සවය ආරක්ෂිත කිරීම සඳහා සංවිධායකයින් විසින් ගෙන ඇති පියවර සහ COVID-19 පිළිබඳ තොරතුරු හෝ සංක්ෂිප්තයක් (වාචිකව හා ලිඛිතව) ලබා දීම.

  • විශ්වාසය ගොඩනඟන්න.

  • ස්පර්ශ නොකර ආචාර කිරීමට ක්‍රම පුහුණු වන්න.(ආයුබෝවන් කීම)

  • රැස්වීමේදී හෝ උත්සවයකට සහභාගී වන සියලු දෙනාටම නිතිපතා අත් සේදීම හෝ අත් සේදුම්කාරක ඉසිනයන් භාවිතා කිරීමට දිරිමත් කරන්න.

  • කැස්ස හෝ කිවිසුම්කදී වැලමිට නැමීමෙන් හෝ කඩදාසි අත් පිස්නයකින් මුහුණ ආවරණය කිරීමට සහභාගිවන්නන් දිරිමත් කරන්න.

  • කඩදාසි අත් පිස්න සැපයීම සහ බැහැර කිරීම සඳහා සංවෘත බඳුන් සැපයීම.

  • සේවා ස්ථානය වටා අත් සේදුම්කාරක ඉසිනයන් ප්‍රදර්ශනය කරන්න.

  • ඉඩක් ඇත්නම්, අවම වශයෙන් මීටර 1 ක් දුරින් ආසන සකස් කරන්න.

  • සේවා ස්ථානය හොඳින් වාතාශ්‍රය වීමට කවුළු සහ දොරවල් විවෘත කරන්න.

  • යමෙකුට අසනීප බවක් දැනෙන්නට පටන් ගන්නේ නම්, සූදානම් වීමේ සැලැස්ම අනුගමනය කරන්න හෝ හොට්ලයින් අමතන්න.

රැස්වීමෙන් පසු
  • COVID-19 වලට නිරාවරණය වී ඇති පුද්ගලයින් සොයා ගැනීමට සියලු සහභාගිවන්නන්ගේ නම් සහ සම්බන්ධතා තොරතුරු ලබා ගන්න (සිදුවීමෙන් ටික කලකට පසු සහභාගිවන්නන් එකක් හෝ වැඩි ගණනක් රෝගාතුර වුවහොත්.)

  • රැස්වීමේදී හෝ උත්සවයකදී යමෙකු COVID-19 සැක සහිත ලෙස හුදෙකලා වී ඇත්නම්, සහභාගිවන්නන්ට දැනුම් දිය යුතු අතර දින 14 ක් තිස්සේ රෝග ලක්ෂණ පිළිබඳව තමන්ම නිරීක්ෂණය කරන ලෙස උපදෙස් දිය යුතුය.

  • සහභාගිවන්නන්ට මෘදු කැස්සක් හෝ උණක් ඇති වුවහොත් ඔවුන් නිවසේ රැඳී සිට ස්වයං නිරෝධායනය විය යුතුය.


ආශිංසනී ප්‍රනාන්දු


References


  • https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports

  • https://www.who.int/docs/default-source/coronaviruse/getting-workplace-ready-for-covid-19.pdf

  • https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019

  • https://www.epi-win.com

3 views0 comments

Comments


bottom of page