දියවැඩියාව යනු කල්පවතින පරිවෘත්තීය රෝගයක් වන අතර මෙහිදී රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩි වීම සිදුවේ. මෙය සිදුවන්නේ ඉන්සියුලින් නිපදවීමේ දුර්වලතාවක්, ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් හෝ ඉහත සඳහන් දෙකම නිසා වියහැක.
දියවැඩියාව පාලනය සඳහා ඖෂධ සහ ආහාර පාලනයට අමතරව ශාරීරික ව්‍යායාම වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
දියවැඩියාව වර්ග දෙකක් පවතින අතර එම වර්ග දෙකම සඳහා ප්‍රතිකාර ලෙස ව්‍යායාම යොදගතහැකි වුවද ප්‍රධාන වශයෙන් වැඩිහිටියන්ට වැළඳෙන Type 2 දියවැඩියාව පාලනයේදී ව්‍යායාම අතිශයින් ප්‍රයෝජනවත් වේ.
ව්‍යායාම කිරීමේදී මාංශපේශීන් මගින් වැඩි වශයෙන් ග්ලූකෝස් පරිහරනය කරන බැවින් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩුවීම සිදුවනබව සොයාගෙන ඇත. ව්‍යායාම මගින් රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමට අමතරව ඉන්සියුලින් සඳහා සංවේදීතාවය වැඩිකිරීම සිදුකරන අතර දියවැඩියාව ආශ්‍රිත සංකූලතාවන් පාලනය කරයි.
Type 2 දියවැඩියාව පාලනයට සිදුකලහැකි ව්‍යායාම අතර ස්වායු ව්‍යායාම (Aerobic exercises), දරාගැනීමේ ව්‍යායාම ( Endurance exercises), ප්‍රතිරෝධයට එරෙහිව සිදුකරන ව්‍යායාම (Resistance exercises) ඇතුලත් වේ.
ස්වායු ව්‍යායාම ( Aerobic exercises)
ස්වායු ව්‍යායාම මගින් ඔක්සිජන් භාවිතය වැඩිදියුණු වන අතර ස්වසන පද්ධතිය හා රුධිර පරිවහන පද්ධතයේ නිසි ක්රියාකාරීත්වය වැඩි කරයි. පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම, ඔරු පැදීම හා දිවීම ස්වායු ව්‍යායාම (aerobic exercises) වලට උදාහරණ වේ. මධ්‍යම මට්ටමේ ස්වායු ව්‍යායාම මගින් දියවැඩියා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කරන අතර ඉහළ ධාරිතාවයේ ස්වායු ව්‍යායාම මගින් ශරීරයේ බර අඩු වීමක් සිදුකර ඉන්සියුලින් සඳහා සංවේදීතාව වැඩිකරයි.
ප්‍රතිරෝධයට එරෙහිව සිදුකරන ව්‍යායාම (Resistance exercises)
Resistance ව්‍යායාම මගින් type 2 දියවැඩියා රෝගීන් ඉන්සියුලින් සඳහා දක්වන ප්‍රතිරෝධය අවම කර රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. මෙම ව්‍යායාම ප්‍රතිරෝධයට එරෙහිව සිදුකරන ව්‍යායාම වේ. බර ඉසිලීම උදාහරන ලෙස දැක්විය හැක. ස්වායු ව්‍යායාම (aerobics) මෙන් නොව මෙහිදී උපකරන භාවිතා කිරීමක් සිදුවේ. Resistance ව්‍යායාම මගින් ඉන්සියුලින් සංවේදීතාව වැඩිකිරීමට අමතරව සිරුරේ මාංශපේශීන්ගේ ශක්තිය වැඩිකිරීම, අස්ථි ඝනත්වය වැඩිකිරීම මගින් සිරුරේ ක්රියාකාරීත්වය වැඩිකරයි. මෙමගින් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගී තත්වයන් වැළඳීම අවම වේ.
අනෙකුත් ව්‍යායාම ආකාර
Endurance exercises මඟින් මාංශපේශීන්ගේ දරාගැනීමේ හැකියාව වැඩිකරයි) - ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම
යෝග අභ්‍යාස මගින්ද දියවැඩියාව පාලනය කලහැකිබව සමීක්ෂණ මගින් හෙළි වී ඇත.
ව්‍යායාම මාලාවක අඩංගු වියයුතු කොටස්
ඇඟ උණුසුම් කිරීම (warm-up)
ඇදීමේ ව්‍යායාම (stretching)
ප්‍රධාන ව්‍යායාම (Main workout - Aerobics/Endurance/ Resistance)
ඇදීමේ ව්‍යායාම (stretching)
සිසිල් වීමේ ව්‍යායාම (cool-down)
ඇඟ උණුසුම් කිරීම (Warm-up)
උණුසුම් කිරීමේ ව්‍යායාම ලෙස මිනිත්තු 5 සිට 10 දක්වා අඩු තීව්‍රතාවයකින් යුත් ස්වායු ව්‍යායාම (ඇවිදීම, බයිසිකල් පැදීම) වේගවත් ඇවිදීම කරන්න.
ඇදීමේ ව්‍යායාම (Stretching)
උණුසුම් කිරීමේ ව්‍යායාම වලට පසු මිනිත්තු 5 සිට 10 දක්වා සාමානය ඇදීමේ ව්‍යායාම කරන්න.
ප්‍රධාන ව්‍යායාම (Main workout - Aerobics/Endurance/ Resistance)
දියවැඩියා රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් සදහා ප්‍රධාන ව්‍යායාම ලෙස මධ්‍යස්ථ ස්වායු ව්‍යායාම මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම මිනිත්තු 150 බැගින් සතියකට දින 3ක් කරන්න.
ස්වායු ව්‍යායාම (Aerobic exercises)
පිහිනීම
බයිසිකල් පැදීම
ඔරුපැදීම
දිවීම
Arm exercises
අනෙක් සැහැල්ලු ව්‍යායාම
දරාගැනීමේ ව්‍යායාම (Endurance exercises)
දිවීම
ඇවිදීම
බයිසිකල් පැදීම
ප්‍රතිරෝධයට එරෙහිව සිදුකරන ව්‍යායාම ( Resistance exercises)
Weight lifting
Thera band ව්‍යායාම
ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම (Cool Down)
ක්‍රමයෙන් හෘද ස්පන්දන වේගය පෙර ව්‍යායාම මට්ටමට ගෙන එනතුරු මිනිත්තු 5-10 අතර කාලයක් කරන්න.
සංවේදීතාව ව්‍යාකූලතා ඇති(Loss of protective sensation) දියවැඩියා රෝගීන් සඳහා සුදුසු නොවන ව්‍යායාම
Treadmill
අඛණ්ඩව ඇවිදීම
Jogging
Stepping
ව්‍යායාම කිරීම මගින් සැලසෙන වාසි
රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය වේ
රුධිර පීඩනය අඩුවීම මගින් අධිරුධිර පීඩනය හා හෘදයාබාධ වැළඳීමේ අවධානම අඩු වේ
ශරීරයේ බර අඩුවීම හා නිසි පරිදි පවත්වාගතහැකි වීම
මාංශපේශීන්ගේ ශක්තිය වැඩිවීම
මානසික ආතතිය අවම වී ජීවන තත්වය උසස් වීම
ව්‍යායාම කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුනු
රුධිරගත ග්ලූකෝස් ප්‍රමානය 100 mg/dl ට අඩු හෝ 250 mg/dl ට වැඩි නොවිය යුතුයි.
රුධිර සීනි ප්‍රමානය හ දිසි වැඩිවීමකට හෝ අඩුවීමකට සූදානම් වී සිටිය යුතුයි.
ව්‍යායාම කිරීමට පෙර පැයක් තුල ඉන්සියුලින් එන්නත් කර නොමැති විය යුතුයි.
ව්‍යායාම කිරීමට පැය දෙකකට පෙර ප්‍රධාන ආහාර වේල ලබාගෙන සිටිය යුතුයි.
ප්‍රමානවත් පරිදි ජලය පානය කර සිටිය යුතුයි.
ව්‍යායාම කිරීමේදී කෙටි ආහාරයක්, දොඩමි වීදුරුවක් හෝ කිරි වීදුරුවක් ලබාගැනීමට පහසුකම් සලසා තිබීම නිර්දේශ කොට ඇත.
දීර්ඝ වයායම මාලාවකදී සෑම විනාඩි 30 කට වරක් කෙටි ආහාරයක් ලබා ගැනීමට නිර්දේශ කොට ඇත.
ව්‍යායාම අතරතුර රෝගියාට මානසික ආතතියක් ඇති නොවිය යුතුයි.
ව්‍යායාම කරන ස්ථානය වශයෙන් එලිමහන් ස්ථාන වලට වඩා ඇතුලත ස්ථාන වඩා උචිත වේ.
අධික උණුසුම් අවස්ථාවල ව්‍යායාම සිදුනොකලයුතුයි.
සෑමවිටම ආරක්ෂිත පාවහන් පැළඳිය යුතුයි.
රාත්‍රි කාලයේ ව්‍යායාම සිදුනොකල යුතුයි.
දියවැඩියා රෝගියෙක් කිසිම අවස්ථාවක තනිව ව්‍යායාම සිදුනොකල යුතුයි. (අනපේක්ෂිත අවස්ථාවකදී උදව් අවශ්‍ය වන හෙයින්)
මෙම තොරතුරු සාමාන්‍ය දැනුම සඳහා වන අතර එය ලබා දී ඇත්තේ අධ්‍යාපනික කටයුතු සඳහා පමණි. දියවැඩියා රෝගයෙහි තත්ත්වය මත කළ යුතු ව්‍යායාම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එම නිසා ඔබට වඩාත් සුදුසු ව්‍යායාම පිළිබඳ ව දැන ගැනීමට ඔබේ භෞචිකිත්සකවරයාගෙන් උපදෙස් ලබා ගන්න.
References
Thent, Z. C., Das, S. and Henry, L. J. (2013) ‘Role of exercise in the management of diabetes mellitus: The global scenario’, PLoS ONE, 8(11), pp. 1–8.
Kaur, J., Singh, S. K. and Vij, J. S. (2015) ‘Physiotherapy and rehabilitation in the management of diabetes mellitus : A REVIEW’, 6(2), pp. 171–181.
Gelaw, A. Y. (2018) ‘Provisional chapter Exercise and Diabetes Mellitus Exercise and Diabetes Mellitus’, (July).
Comments