top of page

ශ්වසන රෝග පුනරුත්ථාපනයේ වැදගත්කම (Importance of Pulmonary Rehabilitation)

Writer's picture: Wephysio MFCWephysio MFC

ශ්වසන රෝග පුනරුත්ථාපනය යනු (Pulmonary rehabilitation) කුමක්ද?


නිදන්ගත ශ්වසන රෝග (Chronic Lung Diseases) ඇති පුද්ගලයින්ගේ කළමනාකරණය සහ සෞඛ්‍ය යහපතව පවත්වා ගැනීමේ වැදගත් අංගයකි. එය අධීක්ෂණය කරන ලද වැඩසටහනක් වන අතර ව්‍යායාම පුහුණුව(Exercise training), සෞඛ්‍ය අධ්‍යාපනය (Health Education) සහ වෙනත් තත්වයන් හේතුවෙන් පෙනහළු ආබාධ හෝ පෙනහළු ආබාධ ඇති පුද්ගලයින් සඳහා හුස්ම ගැනීමේ ක්‍රමවේදයන් ඇතුළත් වේ.


ශ්වසන රෝග පුනරුත්ථාපනයේ (Pulmonary Rehabilitation) අංග මොනවාද?

  1. රෝග විනිශ්චය (Patient assessment)

  2. ව්‍යායාම පුහුණුව (Exercise Training)

  3. පෝෂණ උපදේශනය (Nutritional Counselling)

  4. මනෝවිද්යාත්මක උපදේශනය (Psychological Counselling)

  5. රෝගය, කළමනාකරණය සහ ස්වයං රැකවරණය පිළිබඳ රෝගීන්ගේ අධ්‍යාපනය (Patient education on the disease, Management and Self care)


ශ්වසන රෝග පුනරුත්ථාපනයේ(Pulmonary rehabilitation) නියෙලීමට නුසුදුසු වන අය(Contraindications):

  • ඇවිදීමට නොහැකි අය

  • හදවත් රෝග සහිත අය (අස්ථායී ඇන්ජයිනා-unstable angina ඇති අය)

  • මෑතදී හෘදයාබාධ ඇතිවූ පුද්ගලයින් (myocardial infarction)

  • MRC dyspnoea ලකුණු 3–5 ක් ඇති අය ( හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පීඩා විදින අය)


නිදන්ගත පෙනහළු රෝග(Chronic Lung Diseases) ඇති පුද්ගලයින් එදිනෙදා ජීවිතයේදී ක්‍රියා කරන ආකාරය වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ව්‍යායාම(Exercises), අධ්‍යාපනය (education) සහ Behavioral intervention බහුලව ශ්වසන රෝග පුනරුත්ථාපනය යටතේ ඉහල නංවයි.


ශ්වසන රෝග පුනරුත්ථාපනයේ වාසි (advantages of pulmonary rehabilitation) මොනවාද?

රෝගියාගේ රෝග ලක්ෂණ අඩු කිරීම (Relieve symptoms)


ශ්වසන රෝග පුනරුත්ථාපනයේදී, රෝගියෙකු නිදන්ගත පෙනහළු රෝග (Chronic Lung Diseases) පාලනය කිරීම සඳහා අවශ්ය සියල්ල ඉගෙන ගනු ඇත. මෙම ආවරණයට සාමාන්‍යයෙන් ව්‍යායාම(Exercises), විවේකය(Relaxation), හුස්ම ගැනීමේ ක්‍රම(Breathing Techniques), පෝෂණ උපදෙස්(Nutritional Counselling), චිත්තවේගීය සහය(Emotional Support) සහ අවස්තාව අනුව කටයුතු කරන්නේ කෙසේද යන්න ඇතුළත් වේ. ඉතින්, එය රෝග ලක්ෂණ වලින් මිදීමට සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.


මාංශ පේශි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි


නිදන්ගත පෙනහළු රෝග (Chronic Lung Diseases)ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් { නාන අවස්තා( bathing) හෝ රැවුල බෑම(shaving) වැනි} පහසුවෙන් කිරීමට ව්‍යායාම පුහුණුව ප්‍රයෝජනවත් වේ. නිදන්ගත පෙනහළු රෝග නිසා මාංශ පේශි අහිමි විම් (Muscle loss) සිදු විය හැකි නිසා මෙවන් පුහුනුවීම් අත්‍යාවශ්‍ය වේ. ඒ අතරම උරහිස් මාංශ පේශි(shoulder muscles) සමහරක් හුස්ම ගැනීමේදී මෙන්ම දෑත් චලනය කිරීමේදීද මෙවන් රෝගීන් බහුලව යොදා ගනි. එම නිසා මෙවැනි පුහුණුවක් අවශ්‍ය වේ. එසේම හස්ත වැඩ සම්බන්ධ (Arm Work) ක්‍රියාකාරකම් වලදි ඉක්මනින් මෙම මාංශ පේශි විඩාවට පත්වේ. එබැවින්, ශ්වසන රෝග පුනරුත්ථාපන වැඩසටහන්(Pulmonary Rehabilitation Programme) මගින් ව්‍යායාම පුහුණුව මගින් මාංශ පේශි ශක්තිමත් කිරීම (Muscle strengthening) මගින් පාදයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.


ව්‍යායාම ධාරිතාව වැඩි දියුණු කරයි (Exercise capacity)


ව්‍යායාම පුහුණුවේදී ප්‍රධාන වශයෙන් වැඩි තීව්‍රතාවයකින්(high intensity) යුත් ව්‍යායාම පුහුණුව කෙරෙහි අවධානය යොමු කෙරේ. විකල්පයක් ලෙස, ඉහළ තීව්‍රතාවයකින් යුත් විඳදරාගැනීමේ ව්‍යායාමයක් කිරීමට නොහැකි අය අඩු තීව්‍රතාව විඳදරාගැනීමේ පුහුණුවක්(Low intensity exercise) හෝ කාල පරතරයක් පුහුණු කිරීමට (interval training) යොමු කල යුතුය.

පාද සදහා ව්‍යායාම පුහුණුවේ මූලික කොටසකි. එදිනෙදා ජීවිතයේ බොහෝ ක්‍රියාකාරකම් සඳහා ඇවිදීම( Waliking) අත්‍යවශ්‍ය වන හෙයින්, බොහෝ පුනරුත්ථාපන වැඩසටහන් (rehabilitation programmes) වඩාත් කැමති පුහුණු ක්‍රමයක් ලෙස ඇවිදීම (සමහර විට ට්‍රෙඩ්මිල්(treadmill walking) එකක) භාවිතා කරයි. සමහර අය ස්ථාවර බයිසිකලයක(Static Cycling) ව්‍යායාම කිරීමට කැමති විය හැකිය. පුද්ගලයාට සුවපහසු සහ තෘප්තිමත් වන ව්‍යායාමයක් තෝරා ගැනීම දිගු කාලීනව සහභාගී වීමට ඇති කැමැත්ත වැඩි කරයි.


පෙනහළු ආබාධ ඇති පුද්ගලයින්ගේ (Chronic lung diseases) ව්‍යායාම පුහුණුවේ වැදගත් අංගයන් වන්නේ Aerobic exercises සහ ශක්තිමත් කිරීමේ ව්‍යායාම ( Strength training) පුහුණු කිරීමයි. ශ්වසන රෝග පුනරුත්ථාපන (Pulmonary Rehabilitation) කටයුතුවල නිරත වීමෙන් රෝගීන්ගේ ව්‍යායාම ධාරිතාව (Exercise Caapacity) වැඩි දියුණු වේ.


චිත්තවේගීය ක්‍රියාකාරිත්වය ඉහල නංවයි (Improves Emotional Function)


ශ්වසන රෝග පුනරුත්ථාපන වැඩසටහන්(Pulmonary Rehabilitation Programmes) වලදී මනෝවිද්‍යාත්මක උපදේශනය (Psychological counselling)සමඟ චිත්තවේගීය ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වේ.


මෙහිදී,

  • සන්නිවේදනය(Communication) සහ අන්තර් පුද්ගල කුසලතා(Interpersonal Skills) වැඩි දියුණු කිරීම.

  • ස්වයං පිළිගැනීමක්(self-acceptence) සහ ආත්ම අභිමානය (self-esteem) ඇති වීම වැඩි කිරීම

  • ස්වයං-පරාජිත හැසිරීම්(self-defeating behaviours) / පුරුදු(habits) වෙනස් කිරීමේ හැකියාව.

  • කෝපය ඇතුළු හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම සහ කළමනාකරණය කිරීම.

  • මානසික අවපීඩනය(Depression), කාංසාව (Anxiety)හෝ වෙනත් මානසික සෞඛ්‍ය තත්වයන්ගෙන් ඇතිවීම පාලනය.


ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි (Quality of Life -QoL)


ශ්වසන රෝග පුනරුත්ථාපනයේ සියලුම අංග (Components) පුද්ගලයාගේ ජීවන තත්ත්වය නංවාලීමට උපකාරී වේ.


දැනුම සහ ස්වයං-කාර්යක්ෂමතාව (self-efficacy) ඉහල නංවයි.


ඔබේ ශ්වසන රෝග පුනරුත්ථාපන වැඩසටහන අතරතුර, රෝගියා සහ පවුල් අධ්‍යාපනය (Familiy education) කෙරෙහි විශාල අවධානයක් යොමු කෙරේ. දැනුමැති පවුලේ සාමාජිකයින්ගේ සහාය ඇතිව නිවසේදී ඔබේ රෝගය වඩා හොඳින් කළමනාකරණය කිරීමට මෙයින් හැකියාව ලබා දෙයි.



දිනූෂි නයංජනා



References


  • https://www.verywellhealth.com/pulmonary-rehabilitation-914701

  • https://pulmonaryrehab.com.au/introduction/what-is-the-program-about/

33 views1 comment

1 Comment


Good Post

Like
bottom of page