top of page
Writer's pictureWephysio MFC

ගර්භනී සමයේදී ඇති වන biomechanical වෙනස්වීම්

නිර්නණාල ග්‍රන්ථි පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බස්‍රාවී පද්ධතිය , ආහර ජීර්ණ පද්ධතිය , අස්ථි හා මාංශ පේශි පද්ධතිය සහ ප්‍රජනන පද්ධතිය වල සිදු වන වෙනස්වීම් හේතුවෙන් ගර්භනී සමයෙදී කාන්තාකගේ ශරීරයේ විශාල වෙනස්වීම් සිදු වේ. ඒ අතරින් කොදු ඇට පෙළෙහි ඇති වන වෙනස්වීම් , සමබරතාවයේ ඇති වන වෙනස්වීම් , ඇවිදින ආකාරයේ ඇතිවන වෙනස්වීම් සහ සන්ධි වල ඇතිවන ලිහිල් වීම් ගර්භනී සමයේදී ඇතිවන Biomechanical වෙනස්වීම් ලෙස සැලකිය හැක. මෙම වෙනස්වීම් කොන්දේ වේදනාව , ඉකිලි වේදනාව (groin pain), සයටිකා/sciatica (පාදය දිගේ ඇතිවන වේදනාව), ඉරියව් වල සහ ඇවිදීමේ අසාමාන්‍යතා, වැටීමේ අවදානම(risk of falls) ඉහළ ගොස් ජීවන තත්ත්වයේ ගුණාත්මක බව (quality of life) පහළ යෑමට මූලික වෙයි.



කොදු ඇට පෙළෙහි ඇතිවන වෙනස්වීම

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ කොදු ඇට පෙළෙහි ඇතුළ් දෙසට ඇති වක්‍ර( inward curves) සහ පිටත දෙසට ඇති වක්‍ර (outward curves) යන දෙආකරයම දැක ගත හැක. Inward curves කොදු ඇට පෙළෙහි ග්‍රෛවී ප්‍රදේශයේ (ගෙල ප්‍රදේශයේ ) සහ කඨී ප්‍රදේශයේ (කොන්ද ප්‍රදේශයේ) දැක ගත හැක. Outward curves කොදු ඇට පෙළෙහි උරස් ප්‍රදේශයේ සහ කොදු ඇට පෙළෙහි පහළම ප්‍රදේශයේ (sacral area) දැක ගත හැක.


ගර්භනී සමයේදී , ශරීරයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයේ (centre of gravity) පිහිටීම වෙනස්වී එය ඉදිරියට ගමන් කරයි. එමනිසා ශරීරයේ සමතුලිතතාවය බිද වැටේ. ඒ හෙතුවෙන් යළිත් සමතුලිතතාවය ඇතිකර ගැනීමට ශරීරය කොදු ඇට පෙළෙහි කඨී ප්‍රදේශයේ පිටුපස වැඩිපුර නැමීමක් සිදුවේ. එමගින් කොන්දේ කඨී ප්‍රදේශයේ ඇති වක්‍රතාවය( lumbar lordosis) වැඩි වීමක් සිදුවේ. මෙය කොන්දේ වේදනාවට මූලික හේතුවකි. එහිදී කොදු ඇට පෙළ දෙපස ඇති මාංශ පේශීන් වල ආතතිය වැඩිවන අතර තට්ටම් ප්රදේශයේ ඇති මාංශ පේශින්( Gluteus muscles) දුර්වල වීමක් සිදුවේ.


ශ්‍රෝණි මේඛලාවේ (pelvis) ඇතිවන වෙනස්වීම්

ශ්‍රෝණි මේඛලාව යනු බේසමක ආකරයෙන් අස්ථි වලින් සැකසුණු ඉණ ආශ්‍රිතව පවතින කොදු ඇට පෙළ සහ පාද වල අස්ථි සම්බන්ධ වන කොටසකි. ගර්භනී සමයේදී මෙම ශ්‍රෝණි මේඛලාව ඉදිරිපසට ඇල(anterior tilt) වීමක් සිදුවේ. එමගින් තවදුරටත් කොදු ඇට පෙළෙහි කඨී වක්‍රය වැඩි වීමක් සිදුවේ. ඒ වගේම කොදු ඇට පෙළ සහ ශ්‍රෝණි මේඛලාව සම්බන්ධ වන මාංශ පේශි කාණ්ඩය වන hip flexor මාංශ පේශීන් දිගින් කෙටි වීමක් සිදුවේ.


ගර්භනී සමයේදී ස්‍රාවය වන රිලැක්සීන්( Relaxin) සහ ප්‍රොජෙටරෝන් (proprogesterone) හෝර්මෝන නිසා දුර්වල වන උදර ප්රදේශයේ මාංශ පේශින් සහ උදරයේ ප්රමාණය විශාල වීම නිසා උදරයේ මාංශ පේශින් ප්‍රමාණය ඉක්මවා ඇදීමට ලක්වීම ශ්‍රෝණි මේඛලාව ඉදිරියට ඇල වීමට හේතුවේ.

සමතුලිතතාවයේ සිදුවන වෙනස්වීම

ගර්භනී සමයේදී ස්තිථික සමතුලිතතාවය (static balance) සහ ගතික සමතුලිතතාවය (dynamic balance) යන දෙකම අඩු වීමකට ලක්වේ. මෙයට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වීම සහ සන්ධි වල ඇතිවන ලිහිල් වීම්ය. මෙහිදී ඇතිවන අසමතුලිතතාවයට එරෙහිව යළි සමතුලිතතාවයක් ඇති කරගැනීමට ඉරියව් වල සහ ඇවිදීමේ විලාසය වෙනස් කරගැනීමට ගර්භනී කාන්තාවන් නැඹුරු වේ.


ඇවිදින විලාසයේ (Gait cycle) සිදුවන වෙනස්වීම්

ඇවිදින ඉරියව් චක්‍රයේ (gait cycle) ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැක. ඒවා නම් stance phase සහ swing phase ය. Stance phase එක පාදය පොළොව ස්පර්ශ වන මොහොතේ ආරම්භ වන අතර පාදය පොළොවෙන් ඉවත් වන අවස්ථාව දක්වා පවතී. Swing phase එක පාදය පොළොවෙන් ඉවත් වන අවස්ථාවේ සිට නැවත පාදය පොළොව ස්පර්ශ වන තෙක් පවතී. ඒවගේම මෙම gait cycle එක single limb support සහ double limb support ලෙස ද ආකාර දෙකකට වෙන් කල හැක. Single limb support අවධියේ දී එක් පාදයකින් පමණක් පොළවේ ස්පර්ශ වන අතර double limb support අවධියේ දී පාද දෙකම පොළවේ ස්පර්ශ වේ.


ගර්භනී සමයේදී gait cycle එකේ stride length එක අඩු වන අතර step width එක වැඩිවීමක් සිදුවේ. එය base of support වැඩිකර ඇවිදීමේදී සමතුලිතතාවය වැඩිකර ගැනීමට සිදු කරගන්නා වෙනස් කමකි. ඒ වගේම ඔවුන්ගේ gait cycle එකේ single limb support අවධිය සහ swing phase එක අඩු වන අතර double limb support අවධිය සහ stance phase එක දිගු වේ.


ගර්භනී සමයේදී ශරීරයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයේ වෙනස්වීම් නිසා, ශ්‍රෝණි මේකලාවේ මාංශ පේශි දුර්වල වීම නිසාත් සන්ධි ලිහිල් වීම නිසාත් ඔවුන් ඇවිදින විලාසයෙහි වෙනස්වීම් ඇති වේ. එම ආකාරය pregnancy waddling gait pattern ලෙස හදුන්වයි.


සන්ධි ලිහිල් වීම

ස්වභාවයෙන්ම ගර්භනී කාන්තාවකගේ කළලය වර්ධනයට වැඩි අවකාශයක් ලබා දීමට Relaxin ස්‍රාවය කරමින් ශ්‍රෝණි මේඛලාව සන්ධි සහ බන්ධනී ලිහිල් වීමක් සිදු වේ. නමුත් මෙම Relaxin ශ්‍රෝණි මේඛලාවේ සන්ධි පමණක් නොව මුලු ශරීරයේම පවතින සන්ධි ලිහිල් කිරීමක් සිදු කරයි. මෙම ලිහිල් වීම් කොන්දේ වේදනා, ඉකිලි වේදනාව සහ ඉරියව් අසාමාන්‍යතා වැනි සංකූලතා රැසකට මුල පුරයි.


Biomechanical වෙනස්වීම් නිසා සිදු වන සංකූලතා අවම කරගැනීමට නිවැරැදි ඉරියව් පවත්වා ගැනීම.


  • භෞතචිකිත්සක නිළධාරී වරයෙකුගේ උපදෙස් අනුව නිසි වියයාම සිදු කිරීම.

  • යහපත් භෞතික ක්‍රියාකාරී මට්ටම (physical activity level) පවත්වා ගැනීම.

  • විශාල ප්‍රමාණයේ බර එසවීමෙන් වැළැක්වීම සහ නිවැරැදි අයුරින් බර එසවීම.

  • සුවපහසු සහ ආරක්ශිත පාවහන් පැළන්දීම.


සමීෂා දේව්න්දි



Reference



Conder, Rebecca & Zamani, Reza & Akrami, Mohammad. (2019). The Biomechanics of Pregnancy: A Systematic Review. Journal of Functional Morphology and Kinesiology. 4. 10.3390/jfmk4040072.

Branco, M., Santos-Rocha, R. and Vieira, F. (2014) ‘Biomechanics of gait during pregnancy’, Scientific World Journal, 2014.

25 views0 comments

Comments


bottom of page