top of page

ඇදුම රෝගීන් සඳහා භෞතචිකිත්සාව වැදගත් වන්නේ ඇයි?

Writer's picture: Wephysio MFCWephysio MFC

ඇදුම රෝගයෙන් පෙළෙන අය අඩු ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වන්නේ ඔවුන්ගේ වටහාගත් බාදක සහ ඇදුම පිළිබඳ භීතිය නිසාය. දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි වයස්ගත වීමත් සමඟ පොදු රෝග සඳහා අලස ජීවන රටාව ප්‍රධාන හේතුවකි.


භෞතචිකිත්සාව ඇදුම කළමනාකරණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි.


ඇදුම රෝගීන් සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර වල වැදගත්කම

  • ඇදුම නැවත නැවත ඇති වීම අවම කරයි, එමඟින් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ළමුන් අක්‍රීයව සිටීම අඩු කිරීම සහ ඉගෙනීම වැඩි දියුණු කිරීම සහ ළමුන්ගේ ක්‍රීඩා ක්‍රියාකාරිත්වයට ඍණාත්මක බලපෑමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා භෞතචිකිත්සාව වැදගත් වේ. වැඩිහිටියන් හා ළමුන් යන දෙඅංශයෙන්ම රෝහල් ගතවීමට සිදු වන නිසා ඒ සඳහා වන පිරිවැය අඩු කරනු ඇත.

  • පෙනහළුවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම මඟින් සමස්ත ශක්තිය වර්ධනය වන අතර පුද්ගලයෙකුට හුස්ම හිරවීම දැනෙන කාලය අඩු කරයි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් ඇදුම රෝග ලක්ෂණ ඇති කරන ඉහළ ශ්වසන පද්ධතියේ ආසාදන ඇති වීමේ අවදානම අඩු කරයි.

  • ශරීරයේ බර අඩු කර ගැනීම සහ ඇදුම රෝගයේ බරපතල බව අඩු කිරීම ඇදුම රෝග අවදානම අඩු කරයි. හුස්ම ගැනීම පහසු කිරීම මඟින් ක්‍රීඩාවට සහභාගී වීම, පාසලට පැමිණීම සහ වැඩ කිරීම පහසු කිරීම මගින් එදිනෙදා ජීවිතයේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි දියුණු කරනු ඇත.

  • ශ්වසනය සඳහා වන මාංශ පේශි ශක්තිමත් කිරීම මගින් බාධාකාරී පෙනහළු ආබාධ සඳහා ඇති අවස්ථාව අඩු කර එය නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීමට ද උපකාරී වේ ව්‍යායාම දරාගත හැකි ප්රමාණය වැඩි කිරීමෙන්, එය දවස පුරා ශක්ති මට්ටම ඉහළ නැංවීමට සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග අවදානම අවම කිරීමට උපකාරී වේ.

  • මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය අඩු කිරීම යහපත් මානසික සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු වීමටත් දෙෙනික ක්‍රියාකාරකම්වල ඵලදායලදායීතාවය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. ස්වාධීන පුද්ගලයකු තුළ ගොඩනඟා සාර්ථක ජීවිතයක් ගත කරන ජීවන තත්ත්වය වැඩිදියුණු කරයි.



දනූෂා පුෂ්පාකරපිල්ලේ



References


  • Bruurs, M. L. J., Van Der Giessen, L. J. and Moed, H. (2013) ‘The effectiveness of physiotherapy in patients with asthma: A systematic review of the literature’, Respiratory Medicine. Elsevier Ltd, 107(4), pp. 483–494.

  • https://www.medicalnewstoday.com/articles/324445

50 views0 comments

Comments


bottom of page