top of page

ඉන්හේලර නිවැරදි භාවිතය ගැන අපි දැන ගනිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Jul 30, 2020

ඉන්හේලරය යනු ඇදුම, chronic obstructive pulmonary disease වැනි ස්වසන මාර්ගය ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා උපකරණයක් වන අතර එමගින් ස්වසන මාර්ගයට හා පෙණහළු වලට ඖෂධ ලබාදීම සිදුකරයි. එය ඔබට ඍජුවම ඉලක්ක ස්ථානයට ඖෂධ ආශ්වාස කිරීමට උපකාරී වේ. නිවැරදි ආකාරයට ඉන්හේලරය භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ පාලනය කරගත හැකි වන අතර ඖෂධ මගින් ඇතිවන අතුරු ආබාධයන්ද අවම කරයි.


ඉන්හේලරයක් නිවැරදි ආකාරයට භාවිතා කිරීමෙන් ඇතිවන වාසි.

  • ඇදුම රෝගයට නැවත ගොදුරු වීමේ අවදානම අඩුවීම.

  • ඇදුම ප්‍රේරක වලට හොඳින් මුහුණ දිය හැකි වීම.

  • රාත්‍රීයේදී සුවපහසු නින්දක් ලැබීම.

  • ව්‍යායාම හා පවුලේ කටයුතූ සමග සම්බන්ධ විය හැකි වීම.

  • උගූරේ වේදනාව වැනි අතුරු ආබාධ අවම වීම.


ඉන්හේලර වර්ග

ක්‍රියාකාරී ක්‍රමයට අනුව ඉන්හේලර වර්ග 3ක් පවතී.



භාවිතා කරන ආකාර





  1. ආවරණය ඉවත් කරන්න

  2. ඉන්හේලරය කෙලින් කර තත්පර 5ක් සොලවන්න

  3. හුස්ම හොඳින් පිට කරන්න

  4. මුව නලය (mouthpiece) ඔබේ මුඛයෙහි තබාගන්න. ඔබගේ දිව මගින් ඉන්හේලරයේ විවෘත ස්ථානය අවහිර නොවන බවත් දෙතොල් මගින් මුව නලය (mouthpiece) තදින් රඳවාගෙන ඇති බවත් සහතික කර ගන්න.

  5. ඉන්හේලරයේ මුදුන පහළට තද කරන්න. එවිටම පෙණහළු සම්පූර්ණයෙන් පිරෙන ලෙස හොඳ හුස්මක් අරගන්න.(තත්පර 4-6)

  6. ඔබට හැකිතරම් කාලයක් ඖෂධ පෙණහළු තූල රඳවාගන්න.(තත්පර 5-10)

  7. හුස්ම පිට කරන්න

  8. පළමු අවස්ථාවේදී ප්‍රමාණවත් තරම් හුස්මක් නොගත්තේ නම් තත්පර 15-30 කට පසු නැවත වරක් උත්සහ කරන්න.

  9. මුව නලයේ ආවරණය සවිකරන්න.


ඔබ අවකාශකය සහිතව මිනුම් මාත්‍රා ඉන්හේලරය (metered Dose Inhaler with a spacer) භාවිතා කරන්නේ නම් මුව නලයේ (mouthpiece) ආවරණය ඉවත් කිරීමෙන් පසුව එය අවකාශකයට (spacer)සවිකර ඉහත ආකාරයට භාවිතා කරනන.



ආවරණය ඉවත් කරන්න

  1. ඖෂධ කැප්සියුලය ඉන්හේලරය තූලට දමන්න

  2. හුස්ම හොඳින් පිට කරන්න

  3. මුව නලය(mouthpiece) ඔබේ දත් අතර තබාගෙන දෙතොල් මගින් මුව නලය තදින් රඳවාගන්න

  4. තත්පර 2-3 ක් දක්වා හොඳ හුස්මක් අරගන්න

  5. ඉන්හේලරය ඉවත් කර හැකිතරම් හුස්ම රඳවාගන්න.(තත්පර 4-10)

  6. සෙමෙන් හුස්ම පිට කරන්න



  1. ආවරණය ඉවත් කරන්න

  2. හුස්ම හොඳින් පිට කරන්න

  3. මුඛය මගින් මුව නලය(mouthpiece) තදින් රඳවාගන්න. උපකරණයේ පැත්තෙන් ඇති වායු කූහර ආවරණය නොකරන්න

  4. මාත්‍රාව මුදැහැරීමේ බොත්තම ඔබමින් සෙමෙන් ගැඹුරු හුස්මක් ගන්න.( මීදුම ආශ්වාස කරන්න)

  5. තත්පර 10ක් දක්වා හුස්ම රඳවාගන්න


ඔබට නිර්දේශිත ආශ්වාසක(puffs) ප්‍රමාණය ගන්න.

ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය සෝදන්න.


ඉන්හේලරය පිරිසිදු කරන ආකාරය

හැකි සෑම අවස්ථාවකදීම භාවිතයෙන් පසු ඉන්හේලරය පිරිසිදු කරන්න


  • මුව නලයෙන් (mouthpiece) ආවරණය හා කැනිස්ටරය ගලවා ඉවත්කරගන්න.

  • කැනිස්ටරය වතූරට දැමීම හෝ සේදීම නොකරන්න.

  • මුව නලයෙන් තත්පර 30-60 පමණ කාලයක් උණුසුම් ජලය ගලායාමට සලස්වන්න.

  • මුව නලයේ ඖෂධ රැඳීඇත්නම් මෘදු රෙදි කැබැල්ලක් භාවිතයෙන් ඉවත් කරගන්න.

  • මුව නලය හොඳින් සොලවා ජලය ඉවත් කරගන්න.

  • මුව නලය හොඳින් වියළීමට තබන්න.


ඉෂාරා ජයසේකර



References


  • https://www.healthnavigator.org.nz/medicines/i/inhaler-devices/

  • https://www.healthline.com/health/copd/inhaler-nebulizer

  • https://www.webmd.com/asthma/guide/when-to-use-inhaler

  • https://www.wikihow.com/Use-an-Inhaler

24 views0 comments

Kommentare


bottom of page